මෙහිදි හසන්

විකිපීඩියා වෙතින්
මෙහිදි හසන් 2018 දී

මෙහීදි හසන් මිරාස් (බෙංගාලි: মেহেদী হাসান মিরাজ; උපත: 1997 ඔක්තෝබර් 25) බංග්ලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු බංග්ලාදේශ ජාතික කණ්ඩායම සඳහා ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රීඩා කරයි.[1][2] පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු දකුණත් පිතිකරුවෙකු වන අතර දකුණත් පිට දග පන්දු යවන්නෙකි. මෙහිදි, මෙම වසර අගදී ඔහුගේ වෘත්තීය දිවියේ හොඳම එදිජා ශ්‍රේණිගත කිරීම් කරා ළඟා වූ නිසා වඩාත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉස්මතු විය. 2018 නොවැම්බරයේදී, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව, ඔහු ටෙස්ට් තරඟයකදී බංග්ලාදේශ පන්දු යවන්නෙකු සඳහා හොඳම පන්දු යැවීමේ වාර්තාව ලබා ගත්තේය. 2021 පෙබරවාරියේදී, ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරඟවලදී ඔහුගේ මංගල ශතකය වාර්තා කළේය.[3] එම තරඟාවලියේදීම, ඔහු ටෙස්ට් ක්‍රිකට් කඩුලු 100ක් දවාගත් තරඟ සම්බන්ධයෙන් බංග්ලාදේශය වෙනුවෙන් වේගවත්ම පන්දු යවන්නා බවට පත් වූ අතර, ඔහුගේ 24 වැනි තරඟයේදී එසේ කළේය.[4] 2021 මැයි අග වන විට, ඔහු ICC ශ්‍රේණිගත කිරීම්වල අංක 2 එදිජා පන්දු යවන්නා වන අතර, එම ස්ථානය දරපු තුන්වන බංග්ලාදේශ පන්දු යවන්නා බවට පත් විය. අනිත් දෙන්නා තමයි ෂකීබ් අල් හසන් සහ අබ්දුර් රසාක්.[5]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Mehedi Hasan". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 July 2015.
  2. "Mehedi Hasan". CricketArchive. 1 May 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 July 2015.
  3. "Miraz ton guides Bangladesh to 430, WI 75/2 at stumps". Dhaka Tribune. 4 February 2021. සම්ප්‍රවේශය 2021-02-04.{{cite web}}: CS1 maint: url-status (link)
  4. "Mehidy Hasan Miraz becomes fastest Bangladesh bowler to 100 Test wickets". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2021.
  5. "Men's ODI Bowling Rankings". ICC. සම්ප්‍රවේශය 25 May 2021.
"https://si.wikipedia.org/w/index.php?title=මෙහිදි_හසන්&oldid=513630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි