මුර්ති
මුර්ති
හින්දු 'මුර්ත' යනුවෙන් හදුන්වනු ලබන්නේ දේව ප්‍රතිමා ආදියයි.
මෙම ප්‍රතිමා තුළ දේවත්වය මුර්තිමත් වී ඇතැයි විශ්වාස කරති. ප්‍රතිමාවකට දේවත්වය ප්රතිශ්ඨාපනය කළ පසු එයට වැදුම් පිදුම් කිරිමට සුදුසු බව පිළිගනිති එම නිසා හින්දුන් මෙන්ම මහායාන බෞද්ධ ජනයා භක්තිය ඇති කර ගැනිම සහ භාවනාවන් සදහා සිත කේන්ද්‍රගත කර ගැනීමන් මෙම ප්‍රථිමා ප්‍රයෝජනවත් ලෙස සලකයි. වංචකස්තු ග්රාන්ත්ර වල පුතිමා පුද පූජා සදහා උපයෝගී කර ගැනිම පිළිබද ව විස්තරාත්මකව දක්වා ඇත.
නිශ්චිත හැඩ රැවකින් තොර මුර්ති නොහොත් පුතිමා කලාතුරකින් දක්නට ලැබුනද බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ නිශ්චිත හැඩ හෝ ස්වරෑපයකි න්දෙවියන් නිරෑපනය කෙරී ඇති හේතුවෙන් යදීශ දිල්ශාන්, ශිව, ගනේෂා, රාම කාලි වැනි දේව ප්රතිමාවන් ය. 'ශිල්ප ශාස්ත්‍ර' ග්රන්ථයෙහි දක්වා ඇති නියමයන්ට අනුකූලව ප්‍රතිමා නිර්මාණය කෙරේ. ප්‍රතිමා සැකසිම සදහා පංච ලෝහ වර්ග භාවිතා කරනු ලැබේ. ප්‍රාණ ප්රතිශ්ඨා නම්න් හදුන්වනු ලබන උත්සව අවස්ථාවල දී පූජකවරැන් විසින් මෙම ප්රතිමාවලට දිව්‍යමය භාවය ආරෝපනය කරනු ලැබේ.
ප්‍රතිමා වන්දනය මගින් එක් එක් පුද්ගලයා දෙවියන් කෙරෙහි ඇති භක්තිය වර්ධනය කර ගන්නා අතර ඔවුන්ගේ දෙවියන් කෙරෙහි ඇති ඇල්ම ගෞරවය, වඩාත් තහවුරැ කර ඇදහිම ද සිදුවන්නේය. කෙසේ වෙතත් 'ආර්ය සමාජ' සහ ' සත්‍ය ධර්ම මහිම' යන සංවිධාන මෙය භ්රද්ර රැප වන්දනය ත් පමණක් බව පවසා මෙම විශ්වාසයන් බැහැර කරනු ලබයි.
සත්ගුරැ සිට ප්රබුමානියම්සවාමි තුමා පවසන අන්දමට ප්‍රතිමා (මුර්ති) නූතන කාලයේ දුරකතනයකට සමාන කළ හැකිය. මේ අනුව කෙනෙකු කතා කරන්නේ දුරකතනයට නොවන බවත් එය දුර සිටින කෙනෙකුට කතා කිරිමේ මාධයය වශයෙන් පමණක් යොදා ගන්නා බව පවසයි. ඒ ආකාරයෙන් වන්දනිය තත්ත්වයක් ආරෝපනය කර පූජානීය වඩවා ඇති ප්‍රතිමා මගින් කෙනෙකුට පහසුවෙන් දෙවියන් අවබෝධ කර ගැනිමට හැකිවනු ඇත.