යහන් කවි
ශාන්තිකර්ම සදහා සාදන ලද මල් යහනට දෙවියන් වඩම්මවීම සදහා කියන කවි යහන් කවි වේ. මල් යහන් කවි ලෙසත් හැදින්වේ.
දස දිග ආලෝක කරන ගදායුදේ ගෙන
බැස මෙරගින් නුවර පුරෙන් එලි බැස සිට ගෙන
බැස ගිනිජල් සිරි හස්තෙන් යකුන්ට බැට දෙන
වෙසමුණි රජුගෙන් විවරණ දැඩිමුඩ අණ දෙන
බවන අසුර දිව තෙදින් බලාගෙන
කෙලින විදුලි ඉර සද නවතාගෙන
වදින සැරේ කිරී මූහුද තැලී ගෙන
සුමන සුරිදුගෙන් අවසර ලැබගෙන
ගතට දේව සළු රන්දුනු අබරණ
සතට පෑපු බල කළුගල් පාය තනා ගෙන
වෙතට ගොසින් විෂ්ණුගෙන් වරම් ලබා ගෙන
අතට ගෙනාරයන දෙවි දුන්න ලබා ගෙන
පායා එන සද සේම වටින් වට
ඡායාවෙන් එළිය වැටුනි ලක්දිව නොව සැක
පාය මෙන් ලොව සවුසත නිති රැක
මායාවකි කදිර පුරේ සුරිදුට බැහැදැක
ගත රන් රුව වැනි නෙතට පෙනෙන්නේ
සොබවාන් නළලත අඩසද වැන්නේ
බට මේ වන් වරලස ගවසාන්නේ
දිගුනිල් දිගුනේත් යුග දිලිසෙන්නේ
සවනත කිනිහිරි මල් පෙති රේඛා
ලවනත බඳුවද දත් කොඳ රේඛා
දෙවුරත ගජ කුඹු බුජ වැල රේඛා
උදරත වද රන් රූබර රේඛා
දෑල දිලී අළු ගෝමර රේඛා
සලා ළමැද රන් පර්හද රේඛා
නීල පළිඟු බැඳි දුනු පට රේඛා
බාල චන්දවන් නළලත රේඛා
තාම් දීන ආඩම්බර ගමන් වඩින කල
රන්ගිර මෙන් බෑවුමෙන් යකුන්ට පෑ බල
මංගර සිරි කිරි කඩවර දෑලේ මුර කර
බණ්ඩර දෙවතා අතරින් ගින්දර වේවැල
යක්ෂ භූත ප්‍රේත සිංහ කන්නඩි යක්කු
නාග රාජ ගොපළු පිල්ලි ගිනිජල් යක්කු
බීත ලවුඩි එගිනි සාති මල්වර යක්කු
පාත දෙවොල් වට කුමාර මංගර යක්කු
රොත්ත පිටින් පිරිවරාන බණ්ඩාර එනවා
සද්ද වචනයෙන් උග්ගල් පුරට වඩිනවා
සුද්ද සපිරි යකුන්ට පුද කැප කර දෙනවා
සිද්ද මේ කඩවර කළු ගල් සායම කනවා