මෘදුකාංගවල කර්තෘ හිමිකම් උල්ලංඝනය

විකිපීඩියා වෙතින්

මෘදුකාංගවල කර්තෘ හිමිකම් උල්ලංඝනය (Software piracy) කිරීම ලෙස හැඳින්වෙන්නේ අනවසරයෙන් පරිගණක මෘදුකාංග පිටපත් කිරීමයි. මේ ආකාරයේ කර්තෘ හිමිකම් උල්ලංඝනය කිරීම් එක්සත් ජනපදය , මෙක්සිකෝව , චීනය , ඉන්දුනීසියාව , රුසියාව , බ්‍රසීලය , සිම්බාබ්වේ හා ලෝකයේ වෙනත් කොටස් කිහිපයක ද ඉතා අධික ලෙස සිදු කෙරේ. බොහොමයක් රටවල මෘදුකාංගවලට අදාල කතු හිමිකම් නීති පැවතියත් සමහරක් රටවල එම නීති අනෙක් රටවලට වඩා හොඳින් සවිගන්වා ඇත. ඉරානය හා ඇමරිකාව (USA) අතර WTO සාමාජික‍ත්වය නිසා ඇතිවුණු ආරවුල කර්තෘ හිමිකම් දරන්නෙකුගේ අවසරය නොමැතිව ඉරානය තුළ මෘදුකාංග බෙදාහැරීම නීතිගත කිරීමට මග පෑදූ අතර එමනිසා රජයත් කර්තෘ හිමිකම් නීති දේශපාලනික වශයෙන් භාවිත‍ා කරතැයි බියක් ඇති වී ඇත.

2004 දී ආසියා පැසිෆික් කලාපයේ කර්තෘ හිමිකම් උල්ලංඝනය කිරීමේ සීඝ්‍රතාව 53% ක් ලෙස තක්සේරු වී ඇත. ලෝකයේ විශාලම අනවසර මෘදුකාංග නිපදවන්නා වන්නේ චීනයයි. වෙළඳ මෘදුකාංග සන්ධානය මගින් 2006 දී චීනයේ භාවිතා කළ PC මෘදුකාංගවලින් 82% ක් අනවසරයෙන් පිටපත් කළ ඒවා බවට තක්සේරු කර ඇත. ලෝක වෙළඳ සංවිධානයට (WTO) සම්බන්ධවීමෙන් පසු චීනය බුද්ධිමය දේපල හිමිකම් හි වෙළඳමය අංශ පිළිබඳ WTO ගිවිසුමට (TRIPS) අනුව එරට බුද්ධිමය දේපල නීති වෙනස් කළ නමුත් එම ඇති කළ නීති නොසළකා හැර ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Copyright_infringement_of_software