මෛත්‍රී භාවනාව.
== මෛත්‍රී භාවනාව. ==
බුද්ධ කාලයේ වනයට ගොස් භාවනා වැඩීමේ දී අමනුෂ්‍ය කරදර නිසා ගැහැටට පත් වූ භික්ෂූන් වහන්සේලා පන්සියයක් අරභයා කරණීය මෙත්ත සුත්‍රය වදාළ සේක. කරණීය මෙත්ත සූත්‍රයේ ඇති කමටහන් පෙල මනාව වැඩු උන් වහන්සේලා සියලු දෙනාම මහරහත් භාවයට පත් විය. කරණීය මෙත්ත සුත්‍රය විදර්ශනා වැඩීමෙන් මග පල ලැබිය හැකි භාවනාවකි. බොහෝ දෙනා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්නට දත් නමුත් භාවනා කිරීමට නොදනියි. එහි ශාන්ත පද වූ නිවනට යාමට කැමති සත්පුරැෂයා විසින් අනුගමනය කළ යුතු කරණීය ධර්මයන් 14 ක් දැක්වේ.
1. සක්කෝ – සක්කෝ යනු දස කුසලය වැඩීමේ දක්ෂ භාවය යි. දස කුසලය වැඩීමට දක්ෂ වෙමියි අධිෂ්ඨාන කරන්න.
2. උජූ යනු සෘජු භාවයයි. පාණාතිපාතා අදත්තාදාන කාමේසුමිච්ඡාචාර සුරාපාන යන කයෙන් කෙරෙන වැරදි සහ මුසාවාද පරැසාවාච පිසුණාවාච යන වචනයෙන් කෙරෙන වැරදි නොකළ යුතුය. මෙසේ අකුසල් කරන්නේ දෙතිස් කුණපයකින් සෑදුනා වූ නව දොරකින් අසූචි නිරතුරැව වැගිරෙන්නාවූ දෙතිස් කුණපයක් පැවැත්වීම සඳයාය. එය නිෂ්පල ක්‍රියාවක් බව අවබෝධ කරගන්න. සෘජු වීම සඳහා ආජීව අට්ඨමක ශිලය සමාදාන් වන්න.
3. සූජූ ච – මැනවින් සෘජු වන්නේය. සිල් පද කැඩී ඇති නම් එහි ඇති වරද දැක නැවත සමාදන්වන්න. උදාහරණයකට, සම්පප්‍රලාපය වැනි සිල් පදයක් කැඩී ඇති නම් එය තමාටත් අනුන්ටත් හානිකාර බව දැක නැවත නැවත සම්පප්‍රලාප නොකිරීමට අධිෂ්ඨාන කරන්න.
4. සුවචෝචස්ස (සුවච) – මැනවින් කීකරැ වන්නේය. සුවච යනු ඉරිසියා මච්ඡරිය මක්ඛ පළාස යන ධර්මතා පහ කර දුවච්චතාවය දුරැ කිරීමයි.
මක්ඛය හෙවත් ගුණ මකන ස්වභාවය ඇති විට ඉරිසියාව ඇති වේ. ඉරිසියා කරන්නාට ලැබෙන දෙයක් නැත. එය ලාමක අකුසලයකි. ඒ නිසා තමන් ඉරිසියා කළ අවස්ථාවක් සිහි කර ඉරිසියාව පහ කරන්න. ක්‍රෝධය නිසා මක්ඛය ඇති වේ. එනම් දුසිල් වීමෙන් තමාගේ ද අනුන්ගේ ද ගුණ මකයි. මක්ඛය නිසා පරැසාවාචය ඇති වේ. පරැසාවාචය නිසා දුසිල් වීමෙන් තමාගේ ද ගුණය මැකේ. මේ ආකාරයට යෝනිසෝ මනසිකාරය කර මක්ඛ පහ කරන්න.
පළාසය යනු එකකින් තවත් එකක් වෙන් කිරීමයි. උදාහරණයකට, ලාභ ප්‍රෙයා්ජන සලක එක් යාලුවෙකුගෙන් තවත් යාලුවෙක් වෙන් කරයි. පළාසය භාවිතා කර එක කෑමක් රස නැති යයි හොද හොද කෑම සොයයි. ස්වාමි භාර්යාවන් දූ දරැවන් පළාස කරයි. මෙසේ අකුල සංස්කාර රැස් වන විට අපට නිවන පළාස වේ. අභ්‍යන්තර වශයෙන් පළාදය යනු තමන්ගේ ශරීර කොටසක් වෙන් කිරීමයි. පළාසය නිසා මච්ඡරිය ද ඇති වේ. ලාභ ප්‍ර යෝජන සලකා එකකින් තවෙකක් වෙන් කරන විට ලාභ මච්ඡරිය ඇති වේ.
ඉරිසියා මච්ඡරිය මක්ඛ පළාස ආදී ධර්මයන් ද්වේෂයට සම්බන්ධ ධර්මයන් ය. ඒවා තමා තුළ ඇති බව පිළිගෙන පහ කළ විට සුවච වේ. මෙත් වැඩීමට සුදුසු තත්වයට සිත පත් වේ.
5- 6. මෘදු අනතිමානී – යාන වාහන දේපල ස්වාමි භාර්යාවන් ආදී බාහිර වස්තූන් ද තමන්ගේ ශරීර අවයව ආදී අභ්‍යන්තර වස්තූන් ද උගත්කම ඇසූ පිරෑ තැන් ඇති බව වැනි සංස්කාරයන් ද මමය මගේයයි චේතනා කිරිම නිසා මෘදු භාවය නැති වේ. කායික වාචසික මානසික ප්‍රගල්භ භාවය නිසා ද තද ගති ඇති වේ. මමය මගේයයි අල්ලාගෙන සිටින ඒ සියල්ල පහ කළ යුතුය. අනතිමානී යනු නිහතමානී බවයි. ඉහත කී සියලු ලෞකික වස්තූන් නිසා අහංකාරය ඇති වේ. අතිමාන වේ. තමා කෙරෙහි ස්ත්‍රී පුරැෂ ආදී වශයෙන් ඇති වෙන මානය ද දුරැ කර නිහතමානී විය යුතුය. මේ අවබෝධය ඇතිව මමය මගේයයි ගැනීම නිසා ඇති වන්නේ භය සහ දුක පමණි. තමන් ඕනෑම මොහොතක මරණයට පත් විය හැකි බව සිතා සියල්ල සිතින් අතහරින්න. මරණ සංඥාව වඩන්න. මානය මදය දුරැ කරන්න.
10. සන්තුස්සකෝ ච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුකවුත්තී – සතුටින් වාසය කරන්නේය, ලද දෙයින් යැපෙන්නේ ය, භාවනාවට හානිකර නොවන සේ අල්ප වු කෘත්‍ය ඇති ව්න්නේය, සන්සුන් වූ පැවතුම් ඇති වන්නේය. ඉහත කාරණා මැනවින් පිළිපදින විට මේ ගුණාංග ඔබ තුළ ඇති වන්නේය.
11. සන්තින්ද්‍රියෝ ච – ඉන්ද්‍රිය සංවර කරගැනීමට පහසු වන්නේ ය. මෘදු අනතිමානී බව නිසා දිට්ඨි ආශ්‍රව වැනි ආශ්‍රව අඩු විම නිසා කාමයන්ට (කාමාශ්‍රවයට) ඇතුලතින් තල්ලු කරණ ගතිය අඩු වන්නේය. කාමාශ්‍රවයන්ට දුවන ගතිය අඩු වන නිසා ඇස කණ නාසය ආදී ඉන්ද්‍රියය න් සංවර කර ගැනීමට පහසු වන ආකාරය දකින්න.
12. නිපකෝ ච – නිපක යනු ප්‍රඥාවයි. ඉන්ද්‍රිය සංවරය නිසා කෙලෙස් දැවිලි ඇති නොවන බැවින් නිරාමිෂ සුඛයක් ඇති වේ. එසේ සිටීම හොද යයි නුවන පහළ කරගනියි.
13. අප්පගබ්බෝ – ප්‍රගල්භ භාවය දුරැ කරන්නේය. ශීලය නිසා හෝ ධ්‍යානයක් නිසා හෝ තමා උසස් යයි මානයක් ඇතිකර නොගන්නේය.
14. කුලේසු අනනුගිද්ධෝ – සියලු සත්වයෝ සිටින්නේ දුකේ බැවින්, වේදනාවට තණ්හාවෙන් හදාගන්නා සිංහල දෙමල බෞද්ධ අභෞද්ධ නෑ නොනෑ මිතුරැ සතුරැ ආදී සියලු ජරා කුල පහ කරන්නේ ය. (තණ්හාව දුක්ඛ සමුදය සත්‍යයයි)
15 . නුවනැතියන් ගරහන්නා වූ කිසිදු වරදක් නොකිරීමට අධ්ෂ්ඨාන කරගන්න.
තමාට නොව බාහිරව උතුර දකුණ නැගෙනහිර බටහිර උඩ යට සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! නිවන් දකිත්වා ! ආදී වශයෙන් දිශා වශයෙන් මෙත්තාව පතුරැවන්න. සත්ව කොට්ඨාශ වශයෙන් ද මෙත්තාව පැතිරවිය හැක. එවිට මෙත්තාවෙන් අප්‍රමාණයට යයි. මෙත්තා කරැණා මුදිතා උපේක්ෂා යනු සතර අප්‍රමාණයෝ ය. සතර අප්‍රමාණයෝ නිවන් දොරටුය.
(තමාට මෙත් වැඩීමක් තථාගතයන් වහන්සේ වදාරා නැත. තමාට මෙත් වඩන විට සක්කාය දිට්ඨිය වැඩෙන නිසා නිවන් දොරටු ද වැසේ. මෙත්තා අප්‍රමාණයට හෝ මෙත්තා චේතෝවිමුක්තිය ද නොලැබේ. මෛත්‍රිය වැඩිමෙන් තුන් වෙන් ධ්‍යානය දක්වා පමණක් ලැබිය හැකි බවට මිසදුටු අදහස් ද පතුරුවා තිබේ. මෙත්තා අප්‍රමාණය තුලින් ආකාසංඥායතනය විඤ්ඤාණංචායතනය ආකිඤ්චඤ්ඤායතනය වැනි ආර්ය ධ්‍යානයන්ට ද චේතෝ විමුක්තිය වැනි විමුක්තීන්ට ද පත් විය හැකි බව බුද්ධ දේශනය යි.)