Jump to content

මෘදුකාංග තත්ව පරික්ෂාව

විකිපීඩියා වෙතින්

Software testing හෙවත් ම්‍රුදුකාන්ග තත්ව පරික්ශාව යනු යම් යම් තත්වයන් යටතේ යම් ම්‍රුදුකන්ග නිශ්පාදනයක් හෝ සේවාවක තත්වය පරීක්සශා කිරීමයි. එහිදී එම නිශ්පාදනය හෝ සේවාව පිළිබද සැලකිල්ලක් දක්වන ඕනෑමයෙකුගේ තොරතුරු (stakeholder) මෙන්ම ඊට අදාල වෙනත් තොරතුරු ආදිය ද සලකා බැලේ. ම්‍රුදුකාන්ග නිශ්පාදනය විවිධ අරමුණු උදෙසා විය හැකිය. වාණිජවාදී සමාජයක් තුළ බොහෝ විට ව්‍යාපාරික අරමුණු සදහා මෙමෙ නිශ්පදනයන් සිදුවෙයි. මෙම ලිපිය කියවීම තුලින් ම්‍රුදුකාන්ග නිශ්පාදනයේදී (software implementation) වාණිජ ලෝකය තුල ම්‍රුදුකාන්ගයක් මු යන්නෙ හි අවධානම පිළිබද

පරීක්ෂණ ක්‍රම[සංස්කරණය]

මෘදුකාංග තත්ව පරික්ෂාව (software testing) සාම්ප්‍රදායිකව වර්ග දෙකකට බෙදා ඇත :

1. කළු පෙට්ටි පරීක්‍ෂණය (black box testing)

2. සුදු පෙට්ටි පරීක්‍ෂණය (white box testing )

මෙම ප්‍රවේශ දෙක පරීක්ෂණ අවස්ථා (test cases) සැලසුම් කිරීමේ ආරම්භක ලක්ෂ්‍ය විස්තර කරයි.

කළු පෙට්ටි පරීක්‍ෂණය [1] [2][සංස්කරණය]

කළු පෙට්ටි පරීක්‍ෂණයේදී මෘදුකාංගය "කළු පෙට්ටියක්" ලෙස සලකයි. කළු පෙට්ටි පරීක්‍ෂණයේදී මූලාශ්‍ර කේතයේ (source code) අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරයි. පරීක්ෂකයින් දන්නේ මෘදුකාංගය කුමක් කළ යුතුද යන්න ගැන මිස එය කරන්නේ කෙසේද යන්න ගැන නොවේ. කළු පෙට්ටි පරීක්‍ෂණය ක්‍රියාකාරී පරීක්‍ෂණය (functional testing) ලෙසද හැඳින්වේ. කළු පෙට්ටි පරීක්‍ෂණ ක්‍රමවලට ඇතුළත් වන්නේ : සමානතා කොටස් කිරීම (equivalence partitioning), මායිම් අගය විශ්ලේෂණය (boundary value analysis), සියලු යුගල පරීක්‍ෂණය (all-pairs testing), අහඹු දත්ත පරීක්‍ෂණය (random data / input testing), ආකෘතිය මත පදනම් වූ පරීක්‍ෂණය (model-based testing), භාවිත සිද්ධි පරීක්‍ෂණ (use case testing), ගවේෂණාත්මක පරීක්‍ෂණය (exploratory testing) සහ පිරිවිතර මත පදනම් වූ පරීක්‍ෂණය (specification-based testing).

කළු පෙට්ටි පරීක්‍ෂණය

කළු පෙට්ටි පරීක්‍ෂණයේ එක් වාසියක් වන්නේ පරිගණක වැඩසටහන් සම්පාදනය කිරීමේ (computer programming) දැනුම අවශ්‍ය නොවීමයි. පරීක්ෂකයාගේ අදහස ඉතා සරලය : මෘදුකාංගයේ "අනිවාර්යයෙන්ම" දෝෂ අඩංගු වේ. "අහන්න සහ පිළිතුරක් ලබා ගන්න" යන මූලධර්මය භාවිතා කිරීමෙන් වැඩසටහන් සම්පාදකයාට සොයාගත නොහැකි දෝෂ පරීක්ෂකයා විසින් සොයා ගනු ලැබේ.

අනෙක් අතට, කළු පෙට්ටි පරීක්ෂාව "ආලෝකය නොමැතිව අඳුරේ ඇවිදීමක් වැනි" යැයි කියනු ලැබේ. එයට හේතු වන්නේ පරීක්ෂකයා මෘදුකාංගය ගොඩනඟා ඇත්තේ කෙසේදැයි නොදන්නා බැවිනි. පරීක්ෂකයින් මූලාශ්‍ර කේතය පරීක්‍ෂා නොකරයි. එනිසා එක් පරීක්‍ෂණයකින් පමණක් පරීක්‍ෂා කළ හැකි දෙයක් පරීක්‍ෂා කිරීමට  පරීක්‍ෂකයකු බොහෝ පරීක්‍ෂණ සිදු කරන අවස්ථා තිබේ. එසේ නොමැති නම්, ඔව්න් වැඩසටහනේ සමහර කොටස් පරීක්‍ෂා නොකර තබයි.

මෙම පරීක්ෂණ ක්‍රමය සියලුම මෘදුකාංග පරීක්ෂණ මට්ටම් සඳහා යෙදිය හැකිය : ඒකක පරික්ෂාව (unit testing), ඒකාබද්ධ කිරීමෙ පරික්ෂාව (integration testing), පද්ධති පරික්ෂාව (system testing) සහ පිළිගැනීමේ පරික්ෂාව (acceptance testing). කළු පෙට්ටි පරීක්‍ෂණය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ පරීක්‍ෂණවලින් බොහොමයක් ආවරණය කරයි. නමුත් එය ඒකක පරීක්‍ෂණයේදී ද ඵලදායී ලෙස භාවිත කළ හැකිය.

කළු පෙට්ටි පරීක්‍ෂා කිරීමේ වාසිය නම්, එහි "අපක්ෂපාතී මතය" වන අතර අනෙක් අතට එහි අවාසිය "අන්ධකාරයේ සෙවීම" වේ.