රයිගම ප්‍රභූරාජ නිශ්ශංක අලකේෂ්වර

විකිපීඩියා වෙතින්

ප්‍රභූරාජ මහා නිශ්ශංක අලකේෂ්වර (දොළොස්වන අලකේෂ්වර)

රයිගම පාලකයන් අතර ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස සැළකේ. දසවන අලකේෂ්වරයන්ගේ ඇස් අන්ධ කර ඔහු පුත් එකොලොස්වන අලකේෂ්වරයානන් බලය අල්ලා ගැනීම ජනතාව අතර නොසතුටට හේතු විය. ගම්පල තුන්වන වික්ර්මබාහු රජුගේද විරෝධයට ලක්විය.

මේ අවස්ථාවේ ගම්පළට පාලනය කරවුන් අතර දසවන අලකේෂ්වරයානන්ගේ නැගණියද වේ. ඇය කෑරගල ලිපියේ සඳහන් පද්මාවතියවේ. ඇගේ හා මිගන්තරු දළසෙන්ගමු අර්ථනායක ඇමතිතුමාගේත් පුත්‍රයෙකි අලකේෂ්වර පවුලේ අතිදක්ෂයා වූ නිශ්ශංක අලකේෂ්වරයානන්.

කාලයක් පේරාදෙනියේ සිටිමින් සේනා සංවිධානය කලේය. ඔහු යටතේ ගමන් ගත් සේනාවක් විසින් එකොලොස්වන අලකේෂ්වරයානන් බලයෙන් පහකර ප්ර භූරාජ පදවියෙන් පිදුම් ලබන දොළොස්වන අලකේෂ්වර නොහොත් ප්ර්භූරාජ නිශ්ශංක අලගක්කෝනාරයන් රයිගම බලයට පත්වේ. මේ බව රාජරතනාකරයේ විස්තරවේ.

මෙසේ එකොලොස්වන අලකේෂ්වර පරදවා ප්රනභූරාජයන් බලයට පත්වන්නේ ක්රි..ව 1358 – 1360 අතර කාල සීමාවේ යැයි සැලකේ.

මෙම මහා අලකේෂවරයානන්ව වන්දි බට්ටයින් විසින් වර්ණනා කරන ලද්දේ රාජග්රාලම ජංම ප්ර වේණි, ගිරි වංශාභී ජාත, වණිඛ් වංශ සිඛාමණී, නිශ්ශංක අලකේෂ්වර යන නමිනි. ප්ර භූරාජ මහා අලකේෂ්වරයන්ට සොයුරන් දෙදෙනෙක් විය. ඒ දෙව්හිමි ඈපානන් හා අර්ථනායකයන්ය. මේ තුන් සොහොයුරන්ගේ එකගෙයි බිසව වූයේ ගම්පළ තුන්වන වික්රාමබාහු රජුගේ නැගනිය ජයසිරි කුමරියයි. මෙයින් අලකේෂ්වර පවුල සිංහලේ රාජ පරම්පරාව හා ඥාතීත්වයක් ඇති කර ගත්තේය. ඔවුන්ගේ බලවත්වීම මෙම ඥාති සබදකම බෙහෙවින්ම බලපෑවේය.

බලයට පත්වූ සැනින් විදිමත් පාලන යන්ත්රරණයක් සංවිධානය කර ගත් මෙතුමා ජනතාව අතර ජනාදරයට පත්වේ. බලවත් රයිගම රාජධානියක් සඳහා අඩිතාලම දැමූ මෙතුමා වෙළදාම දියුණු කිරීමට කටයුතු යෙදීය. පානදුර හා බේරුවල වරායන් වැඩිදියුනු කර සඹරගොමු ආදී පෙදෙස් වලින් ලැබෙන මැණික්, අලි ඇතුන් ආදීය අපනයනය කරන්නට විය. මෙකල උඩුගහ පත්තුවේ සිට පානදුර තොටමුණට ඇතුන් ගෙන යනයෑමට, කරත්ත ගමන් කිරීමට, අසුන්ට ගමන් කිරීමට, පදිකයන්ට ගමන් කිරීමට ආදී වශයෙන් කොටස් වෙන් කළ අඩි හැටක පමණ වත්මන් අර්ථයෙන් මන්තීරු ගණනාවක මාවතක් වූ බව ජනශ්රැළතියේ එයි.

මේ අතර ගම්පළ හා දැදිගම පාලකයින් අතර ගැටුම් ඇතිවිය. ගම්පළ රජු උතුරේ ආර්යචක්රමවර්තීගෙන් උදව් ඉල්ලා සිටියේය. මෙයට හිලව් ලෙස එකල උතුරේ පාලකයා වූ සවුලු පති මර්තණ්ඩම් පෙරුමාල් නැමැති ආර්යචක්රමවර්තී පාලකයාට මාතලේ අවට මඩිගයන්හි බදු එකතු කිරීමට ඉඩදීමට සිදුවිය. මේ බව මැදවල සෙල්ලිපියේ සඳහන්ය.

මෙසේ බලවත් වූ ආර්යචක්රවර්තී පාලකයා ඉංදියාවේ විජයනගර අධිරාජයෙන්ද උපකාරගෙන ගම්පළ රාජධානිය ආක්ර මණය කළේය. මෙහිදී ආරක්ෂාව පතා තුන්වන වික්රගබාහු රජුට රයිගමට පලා ඒමට සිදුවිය. රයිගම ප්රීභූරාජයන්ගේ හමුදා සහය ඇතිව කෙටිකලකින් සතුරන් පරදවා ගම්පල නැවත දිනා ගැනීමට හැකිවිය.

මෙසේ සිය විජිතය පවා ආරක්ෂා කර ගැනීමට බැරිවූ රජුව රැක ගත් ප්ර.භූරාජ මහා අලකේෂ්වරයන් සතුරන්ගෙන් රට, ජාතිය, ආගමට වන විපත ගැන සලකා බලා විධිමත් ආරක්ෂක සංවිධානයක් ඇති කිරීමට කටයුතු යෙදීය.

මේ අතර උතුරේ පාලකයින් වූ ආර්යචක්රමවර්තී වරුන් ඉංදියාවේ විජය නගර් අධිරාජයේ ආධිපත්යඋය පිළිගත් පවට සැක කෙරේ. මේ නිසාදෝ ඔවුන් මේ සමයේ වඩාත් ආක්රතමනශීලීත්වයක් පෙන්නුම් කරයි.

මේ යුගයට අයත් ‘ධර්මකීර්ති නම් හිමි නමක් විසින් රචිත නිකාය සංග්රයහයේ වික්රමමබාහු මහ රජ කල්හි ගිරිවංශාජාත, ප්ර භූරාජ අලකේෂ්වරයානෝ, මහත් තේජස් සහිතව වෙසෙමින් කැළණිය සමීපයේ ලෝක ශාසන විලෝපකාරී වූ පරිශ්රැ ත ප්රරතිබාධනය පිණිස, නිතර දියපිරි තටාකය මැද, ගැඹුරු, පුලුල් දිය අගල් කප්පවා. කෝට්ටේ බලකොටුව කරවා, සතර දිසාවන්හි උපුල්, සමන්, විභීෂණ, මහසෙන් දේවාල කරවා ජනයා පිරිවරාගෙන එහිම විසීය. නිකාය සංග්රපහය 22 පිට

නිකාය සංග්රපහය මෙන්ම එළු අත්තනගළු වංශයේද මෙම පාලකයාව වර්ණනා කරයි. දක්ෂ, කාර්යශූර, රට දැය සමයට දැඩි ඇල්මකින් වැඩකළ මෙතුමන්ගේ සමයේ අලකේෂ්වර පවුලේ බලය බෙහෙවින් ඉහළ ස්ථානයක වැජබින.

නියම්ගම්පාය සෙල්ලිපියේද දෙමළ අඳුර දුරුකළ ලෙසින් මෙම පාලකයා ගැන විස්තර වේ. චූල වංශයේද මේ පාලකයා පිළිබදව විස්තරවේ.

වික්කමබාහු ආසි තේජෝසද්ධාහි ගුණභූසනෝ

ලෝක සාසන සංවුධිංකත්තුකාමෝ මහබ්බලෝ

මහා පාකාරපන්කිහි ද්වාරකෝට්ඨාදී සෝභිතං

ජය වද්ද කොට්නති පසිද්ධං නගරං අකා.

ධර්මකීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මරතනාකරයේද (316)පිට, රාජරතනාකරයේද, (50පිට), නිකාය සංග්රරහයේද, චූල වංශයේද, රාජවලියේද මෙසේ ප්ර්භූරාජ නිශ්ශංක අලගක්කෝනාරයන් විසින් ජයවර්ධන පුර කෝට්ටේ බලකොටුව ගොඩ නැන්වීම පිළිබඳ විස්තර සඳහන් කරයි.

කෝට්ටේ බලකොටුව තැනීමෙන් පසු සිංහලයෝ දඹදෙණි යුගයට පසු පළමු වරට සංවිධානාත්මකව ආක්ර මිනිකයාට පිළිතුරු සැපයීමට පටන් ගත්තෝය. මේ සඳහා ප්රදභූරාජ නිශ්ශංක අලකේෂ්වරයානන් ගෙන් ලැබුණේ නිවැරදි නායකත්වයකි. මේ වනවිටද ශ්රිර ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුවක් ලෙසින් මරමස්ථානයක් ලෙසින් වැජබුණද, නගරයක් ලෙසින් ප්රයම්ර්ඛස්ථානයේ වැජබුණේ රයිගම් පුරවරයයි.

රාජාවලියේ ප්ර භූරාජයන් විසින් ආර්යචක්රේවර්ථී ආක්රමිනිකයන් මැඩලූ ආකාරය දක්වා ඇත. ඒ මෙසේය. ආර්යචක්ර්වර්ථී රජ අර්ථ බලයෙන් සේනා බලයෙන් උසස්ව, උඩ රටින් හා පහත රටින්ද නව තොටමුණෙන්ද අය බදු අය ගෙන්වන සද, එක් දිනක් අලකේෂ්වරයා තම සේනාව දැක මෙවිතර සේනාවක් ඇතිව ඉඳ, එකතුව අයබදු ගෙවීම සුදුසු නොව් යැයි සිතා ජයවර්ධන පුර කෝට්ටේ තනා, ජලය පිරී තිබෙනසේ අමුණුගිල්ම බැඳ, අවුරුදු කීපයකට කන්නට ලුණු, පොල්, වී එක්රැස්කර තබා ආර්යචක්රබවර්තී රජ දරුවන්ගේ බදු වලට සිටිය වුන් එල්ලා දැමීය.

මේ වන විට විජය නගර් අධිරාජයේ බලය පිළිගෙන සිටි ආර්යචක්රඅවර්ථී පාලකයින් හලාවත මුතු කිමිදීමේ අයිතිය දිනා මීගමුව කොළොම් තොට ආදී පෙදෙස්වල සිය බලය ව්යාප්ථ කළේය. ඔවුන්ගේ ඊළග ඉලක්කය වූයේ පානදුර හා බේරුවල වරාය වලින් රයිගම රාජධානිය සිදු කරන්නාවූ සරු වෙළදාමේ අයිතිය ලබා ගැනීමටය. නමුත් සතුරා තමගේ මුව විටටම පැමිණි ඇති බව තේරුම් ගත් ප්රබභූරාජ අලකේෂ්රයානන් ඔවුන්ගේ බදු අය කරන නිලධාරීන් අල්ලා එල්ලා දැමීය.

මෙයින් දණ්ඩෙන් පහර ලද නාගයෙක් ලෙසින් කිපුණු යාපනයේ ආර්යචක්රඅවර්ථී රජ කණ්ණඩ හමුදා සහයද ඇතිව, එකවර කොට්ටේට, රයිගමට හා ගම්පළට පහර දීමට සේනා එවීය. මෙහිදී දැඩි ගැටුම් ඇතිවූ ප්ර්දේශ ලෙස මාතලේ, පානදුර, ගොරකාන, කොළොම්තොට හා දෙමටගොඩ දැක්විය හැකිය.

මේ සියළු සටන් අවසන් වූයේ රයිගම බල පරාක්රූමය විහිදූ ප්රඩභූරාජ නිශ්ශංක අලකේෂ්රයානන්ට ජය හිමිකර දෙමිනි. මෙයින් රයිගම ගිරි වංශයේ කීර්තිය අහස උසට නැග ගියේය. රටේ රජුගේ පාලනයට පවා තර්ජනයක් වෙමින් තැන තැන බදු අය කරමින් බලහත් කාරය හා භීතිය පතුරවමින් සිටි ආර්යචක්ර්වර්ථී රජවරුන්ගේ බලහත් කාරකම් එයින් නිමවීය. උතුරෙන් හලාවත දක්වාද, දකුනෙන් ගිරුවාපත්තුව දක්වාද, නැගෙනහිරෙන් සඹරගොමුව දක්වාද ඔහුගේ විජිතය ව්යා්ප්ථිවිය. රයිගම හා කෝට්ටේ යන නගර දෙකේම වාසය කළ හෙතෙම කෙතරම් බලවතෙක් වූ නමුදු තමන්ට අගරජ කම නොපැතීය. ප්ර භූරාජ පදවියෙන් පමණක් තෘප්ථ විය.

මෙතුමාගේ අනුග්රරහයෙන් පලාබද්ගල වනවාසී පරපුරට අයත්, ධර්මකීර්ති නම් හිමිනමක් ලවා ශාසන ශෝධයක් සිදුකළ බව නිකාය සංග්රරහයේ සඳහන්වේ. මෙහිදී දුශ්ශීල භික්ෂූන් නෙරපූ බව කියවේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ක්රි‍.ව 1396දීය. මෙම ඓතිහාසික සිදුවීම රයිගම් පුරවරයේදී සිදුව ඇත. වර්තමානයේ කෝට්ටේ නගරයේ අලකේෂ්වර සොහොන නමින් හැදින්වෙන්නේ මෙතුමාගේ සොහොන ලෙස සැලකේ.


පොලොන්නරුව යුගයේ සිට රජධානියේ අගනුවරක් ස්ථාවරව තබාගන්නට නොහැකිව දීර්ග කාලයක් තිස්සේ පසුබසිමින් බියෙන් හා සැකෙන් සිටි ජනතාව නැවතත් අභිමානයෙන් නැගී සිටියේ මෙතුමාගේ මෙහෙයවීම නිසාය. ඒ නිසාවෙන්දෝ කිරුළුපළන් රජෙක් නොවුනත් ප්‍රභූරාජ මහා අලකේෂ්වරයානන්ව අත්තනගලු වංශයේ හඳුන්වන්නේ ලංකාධීශ්වර නමිනි.අලකේෂ්වරයානන්ව අත්තනගලු වංශයේ හඳුන්වන්නේ ලංකාධීශ්වර නමිනි. රයිගම් පාලකාවලියේ නොමැකෙන දීප්තිමත් නාමය මෙතුමාය. මෙතුමාගේ මාළිගය පිහිටි තැන අද නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටා ඇත[[1]] අලගක්කෝනාර වැනුම් - මයුර සංදේශය

58. ජය සක් බෝ වා ර ගොස තුඟු නාද7 කැර

රු පු සක් නා පෑ ර ගත් ගජ කෙසර යුර

මුළු සක් ලෝ8 නෑර යස තෙද පිරි ඉතිර

අ ල ග ක් කෝ නා ර හිමි සද දින මේ පුර

59. ම ත ර9 ව මි න් රඳනා සරසව්ය වත

වි ත ර වි සි න්10 කරවන11 මුළු ලෝ මවිතර

ස ත ර ව ති න් නිති නඳ දුන් සතර අත12

ස ත ර ව කි න් තෙවුනේ යැ මේ හිමි සතත

1.සැරහුමෙනි 2.තුට ව යන එන: තු වඩන එන 3.රැසේ 4.ගෙනවු දෝ(ගු) ගෙනෙව් දෝ 5.මඟ’ත සරා(ගු); මඟ හසරා 6.නිල් මිණි 7.තුහු ජය නාද 8.සක්වළ 9.මෙතර 10.වෙසින් 11.කෙරෙමින්(ගු) කළ මන් 12.නෙ දනන් සරණ පත

60. තු න් කුළු වැනි තුන් රජයේ තර වැ1 ගති

මෙන් අසුරිඳු2 පුර නර ලෝ මුඳුන් පති

ම න් තුඟු බල යැති කුල කුල ගිරිත් ඇති3

දැ න් මේ හිමි රන් ගිරි සරි සිරින් යුති

61. ව ත දෙත සමත මේ හිමි පත් තැන් පටනි

කෙත වත සතන පෑ පල4 බලවත් බැමිනි

ස ත් සි ත ලෙසට වැඩි සිරි5 කත රිසිනි6

ස ත කි ත යුගය වන අමුතු වැ වැවෙන වැනි7

62. ගුණෙන් අමිත මන් කළ අමතකිරණට

තෙදින් සැහැසි8 සහස මැ සහසකිරණට

ඔ දි න් විකුම් පෑ නව රතන9 දෙරණට

ක ගි න් ප හ ර10 රුපු නො තිබි යැ දරණට

63. හිමි සිය පත් සි ය ප ත් මෙන් වත11 තෙදිනි

සිය සිය පත් සි ය ප ත් යුත් වු12 සිරිනි

රුපුගන13 පත් ග න ප ත් පළ වැදැ ගොසිනි

මෙන් මහ වත් ම හ ව ත් නො පතත් බියෙනි

64. ඔහු තෙද යුත යුද පත සිපත ලෙළ දෙත

විහිදි සුළඟ වැදැ14 මෙන් රුපු රුක්15 සැලෙත

අද වත් ළ පලු පත් එව් වෙව්ලුම් ගනුත

විලිකුන් පතෙව් අවි ගිලිහිණි16 අතින් අත

65. රිවි තෙද දිමුත හිමි17 හිමකර විලස මෙනි18

සොමි ගුණ සෙවණැ19 සොමි සඳ කර වනු කෙ වැනි

විළි බිය දෙකින් ගැලැවියැ හැකි දොයි සිතිනි

එ දෙ දෙන තවන් සැටි ඇරැ වෙස් වළන වැනි

1. රජ සෙන් ඉ‍ටන්(ගු); තර ව තුන් රජය සෙන්(දීපංකර) 2.සුරනිඳු 3.ගිරින් ඇති(ගු),ගිරින් යුති 4.පෑ බල(ගු); පා බල 5.සිත සිත අතක සිරි පත(ගු) 6.සිරි කත විසිනි; සිරි සර විසිනි 7.සත වෙත නැවත වත කිත යුග පැමිණි වැනි(ගු); සත කිත යුග පටන අමුතු ව මැවෙන වැනි 8.සහසි 9.නවරත ම(ගු); නර වර තෙ(දී)10.පැහැර 11.වන(ගු) 12.හිමි යුත්(ගු) 13.වන (ගු) 14.එ විදි කැලුම් ඇදි(ගු); එ මැද ඇදා කමල (දි) 15.සක් (ගු); නො ය(දි) 16.ගිලි උන්(ගු) 17.හිමි තෙද දිමුත රිවි(ගු) 18.වනි 19.රැසට.