මුත්තයියා සහාදේවන්

විකිපීඩියා වෙතින්
මුත්තයියා සහාදේවන්
වාසස්ථානයපොල්හේන්ගොඩ, කිරුළපන, කොළඹ.
වල්ලභයාධනලක්ෂ්මී සහාදේවන්
දරුවන්දෙදෙනෙකු

මුත්තයියා සහාදේවන් යනු ලක්ෂ්මන්_කදිර්ගාමර් ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුවත් චෝදනා ඔප්පු කිකිමකින් තොරව දඬුවම්විඳි පුද්ගලයෙකි.

2005.08.13 වන දින. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයෙන් (CCD) අත්අඩංගුවට පත්වන ඔහු රැගෙන යන්නේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවෙසක් කරා ය. එහිදී එම නිවසේ බැල්කනිය අසළ තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කරන ලදී. ඔහු විසින් එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක කපන ලද බව පිළිගත් අතර ඒවා කපන්නට යෙදුණේ තමන්ගේ ඉල්ලීම මත බව තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පැවසූ බව කියවේ. කෙසේ වෙතත් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සඳහා වෙඩි තැබුණේ මෙකී නිවසේ බැල්කනියට ආසන්න කවුළුවක් තුළින් බවට කියැවුණු හෙයින් සහාදේවන් අත් අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ටාශයට රැගෙන යන ලදී.

සහාදේවන් පවසන ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කළ කුලී වැඩ අතර මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම ඔහු අතින් කෙරුණකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. එමෙන් ම මෙම තලේසිංහම් නමැත්තා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුතෙකු බවද කියවෙන අතර ඔහු මේ සිද්ධියට අදාලව අත් අඩංගුවට පත් වන්නේද නැත. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ටාශයට ගෙනයනු ලදුව ඔහුව ප්‍රශ්න කිරීම ඇරඹෙන්නේ ම ” ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව්කරේ තමුසෙද ?” යනුවෙන් නැඟෙන පැණයක් සමඟ ම මුහුණට එල්ල කෙරෙන දරුණු පා පහරකිනි. මා මුලින් සඳහන් කළ පරිදි ඔහුගේ ඉදිරි දත් හතරක් අහිමි කෙරෙමින් ඉතිරි දත් ඇද කෙරෙන්නේ මේ පා පහරිනි.

CCDයේ මාස තුනක් රඳවා තැබෙන ඔහු 2005.11.16 වන දින රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබේ. ඉන් පසුව 2008 වසරේ දී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම චෝදනා යටතේ ය. මෙම නඩුවෙහි චූදිතයින් අතර එල් ටී ටී ඊ නායක ප්‍රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකථනයේ තිබූ අංකයක් නිසා අත් අඩංගුවටගත් ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකුද වෙයි. සහාදේවන් පවසනා ආකාරයට මෙකී කොටි නායකයින් සමඟ කුමන්ත්‍රණය කරනු තබා ඔහු එතෙක් කොටි සංවිධානයේ සාමාජිකයකු ඇසින් දැක හඳුනා හෝ නොමැත.

ත්‍රස්ත පනත යටතේ කට උත්තරය ගත් ආකාරය[සංස්කරණය]

සහාදේවන්ට එරෙහිව නඩු පැවරීමට උපයෝගී කරගැනීමට  තිබුණේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බව කියැවෙන පාපොච්චාරණ ලියැවිල්ලක් පමණි. නිසි අධ්‍යාපනයක් නොලද බැවින් සිංහල භාෂාව තබා දෙමළ භාෂාවවත් හරිහැටි ලිවීමට කියවීමට නොදන්නා සහාදේවන් එකී පාපොච්චාරණය නම් ලියැවිල්ලේ අඩංගුවූයේ කුමක්දැයි කියා අදටත් හරිහැටි දැන සිටියේ ද නැත. කදිරගාමර් මහතා ඝාතනය කෙරුණු දවසේ සහාදේවන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි කියමින් ඔහුගේ දියණිය ද CCD යට රැගෙන ගොස් රාත්‍රිය වනතුරා ප්‍රශ්න කිරීමට ලක්කෙරුණු සහ ඔහුගේ බිරිඳගේ සොයුරාද රැගෙන ගොස් ප්‍රශ්න කෙරුණු වටපිටාවක ‘නිදහස් කිරීම’ සඳහා යැයි පවසමින් ඉදිරිපත් කෙරුණු ඕනෑම ලියවිල්ලකට ඔහු අත්සන් තැබීමද අරුමයක් නොවේ.

මියයාම[සංස්කරණය]

දැඩි ලෙස දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින්, නිසි ප්‍රතිකාරයක් ද නොමැතිව දෑස් පෙනීම ද දුර්වල වෙමින් සිටි මේ අසරණ මිනිසා  අවසානයේ දියවැඩියාව විසින් ඔහුගේ වකුගඩු ද  බිලිගත් කළ 2019 ජූනි 22 දින මිය ගියේ සිර ගෙදරදීම නෙකළ වරදක් වෙනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=මුත්තයියා_සහාදේවන්&oldid=569884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි