Jump to content

රඟදැක්වීමේ විලාශය

විකිපීඩියා වෙතින්

ගුරු මනී මාධව චක්යාර් කුටියාට්ටම් හි රාවණා ලෙස

සාම්ප්‍රදායිකව, කූඩියාට්ටම් රඟදක්වන්නේ චක්යාර් (කේර‍ළ හින්දු වල උපකුලකයක්) හා නන්යාරම්ම (අම්බලවාසි නම්බීර් කුලයේ ගැහැණු). කූඩියාට්ටම් ("එකට ක්‍රීඩා කිරීම" මෙහි තේරුමයි) නමින් චක්යාර් හා නන්යාර් හි සංයුක්ත රඟදැක්වීම අඟවයි. ප්‍රධාන නළුවා වන්නේ චක්යාර් කුලයේ අයෙකි. ඔහු කූතු හා කූඩියාට්ටම් පූජාවිධි කූනම්බලම් පූජාස්ථානය තුල රඟ දක්වයි. ඉලෝටමාස් ලෙස හැඳින්වෙන චක්යාර් ගැහැණු මෙයට සහභාගී විමට ඉඩ නෙදෙන අතර ගැහුණු චරිත නන්යාරම්ම කුලය මගින් නිරූපනය කරයි.

1930 දක්වාම මෙම කලාව චක්යාර් ප්‍රජාවගේ වැඩිමහල් අය විසින් බාල පරම්පරාවට ඉගැන්වීම මගින් පැවත එන ලදී. 1955 දී ගුරුමනි මාධව චක්යාර් විසින් පළමුවරට කුට්ටියාට්ටම් පූජාස්ථානයට පිටතින් පවත්වන ලදී. මෙය දේවස්ථානයෙන් පිටත පැවැත්වීමට යාමේදි ඔහුට චක්යාර ප්‍රජාවගේ වැඩිමහල් පිරිසගේ කරදර වලට මුහුණ පෑමට සිදුවිය. ඔහුගේම වචන වලින් පැවසුවහොත්,

මගේම මිනිසුන් මගේ ක්‍රියාව පරිභවයට ලක්කලහ. ඔවුන් මා සමඟ නැවත කථා කිරීමට පවා සිතුවේ. මම වායිත්තම් හිදී රඟ දැක්වීම අතහැර දැමු පසු පමණි. මගේ ආශාව වන්නේ මෙම කලාව දිගු කාලයක් පැවතිය යුතු බවයි. මෙට මෙය පූජාස්ථානයන් පිට රඟ දැක්වීම හේතුව එයයි"

1962 දී, ප්‍රසිද්ධ කලා හා සංස්කෘත උපාධිදාරී ආචාර්ය V. රාගවන් (මැඩ්රාස් හි සංස්කෘතික රංගයේ) ගේ නායකත්වය යටතේ චෙන්නායි හි කුටියාට්ටම් රඟ දැක්වීමට ගුරු මනි මාධව චක්යාර්ට ආරාධනා ලැබිණි. එය පළමුවරට කේරළා වලින් පිටත කුටියාට්ටම් රඟ දැක්වීමකි. කුටියාට්ටම් දර්ශනවල නාටක තුනක් වන අබිසේකා, සුභාද්‍රදානන්ජය හා නගාන්ද රාත්‍රි තුනකදී මැඩ්රාස් හි පෙන්වන ලදී.

මනිමාධව චක්යාර්ගේ විශිෂ්ට රංඟනය මිනිසුන් මත විශාල බලපෑමක් ඇති කල අතර කුටියාට්ටම් හා මනි මාධව චක්යාර් කේරළා වලින් පිටතද ප්‍රසිද්ධ විය. උතුරු ඉන්දියාවේ නව දිල්ලිය හා බනාරාස් (1964 දී) වැනි ප්‍රදේශවල රඟ දැක්වීමටද ඔහුට ආරාධනා ලැබිණි. මෙමඟින් විවේචකයන් රස අභිනය, නථයසාත්‍ර හා කුටියාට්ටම් හි ඔහුගේ අයිතිය පිළිගත්තේය.

ඔහුගේ පළමු නව දිල්ලි සංචාරයෙන් අනතුරුව චක්යාර් කූතු හා කුටියාට්ටම් වලට කල දායක්තවය උදෙසා මානි මාධව චක්යාර්ට 1964 දී සංගීත් නාටක ඇකටමි සම්මානය පරිනමන ලදී. මෙය එම කලාවට කල පළමු උපහාරයයි. මෙම කලාවන්ට ඔහුගේ විශිෂ්ට දායක්වය නිසා විශාල පිරිසක් දක්වා එක්රාශි වීම සිදුවිය.

ඔහු කුට්ටියාටම් ඉන්දියාව පුරාම රැගෙන ගොස් එය ප්‍රසිද්ධ කරවීය. එම ස්ථාන කීපයක් නම් මැඩ්රාස් (1962, 1973 හා 1977) මුදුර (1962) නට දිල්ලිය (1964, 1966, 1974, 1979 හා 1983), වාරනාසී (1964 හා 1979), බොම්බේ (1973), ‍උජ්ජන් (1982), භූපාල් (1987)

1964 දී රාෂ්ත්‍රපති භවන් (ජනාධිපති මන්දිරය) දී මෙය රඟදැක්වීමට එවකට ජනාධිපති, ශාස්ත්‍රධර හා දර්ශනවාදී සර්වපාලී රාජක්‍රිෂ්නන් ඔහුට ආරාධනා කල අතර රඟ දක්වීමෙන් ඔහුගේ කුසලතාවය පිළිබඳ විශ්මයට හා ඔහුගේ කුට්ටියාටම් රඟදැක්වීම, දේශන හා ප්‍රදර්ශන මැඩ්රාස් මියුසික් ඇකඩමි (මැඩ්රාස්), කතකාලී අන්තර්ජාතික මධ්‍යස්ථානය (නව දිල්ලිය), පරීක්ෂණ රඟමඩල (නව දිල්ලි හා බොම්බේ), කලා රඟ දැක්විමේ ජාති මධ්‍යස්ථානය (බොම්බේ වැනි සුප්‍රසිද්ධ ස්ථාන වල පෙන්වන ලදී. නායික (වීරවරිය) කුට්ටියාට්ම් වල

ඔහු කාලිදාසගේ අභිජ්නන්සකුන්වල, චිත්‍රමෝවසියා හා මලවිකග්නිමිටු වැනි නාටකද භාෂා හර්ෂ ගේ නාගනන්ද වැනි නාටකද තිර රචනය කර අධ්‍යක්ෂණය කලේය. නාගන්ද නාටකය කුටියාට්ටම් ඉතිහාසයේ ප්‍රථම වරට කරන ලද්දකි.

ඔහු කුටියාට්ටම් රේ‍ඩියෝව හරහා ද දුර්දර්ෂන් නාලිකාව හරහා ද ප්‍රචාරය කර දහස්ගණනක් රසිකයන් බිහිකිරීමට සමත්විය. 1960 මුල් භාගයේදී පෝලන්ත ජාතික පර්යේෂක ශිෂ්‍යයෙක් වන මරියා ක්‍රිස්ටෝෆර් බිර්ස්කි (බරානාස් හින්දු විශ්වවිද්‍යාලයේ) මනි මාධව චක්යාර්ගෙන් මෙම කලාව ඉගෙනිමට පැමිණියේය. ඔහු මෙම කලාව ඉගෙනගත් ප්‍රථම චක්යාර්/නාම්බියර් නොවන පුද්ගලයාය. ඔහු මෙම කලාව සාම්ප්‍රදායික ක්‍රමයට ගුරුගේ කිරික්තුරුසිමන්ගලම් නිවසේ රුඳී ඉගෙන ගත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=රඟදැක්වීමේ_විලාශය&oldid=471693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි