මූලගිරි ආරණ්‍ය සේනාසනය
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "මූලගිරි ආරණ්‍ය සේනාසනය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 දෙසැම්බර්) |
අංක 1588 හබුරුගල ශ්‍රී ගෞතම සම්බුද්ධ ආරණ්‍ය සේනාසන පුරාවිද්‍යා රක්ෂිතය
බුද්ධ වර්ෂ 239 දී පමණ දේවානම් පියතිස්ස රජ දවස රුහුණුරට රජකම් කල මහානාග යුවරජු විසින් දෙතිස්ඵල මහාබෝධින් වහන්සේ රෝපණය කරමින් රුහුණුරටට අනුබුදු වූ මිත්තකාලක මහ රහතන් වහන්සේගේ ශ්‍රී හස්තයට අතපැන් වඩා සිව් දෙසින් වඩිනා මහා සංඝරත්තනය අරමුණු කොට පන්සියයක් මහ රහතන් වහන්සේලා අභිමුඛයේ පූජාකල සූකරත්ථතිටා වාපිය හෙවත් ඌරුසිටා වැවට උතුරින් පිහිටි රුහුණු රට පළමුවන ආරණ්‍ය සේනාසනය වන කබුරුගල වෙහෙර මෙය බව මහා වංශයේ දැක්වේ.
මහා පරාක්‍රමබාහු නරපති දවස මෙම කබුරුගල වෙහෙරෙයි හාරදහසක් මහ රහතන් වහන්සේලා වැඩසිටි බවටත් එම වැඩ සිටි සියලු සංඝයා වහන්සේලා මහා පරාක්‍රමබාහු රජුගේ නිකාය සාමාග්‍රියට සහය දැක්වූබවටත් චූල වංශය තුලින් සනාථ වේ.
රුහුණු රටට අනුබුදු වූ මිත්තකාලක මහ රහතන් වහන්සේ වැඩ සිටි බවට සනාථ වන මිත්තකාලක ලෙන ඇතුලු කටාරම් සහිත ගල්ලෙන් 12 ක් , පූර්ව බ්රාහ්මීය අක්ෂරයන්ගෙන් යුක්ත සෙල්ලිපි 04 ක් සහ ලෙන් ලිපි 01 ක් , ගල් උමඟක් ,පැරණි දාගැබ් 27 ක නටඹුන් මහානාග යුවරජු භාවිතා කල පොකුණක් ,ගල් පියගැටපෙළ 17 ක් ඇතුළු තවත් ඉපැරණි ගොඩනැගිලිවල නටඹුන් සේනාසනය තුල දක්නට ලැබෙයි.
වර්තමානයෙහි සේනාසනයෙහි සිරි වාසව සුගන්ධ කුටිය තුල දේවානම්පියතිස්ස රජ දවස ලංකාද්දීපයටම අනුබුදු වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි මහා සුමන මහ රහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේගෙස් හොවා වැඩම වූ ,දකුණු අකු ධාතුන් වහන්සේ සමඟත් ,වාම දළදා වහන්සේට පරිවාරවත් වැඩ සිටි විමලධර්මසූරිය රජුගේ රන් සන්නසකින් සනාථ කරන්නා වූ රාජාරාමක නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා
භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථම ද්වේවාචික උපාසකයන් වූ තපස්සු භල්ලුක වෙලද දෙබෑයන්ට ප්‍රධානය කල උන් වහන්සේගේ ප්‍රථම ශාරිරික ධාතුන් වහන්සේලා වූ ගිරිහඩු සෑයෙ කැනිමෙන් ලද අභිනිල අක්බඹර ජීවමාන කේශ ධාතුන් වහන්සේලා
සම්බුදු සසුන ප්රහාස්වර කරාවූ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ,සංගිතිකාරක මහ රහතන් වහන්සේලා ඇතුළු දඹදිව වාසය කල මහ රහතන් වහන්සේලා සමඟින් සිංහල ලේ ඇති ලංකාවාසි මහ රහතන් වහන්සේලා බොහො ප්රමාණයකගේ නිසෑක ශ්‍රී අරහන්තක ධාතුන් වහන්සේලා වැඩ සිටින
මෙ සිරිලක කැනිම් වලින් ලද වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින පුණ්‍ය භූමියයි.
වර්තමානයෙහි සේනාසනය අක්කර 642.04 ක භූමි භාගයක විහිදි පවති. ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන මහා නිකායික ආරණ්‍ය වාසි සංඝයා විසින් මෙහි භාරකාරිත්වය දරන අතර ,ශ්‍රී ගෞතම සම්බුද්ධ ආරණ්‍ය සේනාසන සංචිතයේ මූලස්ථානය මෙන්ම අමරපුර සිරි සුමන මහා නිකායික ඌව පලාත් සංඝ මූලස්ථානයද වෙයි.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |