යසුෂි අකෂි

විකිපීඩියා වෙතින්
ගොනුව:Yasushi akashi with president rajapaksha.jpg
2008 ජනවාරි 14 දින ශ්‍රීලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග

යසුෂි අකෂි (明石 康 Akashi Yasushi, උපත ජනවාරි 19, 1931 අකිතා ප්‍රාන්තයේ හිනයි නගරය) ජ්‍යෙෂ්ඨ ජපාන රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ එක්සත් ජාතීන්ගේ පරිපාලකයෙකි. හෙතෙම එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නිව්යෝක් නුවර මූලස්ථානය මගින් දේශපාලනිකව අන්තර්ජාතික සිවිල් සේවකයෙක් ලෙස පත් කරන ලදී. මහජන තොරතුරු පිළිබඳ උප-ලේකම්-ජනරාල්, නිරායුධකරණය තොරතුරු පිළිබඳ උප-ලේකම්-ජනරාල් සහ මානවවාදී කටයුතු හා හදිසි සහන පිළිබඳ උප-ලේකම්-ජනරාල් යන පදවි උසුලන ලදී.

නොයෙක් අන්‍ය අතිරේක නියමයන් අතර යුද්ධයට පෙර යුගෝස්ලෝවියාවේ ලේකම්-ජනරාල්වරයාගේ පෞද්ගලික නියෝජිත ලෙස කටයුතුකරන ලදී. එසේම ඔහු 1993 කාම්බෝජියානු මැතිවරණයටපසු සාම සාකච්ජා අධීක්ෂණය කරනලදී. එතැනදී ඔහුගේ සාර්ථකත්වය ගැන නොසලකා බෝල්කනයේ පසුකාලීන ක්‍රියාකලාපය පිලිබඳව ඔහුව තරයේ විවේචනය කරන ලදී. ප්‍රධාන වශයෙන් ඊට හේතු වූයේ සර්බිනියානු සමූලඝාතනය වැලැක්වීමට නොහැකි වීමයි.

ශ්‍රීලංකා රජය හා දෙමළ කොටි ත්‍රස්තවාදීන් අතර ගිවිසුමට පහසුකම් සැලසීම සඳහා 2006 සැප්තැම්බර් මස ශ්‍රීලංකාවට පැමිණියේය.

"https://si.wikipedia.org/w/index.php?title=යසුෂි_අකෂි&oldid=470633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි