මෛත්‍රිය
මෙත්තා හෙවත් මෛත්‍රීය යනු කරුණාව, දයාව ආදී වදන් වලට තරමක් ආසන්න තේරුමක් වචනයකි.
බුදු දහම අනුව මෙය දස පාරමිතා වලින් එකක් වන අතර සතර බ්‍රහ්ම විහරණයේ පළමු අංගයයි. මෛත්‍රී භාවනාව යනු බෞද්ධ භාවනා ක්‍රමවල එක් ප්‍රසිද්ධ ක්‍රමයකි.
මෛත්‍රී භාවනාව
[සංස්කරණය]මෛත්‍රී භාවනාවේ අරමුණ කරුණාව හා දයාව පැතිරවීමයි. (බැඳීමකින් තොරව දයාව පෙන්වීම) මෙම භාවනාව ආරම්භවන්නේ භාවනා කරන්නා විසින් තමාටම මෛත්‍රීය පතුරුවා ගනිමිනි. ඉන්පසු පිළිවෙලින් තම දෙමාපියන්ට, මිතුරන්ට, ගුරුවරුන්ට, හිතුවතුන්ට, අහිතව හා අවසානයේදි සියළුම සත්වයා වෙත මෛත්‍රීය පතුරුවයි.
බුදුදහමට අනුව මෛත්‍රීය ප්‍රගුණ කළ තැනැත්තාට අයහපත් ක්‍රියා හෝ ක්‍රෝධ සිතුවිලි සිතෙහි දරා ගැනීමට අවශ්‍ය නොවේ.ඒ හෙයින් ඔවුන් වඩා පහසුවෙන් හා සැහැල්ලුවෙන් වාසය කරති. නින්ද නොයාමේ රෝගයට හා නපුරු සිහින පෙනීමට ප්‍රතිකර්මයක් ලෙස ද මෛත්‍රී භාවනාව භාවිතා වේ. මෛත්‍රීයෙන් පිරුණු තැනැත්තෙක් ආශ්‍රය කිරීම පහසු වන අතර ඔහු වටා සිටින්නන්ට ඉන් සතුටක් ලැබේ. මෛත්‍රීය දයාවෙන්, සාමයෙන් හා සතුටෙන් පිරුණු ලෝකයක් බිහිකිරීමට උපකාරී වේ.
මෛත්‍රී භාවනාව ක්‍රෝධයෙන් කැළඹුනු සිත් සුවපත් කර ගැනීම සඳහා යොදා ගත හැකි ඔසුවකි. මෛත්‍රීය පුහුණු කරගත් කෙනෙකු පහසුවෙන් කේන්තියට පත් නොවන අතර වෛරය ඇතිවුවත් එය පහසුවෙන් යටපත් කර ගනී.
මෛත්‍රීය සතුරු බවින් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වේ. ඉන් සියළු දෙනාගේම සතුට ප්‍රාර්ථනා කෙරේ. ඉවසීම, අන් අය කෙරෙහි ගෞරවය දැකිවීම හා අන් අය අගය කොට සැලකීම ද මෙහි කොටසක් වේ. මෛත්‍රීය යනු ආත්මාර්ථයෙන් තොරව යමෙකුට දක්වන දයාව ලෙසද පෙන්වා දීමට පුළුවන. එය දෙමාව්පියන් විසින් තම දරුවෙකුට දක්වන ආදරය හා සමානය.මෛත්‍රී භාවනාවේදි සිමාරහිත අයුරින් දයාන්විත හදවතක් ඇති කර ගැනීම සඳහා වු පාඨ පිළිබඳව සිත යොමු කරයි. මෛත්‍රීය හේතුවෙන් සියළු ජීවින් කෙරෙහි කරුණාව හා පරිත්‍යාගශීලිත්වය දක්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රිය වැඩූ තැනැත්තා සියළු සත්වයාගේ සතුටේදි සතුටු විය හැකි තත්වයකට පත් වේ.