රංජිත් ප්‍රේමසිරි මඩලාන

විකිපීඩියා වෙතින්

රංජිත් ප්‍රේමසිරි මඩලාන නොහොත් නීරෝ යනු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කල ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ කොටි ඝාතන 217ක් තහවුරු කළ දක්ෂ ස්නයිපර්වරයෙකි.

හමුදා ජීවිතය[සංස්කරණය]

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාව වන විට ප්‍රේමසිරි වයස අවුරුදු 22 දී 1991 දී ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායට සම්බන්ධ විය. දියතලාව යුද හමුදා කඳවුරේ පුහුණුවෙන් පසු ඔහු ගජබා රෙජිමේන්තුවේ 5 වැනි බලඇණියට අනුයුක්ත විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වැනි ස්නයිපර් පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔහු 2000 වසරේදී යුද හමුදා ස්නයිපර් කණ්ඩායමට එක්විය.

ඔහු සිය සේවා කාලය තුළ කිහිප වතාවක්ම තුවාල ලැබූ නමුත් ක්‍රියාකාරී රාජකාරියේ යෙදෙන ලෙස බල කළේය.

2009 අප්‍රේල් 28 වැනි දින පුදුමාතලන් ප්‍රදේශයේ රජයේ පාලන ප්‍රදේශවලට පලා යමින් සිටි දෙමළ සරණාගතයින් අතර කොටි සටන්කාමීන් සැඟවී සිටියහ. සටන්කාමීන් ලුහුබඳිමින් සිටියදී කෝප්‍රල් ප්‍රේමසිරි එල්ටීටීඊ ස්නයිපර් ප්‍රහාරයකින් මිය ගියේය.

කෝප්‍රල් ප්‍රේමසිරිගේ මරණයෙන් දින 20කට පසු 2009 මැයි 18 වැනි දින ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් විය. මිය යන විට ඔහු වසර 18ක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කර ඇති අතර ඉන් වසර 9ක් ස්නයිපර් වරයෙකු ලෙස සේවය කර ඇති අතර ඝාතන 217ක් තහවුරු කර ඇත.