යුධ අධ්‍යයනය සහ යුධ පුහුණුව

විකිපීඩියා වෙතින්

යුධ අධ්‍යයනය සහ යුධ පුහුණුව ක්‍රියාවලිය මගින් හමුදා නිලධාරීන් සතු වගකිව යුතු කාර්ය භාරයේ දක්ෂතා වර්ධනයට හා ඇතිකරවීමට හේතු වේ.

යුධ අධ්‍යයනය ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්යයෙන් සිදු කළ යුතු රාජකාරියකි. තාක්ෂණික උපකරණ ක්‍රියාකරවීමට හෝ යුධ භූමියට පිවිසීමට ප්‍රථම ඔහු හෝ ඇය වෛද්‍ය පරීක්ෂණයකට හෝ බොහෝ විට ශාරීරික පරීක්ෂණයකට ලක්විය යුතුය. එමගින් සමත් වුවහොත් ඔහු හෝ ඇයට ප්‍රාථමික පුහුණුව ලබා ගත හැක. ප්‍රාථමික පුහුණුව නවක භටයන් හට ලබා දෙන්නකි. මෙම පුහුණුව මගින් ලබා දෙන මූලික දත්ත සහ පුහුණු ශිල්ප ක්‍රම මගින් ප්‍රබල හමුදා සාමාජිකයෙකු නිර්මාණය කරයි. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මෙම නිලධාරීන් ශාරීරිකව, තාක්ෂණිකව සහ මානසිකව සන්න සන්නද්ධ කරයි. මෙම සන්නද්ධ කිරීම් මගින් යුධ කටයුතුවලට සුදුසු වන පරිදි සේවා සාමාජිකයන් නිර්මාණය කිරීමේ වගකීම පුහුණු උපදේශකවරු සතුය.

මූලික පුහුණු කටයුතුවලින් අනතුරුව එම සාමාජිකයන් විසින් තෝරාගනු ලබන විශේෂතා යටතේ සංකීර්ණ පුහුණුවකට ලක් කෙරේ. නාවික අධ්‍යයනයන් හි සිට පුපුරණ ද්‍රව්‍යය අධ්‍යයනය දක්වා පරාසයක සංකීර්ණ පුහුණුවකට නවකයන් හට අවස්ථාව ලැබේ. තවද, යුධ තාක්ෂණය සහ අදාල උපකරණ පිළිබඳ අධ්‍යයනයකටද ඔවුන් ලක් වේ.

බොහෝ බලවත් රාජ්‍යයන් තුළ යුධ පුහුණු ආයතන තිබෙන අතර ඒ මගින් විවිධ යුධ විෂයන් සම්බන්ධයෙන් උපාධි ලබාදීම් සිදු වේ. කෙසේ වුවද මෙම උපාධිධාරීන් යුධ නිලධාරී නිලයට පත්වන අතර උසස් නිල ලබන්නන් හට වැඩි දුරටත් අධ්‍යයන කටයුතුවලට සහභාගි වීමේ අවස්ථාව හිමි වේ.

http://en.wikipedia.org/wiki/Military_education_and_training