මොරිටේනියා
මොරිටේනියාවේ නිල නාමය 'මොරිටේනියා ඉස්ලාමීය ජනරජය'නම් වෙයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. මෙහි දේශ සීමා ලෙස බටහිරින් අත්ලාන්තික් සාගරයත්,නිරිත දිගට සෙනෙගල්ද, නැගෙනහිරට සහ ගිණිකොනට මාලී රටද, ඊසාන දිගින ඇල්ජිරියාව සහ වයඹින් මොරොක්කෝව විසින් පාලනය කරනු ලබන බටහිර සහරාවද වෙයි. නූතන රාජ්‍යයෙන්, පැරණි මොරිටානියා පළාතේ නිරිත දිග දිසාව දක්වාම ආවරණය වන නමුදු, මොරිටානියා හි රෝමන් පළාත සිහිගන්වනු වස් මෙරටට ඒ නම ලැබී තිබේ. අගනගරය සේම මොරිටානියාහි පිහිටි විශාලම නගරය වනුයේද අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටා ඇති 'නොවක්චොට්' (Nouachott) නුවරයි.
ජෙනරල් මොනටඩ් අවුල්ඩ් අබිදෙල් අසීස්ගේ නායකත්වයෙන් දියත් කරන ලද හමුදා කුමන්ත්‍රණයක් මගින් 2008 අගෝස්තු 6 වන දින එවකට පැවති මොරිටානියා සිවිල් ආණ්ඩුව, බලෙන් නෙරපා හරිනලදී.එම වර්ෂයේම ජූලි 19 වැනි දින පැවැත් වූ ජනාධිපතිවරණයට තරඟ කිරීම පිණිස ජනරාල් අසීස් යුධ හමුදාවෙන් ඉල්ලා අස්වූ අතර පසුව ඔහු මැතිවරණයද ජයගත්තේය. මොරිටානියාහි ජනගහනයෙන් 20% පමණ ජීවත් වනුයේ දිනකට ඇමරිකන් ඩොලර් 1.25 කටත් අඩු ආදායමක් ලබමිනි
