Jump to content

මොන්ටි හෝල් ප්‍රශ්නය

විකිපීඩියා වෙතින්
නව මෝටර් රථයක් දිනාගැනීම පතන ක්‍රීඩකයා එක් දොරක් තෝරයි, හිතමු අංක 1 කියා. ක්‍රීඩාවේ සත්කාරක අනෙකුත් දොරවල් දෙකෙන් එකක්, අපි හිතමු අංක 3 විවෘත කොට එළුවෙක් නිරාවරණය කර ගෙන ක්‍රීඩකයාට අවස්ථාව ලබාදෙයි ඔහුගේ පළමු තේරීම වූ අංක 1 දොර වෙනස් කොට ඒ වෙනුවට අංක 2 දොර තෝරාගැනීමට.

මොන්ටි හෝල් ප්‍රශ්නය යනු ලෙට්ස් මේක් අ ඩීල් නම්වූ ඇමරිකානු රූපවාහිනී තරග වැඩසටහනට ලිහිල් ලෙස පදනම්වූ සම්භාවිතා ප්‍රහේලිකාවක් වන අතර එම වැඩ සටහනෙහි මුල් සත්කාරක මොන්ටි හෝල් අනුව යමින් නම් කර ඇත. මොන්ටි හෝල් විරෝධාහාසය, ලෙසින්ද හැඳින්වෙන මෙම ප්‍රශ්නය, සත්‍යානුකූල විරෝධාභාසයක් වන්නේ එහි ප්‍රතිඵලය අමුතු ලෙස පෙනුනේ වුවද ප්‍රත්‍යක්ෂවම සත්‍ය වන හෙයිනි. එහි සාමාන්‍ය අර්ථ නිරූපණය අනුව, මොන්ටි හෝල් ප්‍රශ්නය, මීට පැරණි සිරකරුවන් තිදෙනාගේ ප්‍රශ්නයට ගණිතමය ලෙසින් සර්වසම වන අතර, මේ දෙකම වඩාත් පැරණි බර්ට්‍රන්ඩ්ගේ විරෝධාභාසයට යම් සමානකම් දක්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=මොන්ටි_හෝල්_ප්‍රශ්නය&oldid=217395" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි