යක්කඩුව වීරගාමිණී

විකිපීඩියා වෙතින්
  1. එල්ලේ ක්‍රිඩාව පිළිබද.......ශ්‍රී_ලංකා_එල්ලේ

ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ විස්තර
යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම

වර්ෂ 1958 පෙබරවාරි මස 04 වන දින රාගම හාලිවින්ග්ස් ක්‍රිඩා සමාජය සමගින් සිය මංගල එල්ලේ තරගය ආරම්භ කල යක්කඩුව වීර ගාමිණි එල්ලේ ක්‍රීඩා සමාජය අඛණ්ඩව මේ දක්වා යක්කඩුව,නිවන්දම යන ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රිඩාවට ලැදි මහජනතාවගේ සහයොගය මත එල්ලේ ක්ෂේතයේ ඒ ශ්‍රේණියේ කණ්ඩායමක් ලෙස දක්ෂතා පෙන්වමින් සිටි.

යක්කඩුව විර ගාමිණි එල්ලේ කණ්ඩායම

ක්‍රිඩා සමාජය ආරම්භයේ පටන් එස් එච් ගුණසේකර,ඇලෙක්ස්සැන්ඩර් රණසිංහ,බන්දුල පෙරේරා,නිමල් තිස්ස ජයසුරිය.එස් ඒ අබේරත්න ගරැ සභාපතිවරැන් වශයෙන්ද.පියදාස වෙල්ගම,වින්සන් පෙරේරා,ජෝෂප් පෙරේරා.රත්නපාල පෙරේරා.සිරිපාල රණසිංහ සුනිල් නිහල් පෙරේරා ලේකම් වරැන් වශයෙන්ද භාණ්ඩාගාරික වශයෙන් තිලකරත්න පෙරේරාද සංවිධායක වශයෙන් මිලාන් බොතේජුද මෙම ක්‍රිඩා සමාජය වර්ථමානය දක්වා වසර හැටකට(60) ආසන්න කාලයක් ඉදිරියට රැගෙන යාමට දායකත්වය සපයමින් එල්ලේ ක්‍රීඩාව නංවාලීම සදහා නිහඩ මෙහෙවරක් කර ඇති අතර විසිවන ශතවර්ෂයේ සභාපති වරැන් වශයෙන් හෂාන් පෙරේරා ලේකම් වශයෙන් ගාමිණි මදුරාවල සහ ප්‍රධාන සංවිධයක වශයෙන් සාගර පෙරේරාද මනා මෙහෙයක් ඉටු කරමින් කණ්ඩායමේ ඉදිරි ගමනට මහත් ශක්තියක් සපයා ඇත.
ශ්‍රි ලංකා එල්ලේ සම්මේලනය මගින් මෙහෙයවන ලද 1973/1974 වර්ෂයන්හි පවත්වන ලද එල්ලේ ක්‍රීඩාවේ රන් කිරැල සේ සලකනු ලබන ජාතික එල්ලේ සූරතාවය එම වර්ෂයන් දෙකෙහිදී ලබා ගැනීමට හැකි විම මෙන්ම එක් පිලකට ඉනිම් දෙකක් හිමි තරගමාලාවන්හි ශුරතාවයන් කිහිපයක් ලබාගැනිමටත්,එම අනු ශූරතාවයන් කිහිපයක්ද ලබාගෙන ඇති අතර සුහද එල්ලේ තරගයන් විශාල සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් එල්ලේ ලෝකයේ නම් දරා ඇති ප්‍රභල කණ්ඩායමක් වශයෙන් හදුන්වා දිය හැක. එමෙන්ම 1988 වර්ෂයේ දිවයිනේ ප්‍රථම වරට ආරාධිත ආධුණීක එල්ලේ තරග මාලාවක් සංවිධානය කිරිමේ ගෘරවය හිමි වන්නේද මෙම ක්‍රීඩා සමාජයටයි.ඩබ්ලිව් තෝබියස් පෙරේරා,ආර් වීරසිරි රණසිංහ,එස් ඒ අබේරත්න,මාර්ෂල් පෙරේරා,නිමල තිස්ස ජයසූරිය,ඉංදික නවරත්න,ගාමිණී නවරත්න,සුනිල් පෙරේරා,සාගර පෙරේරා,රැවන් චන්දන කලින් කලට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති නායකයින්ය.
1992 වසරේ ක්‍රිඩා අමාත්‍යංශය විසින් මෙහයවන ලද ජාතික ක්‍රීඩා උත්සවයේ ජාතික ශුරයා බවට ෂෙල්ටන් පෙරේරාද,1997 වසරේ ජාතික ශුරයා වශයෙන් රැවන් චන්දනද සම්මාන සහ සහතිකපත් ලබා ඇත.එයට අමතරව වාර්ෂිකව පවත්වනු ලබන එල්ලේ ක්‍රිඩාව තුල තවත් වැදගත් හා නරඹන්නන් අතර මහත් ජනප්‍රීය තාවයට පත්ව ඇති ගම්බද හා නගරබද එල්ලේ තරගයන් මෙන්ම ආසන එල්ලේ තරගමාලාවන් හිදී ජා - ඇල ආසනය නියෝජනය කිරිමටත් දිස්ත්‍රික්ක එල්ලේ කණ්ඩායම් නියෝජනය කිරිමේ භාග්‍යයද යක්කඩුව වීරගාමිණී කණ්ඩායමේ ක්‍රිඩකයෙකුහට නිතැතින්ම හිමි වීමේ අවශ්ථාවන් බොහෝ ඇත්තේ එම කණෟඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය මතයි.
1962.02.04 වන දින පවත්වන ලද ප්‍රථම ගම්බද හා නගරබද එල්ලේ තරගයේදී එවකට වීරගාමිණි කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකුවු එම කණ්ඩායමේ නායක තෝබියස් පෙරේරා ගම්බද කණ්ඩායම නියෝජනය කිරිමට වරම් ලබා ගන්නා ලදී.එසේමඉන් වසර තිස් දෙකකට පසු එනම් 1995 වර්ෂයේ වෙන්නප්පුව ඇල්බට් එප් පීරිස් ක්‍රීඩාංගනයේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද කණ්ඩායමේ නායකත්වය මෙම ක්‍රීඩා සමාජයේ එවකට නායකයාව සිටි ෂෙල්ටන් පෙරේරායි.1969 දී ජාතික පාසැල් එල්ලේ සූරයා ලෙස රන් පදක්කම දිනූ මිලන් බොතේජු මෙම ක්‍රිඩා සමාජයේ ක්‍රිඩා කරමින් නිවන්දම ජිනරාජ මහා විද්‍යාලීය එල්ලේ කණ්ඩායමේ දක්ෂතා පෙන්වීමෙන් අනතුරැව එම පදක්කම දිනා ගැනීමද විශේෂ සිදුවිමක් වශයෙන් හැදින්විය හැක.එසේම මෙම කණ්ඩායම නියෝජනය කරනු ලැබු දක්ෂ ක්‍රිඩකයෙකු මෙන්ම එහි ලේකම් වශයෙන් කටයුතු කරනු ලැබූ සිරිපාල රණසිංහ එම ලබාගත් දැනුම මත ශ්‍රී ලංකා එල්ලේ පාලක මණ්ඩලයේ ලේකම් වශයෙන් එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුනුව සදහා කටයුතු කරමින් සිටින අතර එය මෙ කණ්ඩායම ලැබු තවත් භාග්‍යයක් වශයෙන් හදුන්වා දීමට හැක.එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් මුද්‍රණය කර ඇති සිමිත සංඛ්‍යාවක් වූ පොත්පත් අතරින් 1999 දි එල්ලේ ක්‍රිඩාවට පිවිසිම යනුවෙන් පොතක් මුද්‍රණය කරමින් දිවයින තුල ප්‍රශිද්ධ කිරිමට සිරිපාල රණසිංහ මහතා විසින් ඉටුකරන ලද්දේද එල්ලේ ක්‍රීඩාවට දක්වන ලද කැපවිම මෙම කණ්ඩායම තුලින් ලබාගත් බැවිනි.
එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එම ක්‍රීඩාව රැක ගැනීම සදහා මෙම කණ්ඩායමේ ක්‍රිඩකයින් මෙන්ම ජා-ඇල ,යක්කඩුව සහ නිවන්දම යන ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රීඩාවට ලැදි සෑම අයෙකුගේම සහයද මෙම ක්‍රීඩා සමාජයට ලැබෙන බැවින් ක්‍රීඩා සමාජයේ දියුණුවට හා දක්ෂතා පෙන්වමින් ඉදිරියට යාමට ඉමහත් පිටුවහලක් වි ඇති අතර තරගමාලාවන් පැවැත්වෙන ක්‍රීඩාංගනයන් කරා එම ක්‍රීඩා ලෝලි ජනතාව රැස් වෙමින් එල්ලේ තරග නරඹමින් මෙම ක්‍රීඩාව වර්ථමාන සහ අනාගත තරැණ පරපුර වෙත දායාද කිරිමට කැපව සිටිමද එල්ලේ ක්‍රීඩාවට පමණක් නොව ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වලදි පවා මෙම එල්ලේ ක්‍රිඩා සමාජය විසින් ප්‍රමුකත්වය ගෙන කටයුතු කිරිම පැසසිය යුතු කරැණකි.
රැවන් චන්දන,ෂෙල්ටන් පෙරේරා,එච්ඒ ජයරත්න,පිඩි නිශාන්ත,සාගර පෙරේරා,අජිත් රෝහණ,නිරන්ජන් පෙරේරා,සුදම් ලසන්ත,චින්තක පෙරේරා,සුනිල් පෙරේරා,සුසන්ත කුමාර,රනිල් චන්දන,මහින්ද නිරෝෂන්,ඇලෙක්සැන්ඩර් රණසිංහ,ඩී මිල්ටන් ජෝෂප්,සුරංග මදුරාවල,නීල් කුමාර,සුරංග සම්පත්,සහන් ජයදේව,වීරසිරි පෙරේරා,2010 වර්ෂයෙන් පසු ක්‍රීඩා සමාජය නියෝජනය කරනා ලද ක්‍රීඩකයින් වශයෙන් හදුන්වා දිය හැකි අතර යක්කඩුව නිවන්දම පදේශයේ විශාල ක්‍රීඩකයින් පිරිසක් වර්ථමානය වනවිට මෙම කණ්ඩායම නියෝජනය කර තිබීමද සදහන් කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=යක්කඩුව_වීරගාමිණී&oldid=386572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි