යුබික්විටින්-ප්‍රෝටියෝසෝම් පද්ධතිය

විකිපීඩියා වෙතින්

යුබික්විටින්-ප්‍රෝටියෝසෝම් පද්ධතිය සෛලීය ක්‍රියාවලි ගනණාවක් නියාමනය කරනු ලබන, ප්‍රෝටීන විකරණයට සහ හායනයට ලක්කරන සෛලීය ක්‍රියාවලියකි. පද්ධතිය ක්‍රියාත්මකවන්නේ E1 යුබික්විටින් සක්‍රියකාරක එන්සයිමය, E2 යුබික්විටින් යුග්මකාරක එන්සයිමය සහ E3 යුබික්විටින් ලයිගේස එන්සයිමය අනුක්‍රමිකව, සක්‍රියව ATP (ශක්තිය) වැයකරමින්, යුබික්විටින් අණුවක් ඉලක්ක ප්‍රෝටීනය වෙත එක් කිරීම මගින් ප්‍රෝටීනයක් විකරණය කිරීමෙනි. මෙම ක්‍රියාවලිය යුබික්විටිනීකරණය යනුවෙන් හැඳින්වේ. E3 ලයිගේස මගින් ඉලක්ක ප්‍රෝටීන හඳුනාගෙන යුබික්විටින් අණුව E2 වෙතින් ඉලක්ක ප්‍රෝටීනයට මාරුකිරීමට දායක වන බැවින් පද්ධතිය තුල ප්‍රබල භූමිකාවක් රඟ දක්වයි. යුබික්විටින් අණුවක් ප්‍රෝටීනයකට සවිවන්නේ ලයිසින් හෝ සිස්ටීන් ඇමයිනෝ අම්ල කාණ්ඩයක් ඇති ස්තානවලටය. එක් කරන යුබික්විටින් අනු ගනණ මත ප්‍රෝටීනයක ඉරණම තීරණය වේ. තනි යුබික්විටින් අණුවක් එක් කිරීමේදී හිස්ටෝන පාලනය, ග්‍රාහක හායනය හෝ අණුක සංඥා නියාමනයට දායක වියහැකි අතර බහු යුබික්විටින් අණු එක් කිරීමේදී 26S ප්‍රෝටියෝසෝමය මගින් හායනය කිරීම සඳහා පෙර-සනිටුහන් කරනු ලබයි. යුබික්විටින් හරණ එන්සයිම (deubiquitin enzymes; DUB) බහු-යුබික්විටින් පූර්වජ ප්‍රෝටීන සැකැසීමෙහි කාර්යභාරය මෙන්ම නියාමන කටයුතු වන යම් E3 ලයිගේසයක් මගින් සිදුකරන යුබික්විටිනීකරණයට බාදා පැමිනවීම,සංශ්ලේෂනය කල යුබික්විටින් දාම වල සෝදුපත් කියවීම ද සිදුකරයි. ප්‍රෝටීනයක් යුබික්විටිනීකරණයට ලක්වීද දැන පහල-පෙල සංඥා ගලා යමට උපකාරී කිරීමට මේ අණු ක්‍රියාකරයි.