මුක්කර හටන

විකිපීඩියා වෙතින්

මුක්කර හටන යනු ශ්‍රී ලංකාවේ පුස්කොලවල ලියැවුණු ග්‍රන්ථයකි. දැනට මෙම ග්‍රන්ථය තිබෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහිය. මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේහි නෙවිල් එකතුවෙහි තිබෙන්නකි. එය or6606 (53) වශයෙන් වර්ග කර ඇත. කඩඉම් පොත් සහ විත්ති පොත් මෙන්ම එය දේශීය ඉතිහාසය විස්තර කරන ආරේ පොතකි.

මුක්කර හටනේ දැක්වෙන කතාන්දරය 'රාජසිංහ කාලේ ප්‍රවෘත්ති' සහ 'වන්නි උපත' යන ග්‍රන්ථවලද ඒ ආකාරයටම තිබේ. ඒවාද or 6606 (54) සහ or 6600 (139) ලෙස වර්ග කොට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි තබා තිබේ. මීගමුවේ කරාව ප්‍රධානීන්ගෙන් පැවත එන අය විසින් මහත් පරිශ්‍රමයක් දරා මෙම පුස්කොල පොත් සංරක්ෂණය කර ඇත.

සිද්ධීන් සිදුවුණු සහ දඹදෙණිය රාජධානිය පිහිටියාවූ ප්‍රදේශයයි.

හියු නෙවිල් මෙම ග්‍රන්ථවල තවත් පිටපත් සොයාගෙන ඇත. ඒවා තමන්කඩුවේ කරාව ප්‍රධානීන් විසින් ඉතා හොඳින් සංරක්ෂණය කර තිබුණි. ඔවුන් ගේ පිටපත්වල තිබෙන අතිරේක විස්තරයකින් කියැවෙන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් කරාවේ ප්‍රධානීන් සහ පෘතුග්‍රීසීන් දෙවැනි රාජසිංහ රජුට පාවා දුන් බවත් එසේ කිරීමෙන් 1646 වර්ෂයේ මීගමුව වරාය අල්ලා ගැනීමට උදව් කළ බවත්ය. එසේ කිරීමෙන් මාතලේ එගොඩපත්තුව සහ තවත් ගම් කීපයක් නින්ද ගම් වශයෙන් ලැබුණු බවත් වැඩි දුරටත් විස්තර කර ඇත.

මුක්කුර හටන යනු කරාව අය විසින් ශක යුගයේ 1159 දී මුක්කුවර්වරු පරාජය කිරීම පිළිබඳ විස්තරයකි. තුන් මාසයක් වටලා ගෙන සිට අවසානයේ ශක යුගයේ 1159 දී පුත්තලම් කොටුව කරාව අය විසින් අල්ලාගෙන ඇත. ඔවුන් තව දුරටත් නාගපට්ටනම් දක්වා ඉදිරියට ගොස් එහිදී රාජකීය ප්‍රධානියෙකු වූ මානික්ක තලවන් නම් ප්‍රධානියෙකු ඝාතනය කළ බවත් 1500 ක් දෙනා මරා දැමීමෙන් පසු එම කොටුවද අල්ලා ගන්නා ලද බවත් කියැවේ.

සංක්‍රමනික වරායන්

මෙම ක්‍රියාන්විතයේ නායකයන් වූයේ වච්චනාඩු දේවාරිර් (වච්ච රටේ අධිපති (උදා කෞසම්බි) වච්ච යනු නෙමි සක්කරම් ඔහුගේ අග නගරය හස්තිනාපුර සිට ගෙන ගිය ස්ථානයයි.) කුරුකුල නාඩු දේවර් (කුරු රටෙහි අධිපති) මානික්ක තලෛවන්, අදිරාස අඩප්පන් , වර්ණසූර්ය තෝමරට් නාදන් අඩප්පන්, කුරුකුල සූරිය මුදියන්සේ, වර්ණකුල සූරිය මුදියන්සේ සහ අර්සකුල සූරිය මුදියන්සේ යන අයයි. මේ අය කන්චි, කිලකරෙයි සහ කාවේරි පට්ටනම්වල කරාව ප්‍රධානීහු වූහ. ඔවුහු පුත්තලම සහ මීගමුව අතර පදිංචිවිව සිටියහ.

ඔවුන් පැමිණි වර්ෂය (ශක 1159) පිළිබඳව කිසියම් ගැටළුවක් මතුවේ. කෙසේද කියතොත් ඒ විස්තරය අනුව දෙවැනි පරාක්‍රමබාහු (1234-1262) යුගය සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ දඹදෙනි යුගය දක්වා අප ආපසු ගෙන යන හෙයිනි. කෙසේ වෙතත් මෙම සිදු වීම සිදු වී ඇත්තේ 6 වැනි පරාක්‍රම බාහු (1412-1467) රජ කළ කෝට්ටේ යුගයේදී බව කියැවේ. එම දින වකවානු පිටපත් 3 කම දැක්වෙන නිසා එය පිටපත් කරන්නාගේ වරදක් යයි කියා ඉවත දැමිය නොහැක. සමහර විට එය සිදුවන්නට ඇත්තේ සියවස් කීපයක් පැරණි පරම්පරා ගත කථා වාර්තා කරන විට රජවරුන්ගේ නම් මාරුවීම නිසා විය හැකිය. එහෙත් අත් පිටපතේ මෙම පැමිණීම ගැන ජ්‍යොතිෂානුකූලව නිවැරදි වකවානු: 15 වෙනි මීන රවි, පංචමිලත් රිවි දින, රෙහෙන නැකත, සිංහ ලග්න, ගුරු හෝරාව යනාදී වශයෙන් විස්තර කර ඇත. පැරණි දින දර්ශනය පිළිබඳ දැනීමක් තිබෙන උගතෙකුට මෙම කාලවකවානු පිළිබඳ ගැටළුව පහසුවෙන් විසඳිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මුක්කර_හටන&oldid=471910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි