මෙකාට්‍රොනික්ස්

විකිපීඩියා වෙතින්

මෙකාට්‍රොනික්ස් (Machatronics) යනු යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය, විද්‍යුත් ඉංජිනේරු ශිල්පය හා මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යන විෂයන්ගේ එකතුවකි.මෙම අන්තර් ක්ෂේත්‍ර ඉංජිනේරු අධ්‍යයනයේ පරමාර්ථය වන්නේ උසස් දෙමුහුන් පද්ධති පාලන හැකිහාව ඇති ඉංජිනේරුවන් බිහිකිරීමයි .මෙය බහුතාක්ෂණයක් අන්තර්ගත කළ යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික යන ක්ෂේත්‍ර ඇතුලත් ගමන් මල්ලක් ලෙසද සැලකිය හැකිය.

tiny globe
RPI වෙබ් අඩවියේ සඳහන් වන රූප සටහන මඟින් Machatronic වල විවිධ ක්ෂේත්‍ර විස්තර කර ඇත.

මෙය යාන්ත්‍රික, විද්‍යුත්, පාලන ඉංජිනේරු , පරිගණක, අණුක ඉංජිනේරු යන ක්ෂේත්‍ර කේන්ද්‍ර කොටගත් විෂය ධාරාවකි. ඒ අනුව මෙම ප්‍රධාන විෂය ඉහත කී එක් එක් විෂය ධාරා හා සෘජු ලෙසම බැදි පවතී. එබැවින් මෙකාට්‍රොනික්ස් ආර්ථිකමය වශයෙන් මෙන්ම වෙනත් වටිනාකම් රැසකින්ද යුත් විෂය ක්ෂේත්‍රයකි.මේ පුලුල් විෂය ධාරාවට Machatronics යන නම මුල්වරට යොදනු ලැබුවේ ටෙට්සුරෝ මෝරි නම් සසකාවා ජපන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් විසිනි.ඒ වර්ෂ 1969 දීය. ඒ හැර Machatronics යන නම වෙනුවට ඊට විද්‍යුත් යාන්ත්‍රික පද්ධති තාක්ෂණය යන නාමය හෝ පාලන හා යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය යන නාමය හෝ භාවිත කිරීමට හැකිවේ.

Machatronics වල පාලන ඉංජිනේරු ශිල්ප ක්‍රම පිළිබඳව වූ ප්‍රශ්න පිළිබදව හැදෑරීම ඉංජිනේරු සත්‍යාන්ත්‍රික විද්‍යාව ලෙස හැදින්වේ. එවැනි පද්ධතියක පාලනය හෝ යාමනය කිරීමට Machatronics උපකාරී වේ. Machatronics තාක්ෂණය යොදා විවිධ උපකරණ නිෂ්පාදනයෙන් එම උපකරණවල සංජාත නම්‍යතාවය හා ජව සම්පන්නබව, ගුණාත්මකභාවය ආදී උසස් නිෂ්පාදන අරමුණු ඉටුකර ගැනීමට හැකිවේ.මෙකාට්‍රොනික්ස් මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සමඟ සමීප සම්බන්ධතාවයක් පවතී. වර්තමාන නිෂ්පාදන උපකරණ වල Machatronics ඒකක අන්තර්ගත පාලන සැකිල්ලක් පවතී. මෙම බොහෝ නිර්මාණ ස්ථරි බව, බහුකොන් බව, විෂමරූපී බව හා දෙමහුන්බව යන ලක්ෂණ උපයෝගි කරගෙන ඇත. කාර්මික බලපෑමක් ඇතිවිම සඳහා ගණිතමය පාලනය සහිත විධිමත් ක්‍රම මෙම නිර්මාණ තුළ අන්තර්ගත කර තිබේ.දෙමුහුන් පද්ධති ආශ්‍රිත කටයුතු වලදි, Machatronics ප්‍රයෝජනවත් වන අතර, නිෂ්පාදන පද්ධති සහ ක්‍රියා ප්‍රේරණය, ග්‍රහලෝක ගවේෂණ උපකරණ, ස්වයංක්‍රීය කැමරා, වීඩියෝ දෘඩතැටි, CD යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර වලදී මේ තාක්ෂණය යොදා ගනි.

දර්ශිය Machatronics ඉංජිනේරු උපාධි පාඨමාලාවේ අන්තර්ගත පෙළ වශයෙන් ගණිතය, යාන්ත්‍රික, යන්ත්‍ර සංරචක, නිර්මාණ, යාන්ත්‍රික නිර්මාණ, තාප ගතිය, පරිපථ හා පද්ධිති, විද්‍යුත් හා සන්නිවේදන උපාංග, පාලන සිද්ධාන්ත ක්‍රම ‍‍ලේඛනය, අංක සංඥා සැකසුම්, ජීව ඉංජිනේරු, රොබෝ හා අවසාන අවුරුදු නිබන්ධනවලින් සමන්විතය.

සටහන්[සංස්කරණය]

Mechatronics
"https://si.wikipedia.org/w/index.php?title=මෙකාට්‍රොනික්ස්&oldid=472299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි