රනිල් ජයවර්ධන

විකිපීඩියා වෙතින්

රනිල් මැල්කම් ජයවර්ධන (උපත 3 සැප්තැම්බර් 1986) [1] යනු එක්සත් රාජධානියෙහි දේශපාලනඥයෙක් සහ 2015 මැයි මස සිට ඊසාන හැම්ප්ෂයර් සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙහි පාම වරයෙක් වෙයි.[2]

ඔහුගේ පක්ෂය, එරා පාර්ලිමේන්තුවෙහි බහුතරයක් සහිතව බලය අත්පත් කර ගත් 2015 මහා මැතිවරණයෙහිදී, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජයවර්ධන ඊසාන හැම්ප්ෂයර් මැතිවරණ කොට්ඨාශය සඳහා ජයග්‍රහණය අත් කර ගත්තේ, ලිබරල් ඩිමොක්‍රැට් වරුන්ට වඩා වැඩි ඡන්ද 30,000 කිට්ටු සංඛ්‍යාවක් ලබා ගනිමිනි.

08.05.2020 සංස්කරණය (මූලාශ්‍රය- ලංකාදීප පුවත්පත) -->

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා එරට නව වෙළද අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් අද (06) දින මෙම පත්කිරීම සිදු කර ඇතැයි ද සදහන් වේ.

ශ්‍රී ලාංකිකයකු වන නලින් ජයවර්ධන සහ ඉන්දීය ජාතික මවකට දාව 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.

මේවන විටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වේ.

වෘත්තීයෙන් බැංකු කළමනාකරුවෙකු වූ හොතම තරුණ අවදියේම කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරියෙකුව කටයුතු කළේය.හෙතෙම 2008 වසරේදී බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් නගර සභාවේ උප නගරාධිපති වශයෙන්ද කටයුතු කළේය.

රනිල් ජයවර්ධන මහතා ගේ පියා වන හොරණ අගුරුවාතොට පදිංචි ව සිටි නලින් ජයවර්ධන මහතා 1978 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති අයෙකු වේ.ඔහුගේ මව ඉන්දීය ජාතික කාන්තාවක වේ.රනිල් ජයවර්ධන මහතා දෙදරු පියකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ ඇලිසන් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමගිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "රනිල් ජයවර්ධන DOB". ඩිරෙක්ටර්ස් ෆයින්ඩ්දකම්පනි. https://www.google.lk/?gws_rd=ssl#q=ranil+malcolm+jayawardena+september+03%2C+1986. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2015. 
  2. http://www.bbc.co.uk/news/politics/constituencies/E14000844
"https://si.wikipedia.org/w/index.php?title=රනිල්_ජයවර්ධන&oldid=452595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි