රග්බි පන්දුව

විකිපීඩියා වෙතින්

රග්බි පන්දුව ආරම්බයේදී quanco යන නමින් හැදින්විය, මෙය දිගටි ඉලිප්සාභ පන්දුවක් වන අතර රග්බි ක්‍රීඩාව සදහා යොදා ගනී . ගෝලාකාර පන්දුවක් සමග සංසන්දනයේදී මෙය යොමුකිරීමට පහසු වන අයුරින් සකසා ඇත.

ඉතිහාසය[සංස්කරණය]

රිචාර්ඩ් ලින්ඩන් 1880 වසරේදී රග්බි පන්දු දෙකක් සමග.

රිචාර්ඩ් ලින්ඩන් සහ බර්නාඩෝ සොලානෝ යන අය රග්බි පාසල සදහා අතින් මසමින් ලෙදර් ආවරණ සහ සූකර මුත්‍රාශය යොදාගනිමින් රග්බි පන්දු නිර්මාණය කරන ලදී. රග්බි පන්දුවේ ලාක්ෂණික හැඩය සූකර මුත්‍රාශයේ හැඩයට බෙහෙවින් සමානකම් දරන අතර මීට පෙර නිර්මාණය කරන ලද රග්බි පන්දු අණ්ඩාකාර හැඩයකට වඩා වියලි මිදි ගෙඩියක හැඩයකින් යුක්ත විය.ආරම්භයේ සිට රග්බි පන්දුවේ හැඩය සූකර මුත්‍රාශයේ හැඩය සමග විශාලත්වයෙන් විවිද අයුරින් සකසුණි..[1]

වසර 1870ව දක්වා වූකර මුත්‍රාශයේ අන්තර් කපාටයකින් නිර්මාණය කරන ලද ගෝලාකාර පන්දුවකින් රග්බි ක්‍රීඩාව පවත්වා ඇත.වසර 1870දී රිචාර්ඩ් ලින්ඩන් විසින් රබර් යොදාගනිමින් එහි සුනම්යතාවය උපයෝගී කරගනිමින් පන්දුවේ හැඩය ගෝලාකාර සිට බිත්තරයක හැඩය දක්වා අනුක්‍රමයෙන් වෙනස්වන අයුරින් පන්දුව නිර්මාණය කරන ලදී. වසර 1892දී රග්බි පාපන්දු ආයතනය විසින් අණ්ඩාකාර හැඩය අනිවාර්ය හැඩය ලෙස අනුමත කරන ලදී. මෙම ක්‍රමානුකූල පැතලිවීම වසරින් වසර නොනවත්වා සිදුවන ලදී.[2]මෙම රසායනික සංස්ලේශිත රග්බි පන්දුවල ආරම්භය නියමාකාරයෙන් කාලගුණ වෙනස්වීම් අනුව නිර්මාණය වන ලදී.සෙල්ලම් කරනු ලබන මතුපිට තෙත්නම් රසායනික සංස්ලේශිත පන්දුව භාවිතා කරන අතර එයට හේතුව වන්නේ එයට ජලය අවශෝෂණය නොවීම සහ බර නොවැඩිවීමයි. අවසානයේදී ලෙදර් පන්දුව සම්පූර්ණයෙන් ක්‍රීඩාවෙන් ඉවත් කරන ලදී.

රග්බි සංගමය[සංස්කරණය]

රග්බි සංගමය විසින් යොදාගන්න ගිල්බර්ට් රග්බි පන්දුව.

රගර් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බෝලය රගර් බෝලය ලෙස හදුන්වන අතර එය දීර්ඝ ගෝලාකාර ප්‍රධාන වශයෙන්ම ඉලිප්සීය හැඩයෙන් යුක්ත වේ. සාම්ප්‍රදායිකව එය දුඹුරු සත්ව සමෙන් සාදා තිබෙන අතර,වර්තමානයේ එය නොයෙක් වර්ණයන්ගෙන් හා මොස්තරයන්ගෙන් නිපදවයි. රගර් බෝලය 28-30 cm දිගකින් හා 58-65 cm පමණ වටප්‍රමණයකින් යුක්ත වන අතර බර 410-460 g පමණ වේ.).සහ මෙයට 65.7 - 68.8 kPa (9.5–10.0 psi) ප්‍රමාණයක් හුලං පිරවීම සිදුකරයි . [3]

 1980 වර්ෂයේදී, ජලය කාන්දු වන සත්ව සමෙන් සාදන ලද රගර් බෝලය වෙනුවට ජලය කාන්දු නොවන කෘතීම ද්‍රව්‍යයන්ගෙන් නිපදවන ලද රගර් බෝල යොදා ගන්නා ලදී. 2007 රග්බි ලෝක කුසලානය සදහා ගිල්බර්ට් සිනර්ජි නම් රග්බි බෝලය යොදාගන්නා ලදී.

රග්බි ලීගය[සංස්කරණය]

රග්බි ලීගය සදහා යොදාගන්නා ස්ටීඩන් රග්බි පන්දුව.

රග්බි ලීගය සදහා හුලන් පුරවන ලද දීර්ඝ ගෝලාකාර හැඩයක් සහිත පන්දුවක් යොදාගනී..කෙසේ නමුත් තරගය සඳහා යොදා ගන්න රගර් බෝලය අදාළ ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුක්ත නොවේ නම් තරග තීරක විසින් තරගය වහා නවතනු ලැබේ.සාම්ප්‍රදායිකව මෙය දුඹුරු පැහැති සත්ව සමෙන් යුක්ත වූ අතර වර්තමානයේ රගර් බෝලය කෘතීම ද්‍රව්‍යයන්ගෙන් හා විවිධ වර්ණයන්ගෙන් හා මොස්තරයන්ගෙන් නිපදවනු ලැබේ.උසස් තරගාවලියන් හිදී ප්‍රේක්ෂකයන්ගේ පහසුව තකා ළා පැහැයෙන් යුත් පන්දු අනිවාර්යයෙන් භාවිතා කළයුතු වේ,එමගින් ඔවුනට පහසුවෙන් පන්දුව දැකීමට හැකියාව ලැබේ.රග්බි ලීගය සඳහා භාවිතා කරන රගර් බෝලය ''අන්තර්ජාතික ප්‍රමාණය''හෝ ''ප්‍රමාණය 5'' ලෙස හදුන්වන අතර එය ආසන්න වශයෙන් 27cm දිගකින් හා 60cm වටප්‍රමාණයකින් යුක්ත වේ. කුඩා ප්‍රමාණයේ පන්දු කනිෂ්ඨ අනුවාදයෙන් යුත් තරඟ සඳහා යොදා ගනී.පූර්ණ ප්‍රමාණයෙන් සමන්විත බෝලය 383 හා 440 g අතර බරකින් යුක්ත වේ.රග්බි ලීගය ඇමෙරිකානු රග්බි පාපන්දු වලට වඩා විශාල වන අතර රග්බි සංගම් පාපන්දු වලට වඩා යන්තමින් රග්බි ක්‍රීඩාව කෙරෙහි යොමුකර ඇත.

 ඕස්ට්‍රේලියානු ජාතික රගර් ලීගය භාවිතා කරනුයේ ස්ටීඩන් සාදන පන්දුය එමෙන්ම යුරෝපියානු සුපිරි ලීගය භාවිතා කරනුයේ රයිනෝ රග්බි විසින් සාදන ලද පන්දුය.යම් අවස්ථා වලදී ස්ටීඩන් යන නාමය රගර් බෝලය හැඳින්වීමට භාවිතා කෙරේ. 

See also[සංස්කරණය]

References[සංස්කරණය]

  1. Simon Hawkesley.
  2. Blood, mud and aftershave in The Observer Sunday February 5, 2006, Section B is for Ball by Oliver Price
  3. "Rugby Union: Law 2 – The ball". Web.archive.org. 15 January 2007. January 15, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 May 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=රග්බි_පන්දුව&oldid=363545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි