රඹුක්කන නැණසල

විකිපීඩියා වෙතින්

Rambukkana Yatagama Nenasala

රඹුක්කන යටගම නැණසල සම්පත් මධ්‍යස්ථානයේ පරිගණක අධ්‍යයන ආයතනය[සංස්කරණය]

රඹුක්කන නැණසල වනාහී යටගම ග්‍රාමීය සමෘද්ධි බලකායට භාරව තිබූ වර්ෂ 2008 දී පමණ ආරම්භ වී අතරමග නවතා වසා දමා තිබූ නැණසලකි. පසුව එය 2013 වර්ෂයේ පෙබරවාරි මස 06 වැනි දින, යටගම බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය හපුවිට රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ඉන්දු රණසිංහ නම් පරිගණක ගුරුතුමාගේ මූලිකත්වයෙන් එය ප්‍රතිපණ ගන්වන ලදී. මේ වන විට එහි භාරකාරත්වය දරන්නේ, යටගම ග්‍රාමීය සමෘද්ධි බලකායේ සභාපති සුනේත්‍රා මැණිකේ මහත්මිය වන අතර ප්‍රධාන ක්‍රියාකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දු රණසිංහ ගුරුතුමාගේ ගෝලයෙකු වන, අනුරාධ රත්නවීර නම් පරිගණක පුහුණු උපදේශකවරයා ය. මේ වන විට එහි පරිගණක පාඨමාලා පමණක් සාර්ථක ලෙස පවත්වනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=රඹුක්කන_නැණසල&oldid=484005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි