මෞර්ය අධිරාජ්‍යය තුල ආගම
අධිරාජය චන්ද්රගුප්ත මෞර්ය ඉතා උසස් මට්ටමින් ආගමික පරිවර්තනයක් දියත් කල පලමු ඉන්දීය අධිරාජයයා විය. චන්ද්රගුප්ත රජු ජෛනාගම එකල රාජසභාවේ සිටි හින්දු පූජකයන් විසින් අප්රිය කල ආගමික ඉගැන්වීමක් වැලඳ ගැනීමත් සමඟ මෙය සිදුවිය. වියපත් වීමත් සමඟ චන්ද්රගුප්ත රජු තම රජකම සහ රාජයය නැවත පවරා දී ජෛන පූජකයන් සමඟ එක් විය.පසු කලෙක ඔහු ආචාර්ය හද්රබාහුගේ ශිෂයයෙකු බවට පත්විය. ඔහු තම අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිලිවෙතක් අනුගමනය කරමින් කරනාටක ප්රාන්තයේ බේලගොල ආශ්රමයේ විසු බවට සඳහන් වෙයි. කෙසේ වෙතත් ඔහුගේ අනුගාමිකයා වු බින්දුසර රජු හින්දු පිලිවෙත් ආරක්ෂා කරගන්නා ලද අතර ජෛන සහා බුදුදහමෙන් ඈත්ව සිට ඇත.
බුදුදහම
නමුත් කාලිංග යුද්ධයෙන් පසු අශෝක අධිරාජයයා බුදුදහම වැලඳ ගැනීමත් සමඟ ඔහු කුරිරු රාජයය විධික්රම අර්ථශාස්ත්ර අතහරින ලදි. අශෝක අධිරාජයයා තම පුත්රයා සහ දියණිය යටතේ ධර්මදූත පිරිස් ශ්රී ලංකාවට එවන ලදි. ලංකාවේ රජු බුදුදහම කෙරෙහි පැහැදී බුදුදහම වැලඳගත් අතර එයට රාජයය අනුග්රහයද ලබාදෙන ලදී. අශෝක රජු මෙවැනි ධර්මදූත පිරිස් බටහිර ආසියාව ග්රීසිය සහ ගිණිකොණ ආසියාවට යවන ලද අතර බෞද්ධ පන්සල් පිරිවෙන් පිහිට වූ අතර බුදුදහම අධිරාජයය පුරා පැතිරවීය.ඔහු ඉන්දියාව පුරා ස්ථුප 84000 පමණ ඉදිකල බවට විශ්වාස කෙරේ. එමෙන්ම ඔහු ඇෆ්ගනිස්ථානයේද බෞද්ධ ගහණය වැඩිකරන ලදි. අශෝක රජු බුදුදහම පැතිරවීම සහ ප්රතිසංස්කරණය කිරීම සඳහා තුන්වන බෞද්ධ සංගායනාව තම අගනුවර පිහිට වූ බවද කියවේ.
හින්දු දහම
තමා බුදුදහම වැලඳ ගත්තද තම රාජයය සභාවට හින්දු පූජකයන්ද සහභාගි කරවා ගන්නා ලදී. ඔහු ආගමික නිදහස සහ ඉවසීම පවත්වා ගැනීමත් සමඟ බුදුදහම විශාල ලෙස පැතිරෙන ලදී. ඉන්දීය සමාජය අවිහිංසා දර්ශනය වැලඳගත් අතර රාජයයේ දූෂණ හා අක්රමිකතා විශාල ලෙස අඩුවිය.බුදුදහමින් කුල ක්රමය ප්රතික්ෂේප කිරීමත් සමඟ හින්දු දහමඳ ජෛන හා බෞද්ධ ඉගැන්වීම් උපුටා ගැනීමට පටන් ගත් අතර සාමය සෞභාගය සපිරි යුගයක සමාජ නිදහස ක්රමයෙන් වැඩිදියුණු විය.