Jump to content

රට තුලට කඩා වැදිම (ආක්‍රමණය) සහ පාලනය

විකිපීඩියා වෙතින්

රට තුලට කඩා වැදිම (ආක්‍රමණය) සහ පාලනය

රජරටට හා සිංහලයින්ට දකුණු ඉන්දීය රාජ්‍යයන් සමග දිර්ඝ ඵෙතිහාසික,සංස්කෘතික,ආගමික මෙන්ම ලේ නෑ සබඳතාවයන් ද තිබුනේ පාණ්ඩ්‍ය හා චෝල රජ පවුල් සහ දිවයිනේ රජ පවුල් අතර නිරන්තර විවාහ සම්බන්ධතා තිබුණු හෙයිනි. අනිකංග (1209) සහ පරාක්‍රම පණ්ඩු (1212 දී ) වැනි ආක්‍රමණිකයින් බොහෝ විට පිළිගැනුනේය. සමහර විට මෙවැනි ආක්‍රමණිකයින්ගෙන් ප්‍රසිද්ධම තැනැත්තා ඵළාර විය හැකිය. ඔහු ඊට අවුරුදු දහයකට පමණ පෙර ලංකාව ආක්‍රමණය කළා පමණක් නොව භික්ෂූන්ගෙන් පවා "ධර්මරාජ්" නම් පටබැඳි ගෞරව නාමය ලබා ගැනීමටද සමත් විය. ඵපමණක් නොව ඔහු ශ්‍රි ලංකා ඉතිහාසයේ ඉතාම හොඳ පාලකයින්ගෙන් කෙනෙකු ලෙසද ගෞරවයට පාත්‍ර විය. ඔවුන් වැනි පාලකයින් දේශීය ප්‍රභූවරු ද පාලනයට හවුල්කරගත් අතර දේශීය ආගම වූ බුද්ධාගමට ද ගරු කළහ. චූලවංශය මාඝ ගැන විස්තර දක්වද්දී ඔහු ගැන අප්‍රසන්න අන්දමින් කථා කරන්නේ ඔහු සිංහල ජනතාවගේ සංස්කෘතියට හා ආගමට නිසි තැන දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

මාඝගේ ආක්‍රමණයේදී ඔහුගේ හමුදාවන් මහා පරිමාණ හොරකම් මංකොල්ලකෑම් කළ බවත් දේපළ විනාශ කිරීම්,පැහැරගෙන ගොස් හිරිහැර කිරීම (චූල වංශය ළමයින්ට තැලීම විශේෂයෙන් සඳහන් කර ඇත) අත් පා කපා දැමීම්වල යෙදුණු අතර රජරට ප්‍රභූ පිරිස් වහලුන් ලෙසද යොදා ගත්හ. මේ සඳහා ආක්‍රමණිකයින්ගේ දැඩි කෑදරකම පරාක්‍රම පණ්ඩු රජුගේ ඉරණමෙන් පැහැදිලි වේ. ඔහු අන්ධ කරන ලදුව මරණයට පත්කරණ ලදී. මෙයිනුත් පසුව හමුදාව රජරට පූජනීය පෙදෙස් බොහොමයක් විනාශ කිරීමද අපවිත්‍ර කිරීමටද ක්‍රමානුකූලව කටයුතු කළේය. දාගැබ් විනාශ කරනු ලැබිණි. කෞතුක වස්තු ආදිය අතුරුදන් විය. පොත් ඉරා විසිකර දැමිණ. භික්ෂූන්ට පහර දී පන්සල්වල දේපළ කොල්ලකන ලදී. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් ලංකාවේ පැරණිතම ස්ථූපය වූ ථූපාරාමයත් දුටු ගැමුණු රජුගේ ප්‍රියතම රුවන් වැලි සෑයත් අපවිත්‍ර කිරිමයි.

පරාක්‍රම පාණ්ඩ්‍ය මරා අනුරාධපුර සහ පොළොන්නරුවේ විහාර සතු දේපළ ද කොල්ලකෑමෙන් පසු මාඝගේ හමුදාව විසින්ම මාඝ පූජනීයත්වයට පත් කරනු ලැබීය. පසුව ඔවුහු පුලත්ති නගර නම් අගනුවර වාසස්ථානය කර ගත්හ. ඔහුගේ පාලනයේ මුල් තැන ගත්තේ භූමියෙන් ගත හැකි උපරිම දේ ගැනීම හා හැකිතාක් දුරට රජරට පැවති සම්ප්‍රදායයන් නැතිකිරීමත්ය. පූජනීය ස්ථාන සහ පන්සල් ඔහුගේ සහචරයින්ට වාසස්ථාන හැටියට පාවිච්චි කිරීමට තෑගි වශයෙන් ප්‍රධානය කළ ආකාරයත් ස්වදේශික ජනයාගෙන් බලෙන් ලබා ගත හැකි උපරිම ධනය සූරා ගැනීමත් මහජනතාවගෙන් වැඩි දෙනෙක් වහලුන් ලෙස සේවයේ යෙදු ආකාරයත් චුලවංශයේ නැවතත් විස්තර කරයි.