යාන්ත්‍රණික අකාබනික රසායනය

විකිපීඩියා වෙතින්

ප්‍රතික්‍රියා මාර්ග පිළිබද යොමු වූ රසායන විද්යාවේ වැදගත් හා ජනප්‍රියත්වය ඉහළ යන අංශයකි. විවිධ කාණ්ඩවල සංයෝගවල ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ වෙන් වෙන්ව මෙහිදී සාකච්ඡා කරනු ලැබේ.


ප්‍රධාන කාණ්ඩ මූලද්‍රව්‍ය හා ලැන්තනයිඩ[සංස්කරණය]

13 – 18 කාණ්ඩවල ප්‍රධාන සංයෝගවල යාන්ත්‍රණ කාබනික රසායනය යටතේ සාකච්ඡා කරනු ලැබේ. (කාබනික සංයෝග ප්‍රධාන කාණ්ඩ සංයෝග වේ) C , N , O හා F ට වඩා බර මූලද්‍රව්‍ය බහුල ලෙස ඔක්ටේට් නීතියෙන් අනුමාන කළ ඉලෙක්ට්‍රෝන ගණනට වඩා වැඩි ඉලෙක්ට්‍රෝන ගණනක් ඇති සංයෝග සාදයි. මෙය අධි සංයුජ අණු පිළිබද විස්තරයේ විස්තර කර ඇත. මෙම හේතුව නිසා ඒවායේ ප්‍රතික්‍රියා යාන්ත්රණ කාබනික සංයෝගවලින් වෙනස් වේ. කාබන්වලට වඩා සැහැල්ලු මූලද්‍රව්‍යය (B , Be ,Li) මෙන්ම Al හා Mg විද්‍යුත් ව‍ශයෙන් කාබො කැටායනවලට සමාන ඉලෙක්ට්‍රෝන ඌන ව්‍යුහ බහුලව තනයි. එවැනි ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග සංඝටිත මාර්ග හරහා ප්‍රතික්‍රියා වීමට කැමැත්තක් දක්වයි. ලැන්තනයිඩ පිළිබද රසායනය ඇළුමිනියම් පිළිබද රසායනයේ දක්නට ඇති බොහෝ අංග පරාවර්තනය කරයි.


ආන්තරික ලෝහවල සංකීර්ණ[සංස්කරණය]

ආන්තරික ලෝහවල ප්‍රතික්‍රියා යාන්ත්රණ ප්‍රධාන කාණ්ඩ සංයෝගවලින් වෙනමම සාකච්ඡා කරනු ලැබේ. බන්ධන සෑදීමේ දී ඩී - කාක්ෂිකවල වැදගත් කාර්ය භාර්ය, ප්‍රතික්‍රියා මාර්ගවලට හා ලිගන ආදේශ හා විඝටනය වීමේ සීඝ්‍රතාවලට සෘජුවම බලපායි. මෙම මාතෘකා පිළිබද කරුණු දායක රසායනය හා ලිගන යන මාතෘකාව මගින් ආවරණය කර ඇත. සම්බන්ධ වීම හා විඝටනය වීම යන මාර්ග දෙකම අධ්‍යයනය කර ඇත.

යාන්ත්‍රික ආන්තරික ලෝහ රසායනයේ වැදගත් අංගයක් වන්නේ ප්‍රොටෝ දර්ශීය සංකීර්ණ [M(H2O)]+ වල නිදහස හා බන්ධන ජලය හුවමාරුව මගින් විදහා දැක්වෙන සංයෝගවල චාලක විස්ථායී බවයි.

[M(H2O)6]n+ + 6 H2O* → [M(H2O*)6]n+ + 6 H2O

මෙහි H2O+ යනු ජලයේ සමස්ථානිකය උදා H217O

ආවර්තිතා වගුව පුරා ජල හුවමාරු සීඝ්‍රතාවේ විශාලත්වය 20 ගුණයකින් පමණ වෙනස් වේ. ලැන්තනයිට් එක් අන්තයක ඇති අතර Ir(III) සංයෝගය වඩාත්ම මන්දගාමී වේ.


ඔක්සිකරණ - ඔක්සිහරණ ප්‍රතික්‍රියා[සංස්කරණය]

ඔක්සිකරණ - ඔක්සිහරණ ප්‍රතික්‍රියා ආන්තරික මූලද්‍රව්‍ය සදහා බහුලව පවතී. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා වර්ග දෙකක් සැලකිල්ලට ගනී. පරමාණු මාරු ප්‍රතික්‍රියා (ඔක්සිකාරක එකතුවීම / ඔක්සිහාරක ඉවත්වීම වැනි) හා ඉලෙක්ට්‍රෝන මාරු ප්‍රතික්‍රියා මූලික රෙඩොක්ස් ප්‍රතික්‍රියාවත්‘ස්වයං හුවමාරුවක්’ වේ. ඔක්සිකාරකයක් හා ඔක්සිහාරකයක් අතර පිරිහුණු ප්‍රතික්‍රියාවක් මෙයට ඇතුළත් වේ. උදාහරණ ලෙස

[MnO4]− + [Mn*O4]2− → [MnO4]2− + [Mn*O4]−


ලිගන ප්‍රතික්‍රියා[සංස්කරණය]

නිදහස් ලිගන හා බන්ධන වූ ලිගන ප්‍රතික්‍රියාකාරිත්වයේ වෙනස්කම් දක්වයි. උදාහරණ ලෙස [Co(NH3)6]3+ හි ඇමෝනියා ලිගනවල ආම්ලිකතාව ඇමෝනියාවලට සාපේක්ෂව වැඩිය. ලෝහ කැටායනවලට බැදුණු ඇල්කේන නියුක්ලියොපයිල කෙරෙහි සක්‍රීය වේ. විශාල හා කාර්මිකව වැදගත් අංශ ‍රදා පවතින්නේ කාබනික ලිගනවල ප්‍රතික්‍රියාකාරිත්වය වෙනස් කිරීමට ලෝහවලට ඇති හැකියාව නිසාය.

සමජාතීය උත්ප්‍රේරණය ද්‍රාවණවල දී ඇතිවන අතර ‍විෂම ජාතීය උත්ප්‍රේරණය වායුමය හෝ ද්‍රවණය වූ උපස්ථර ලෝහ පෘෂ්ඨ සමග අන්තර්ක්‍රියා කරන විට ඇතිවේ. සාම්ප්‍රදායිකව සමජාතීය උත්ප්‍රේරණය කාබනික ලෝහ රසායනයේ කොටසක් ලෙස සලකන අතර විෂම ජාතීය උත්ප්‍රේරක පෘෂ්ටීය විද්‍යාවේ දී (ඝන අවස්ථාව පිළිබද රසායනයේ උප අංශයකි) සාකච්ජා වේ. නමුත් මූලික රසායනික නීති සමාන වේ. ආන්තරික ලෝහ CO , H2 , O2 හා C2H4 වැනි කුඩා අණු සමග ඒවාට ආවේණික ක්‍රමයකට ප්‍රතික්‍රියාවේ. මේවායේ කාර්මික වැදගත්කම උත්ප්‍රේරණයේ ක්‍රියාකාරී අංශ පවත්වා ගැනීමට හේතුවේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Inorganic_chemistry#Mechanistic_inorganic_chemistry