මොරවක

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා ද්වීපයේ නිරිත දිග තෙත් කලාපයට අයත් දකුණු දේශයේ සුන්දර සිංහරාජ වනෝද්‍යානයට නුදුරින් පිහිටි කොටපොල ප්‍රාදේශීය මහා ලේකම් කොට්ඨාසයට අයත් බටහිර මොරවක්කෝරළයේ, මුහුදු මට්ටමේ සිට අඩි 2377 ක් පමණ උසින් මොරවක් කන්ද නමින් රමණීය කදුයායක් පිහිටා ඇත. මේ රමණීය වනෝද්‍යානය පාමුල දකුණු පසින් ගලා බසින නිල්වලා නදී සුර කුමරිය ප්‍රදේශයේ එකම සම්පත වී වැජඹෙන්නීය. මේ සුරකුමරිය මිල්ල ඇල , අමුණුදොල නමින් යුත් යෙහෙලියන් දෙදෙනෙක් සමග කෙලිදෙලෙන් සිට වන සිරි විදිති.මේ තිදෙනාට මැදිව මුහුදු මට්ටමේ සිට අඩි 500 ක් පමණ උසින් පිහිටි චමත්කාරජනක කදු ගැටයක සැදුම් ලත් නානාවෘක්ෂ රෝපිත ගෙඋයනේ අප විදුහල පිහිටා ඇත.


මොරවක වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය තේ වගාවෙන් සලසා ගෙන ඇති අතර වී ගොවිතැන, අල , බතල, කෙසෙල් , පොල් ගෙවතු වගාවන් ද අතනොහැර පරිභෝජනයට ගෙන ඇත.

කෑගල්ලේ වරකාපොලද මොරවක නම් ගමක් ඇත. තවත් බොහෝ මොරවක නමැති ගම් තිපිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මොරවක&oldid=470625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි