මිතාලි රාජ්
![]() මිතාලි රාජ් 2012 වසරෙහිදී පිතිකරණයෙහි යෙදෙමින් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | මිතාලි ඩොරයි රාජ් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 3 දෙසැම්බර් 1982 ජෝද්පූර්, රාජස්තානය, ඉන්දියාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් පා බිඳුම් පන්දු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | තුන් ඉරියව් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ටෙස්ට් මංගලාවතරණය (cap 55) | 14 ජනවාරි 2002 පමණ එරෙහි එංගලන්ත කාන්තා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් ටෙස්ට් තරගය | 16 නොවැම්බර් 2014 එරෙහි දකුණු අප්‍රිකානු කාන්තා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එදිජා මංගලාවතරණය(තොප්පිය 56) | 26 ජූනි 1999 එරෙහි අයර්ලන්ත කාන්තා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් එදිජා | 17 පෙබරවාරි 2016 එරෙහි ශ්‍රී ලංකා කාන්තා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එදිජා කමිස අංකය. | 3 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වි20ජා මංගලාවතරණය(තොප්පිය 9) | 5 අගෝස්තු 2006 එරෙහි එංගලන්ත කාන්තා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් වි20ජා | 19 මාර්තු 2016 එරෙහි පකිස්තාන කාන්තා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2006–වර්තමානය | දුම්රිය සේවා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ, 17 February 2016 |
මිතාලි රාජ් යනු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙහි නායිකාව වෙයි.[1]
මුල් දිවිය සහ පසුබිම[සංස්කරණය]
1982 දෙසැම්බර් 3 දිනදී මිතාලි රාජ් උපන්නේ, රාජස්තානයෙහි, ජෝද්පූර්හී දෙමළ පවුලකට දාවය.[2] මිතාලිගේ මවු බස දෙමළ වන අතර, ඇයගේ පියා, ඩොරයි රාජ්, ඉන්දියානු ගුවන් හමුදාවෙහි නිලධාරියෙක් වූ අතර ඇයගේ මව නමින් ලීලා රාජ් විය. වයස අවුරුදු 10 ක් වත්ම ක්‍රීඩාවෙහි නියැලීම ඇරඹූ මිතාලි, වයස වසර 17 ක් වක්ම ඉන්දියානු කණ්ඩායමට තෝරා ගනු ලැබුවාය. ඇයගේ එදිජා මංගලාවතරණ, 1999 වසරෙහිදී මිල්ටන් කේන්ස් හිදී අයර්ලන්තයට එරෙහිව සිදු විය. ඇය ජීවත් වන්නේ හයිද්‍රබාදයෙහි, තෙලන්ගනහීය.[3] ඇයගේ පාසැල් සමයෙහිදී හයිද්‍රබාදයෙහි, ශාන්ත ජෝන්ස් පාසැලෙහි ක්‍රිකට් පුහුණුව සඳහා ඇය සහභාගි වූයේ ඇයගේ වැඩිමහළු සෙහොයුරා සමගය. මිතාලි, සිකැන්ද්‍රබාද් හී, කීස් කාන්තා උසස් පාසැලෙහි ක්‍රීඩා පුහුණුවෙහි යෙදුණු අතර, බොහෝ විට පුහුණු පරිශ්‍රයෙහි පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින් හා තරග වැදුණි.[4][5][6] ඇය වසර අටක් පුරාවට සම්භාව්‍ය නැටුම් පුහුණු වූ අතර [7][8] ඇයගේ ක්‍රිකට් අභිවෘත්තිය නොනැවති කරගෙන යෑම සඳහා නැටුම් වෙතින් ඉවත් විය.[9]
අභිවෘත්තිය[සංස්කරණය]
ඉන්දියාවෙහි කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්, ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර යන අංශ දෙකෙහිම රාජ් විසින් ක්‍රීඩා කර ඇත. ඇයගේ එක් දින ජාත්‍යන්තර මංගලාවතරණය 1999 වසරෙහිදී අයර්ලන්තයට එරෙහිව මිල්ටන් කේන්ස් හිදී සිදුවූ අතර එහිදී ඇය නොදැවී ලකුණු 114 ක් රැස් කළාය. 2001-02 කාල සීමාවෙහිදී ලක්නව් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇයගේ ටෙස්ට් මංගලාවතරණය සිදු විය. 2002 අගෝස්තු 17 දිනදී, වයස 19 වත්ම, ඇයගේ තෙවන ටෙස්ට් තරගයෙහිදී, ලෝකයෙහි ඉහළතම පුද්ගලික ටෙස්ට් ලකුණු රැස් කිරීම වූ කැරන් රෝල්ටන්ගේ ලකුණු 209* වාර්තාව ඇය විසින් බිඳ දැමුවේ නවතම ඉහළ ලකුණු සංඛ්‍යාවක් වූ ලකුණු 214[10] ටෝන්ටන්හි, කවුන්ටි ක්‍රීඩා පිටියෙහිදී එංගලන්තයට එරෙහිව පැවති දෙවන සහ අවසාන ටෙස්ට් තරගයෙහිදී රැස් කර ගනිමිනි. පකිස්තානයෙහි කිරන් බාලුක් විසින් මෙම වාර්තාව 2004 මාර්තු මාසයෙහිදී බිඳ දමන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 242 රැස් කර ගනිමිනි.[11]
2002 වසරෙහි ක්‍රික්ඉන්ෆෝ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙහිදී, ටයිෆොයිඩ් මාදිළියක් වැළඳීම නිසා මිතාලි රෝගී වු අතර ඉන්දියාවෙහි ප්‍රගතිය බරපතල ලෙසින් අවහිර විය. කෙසේවෙතත්, දකුණු අප්‍රිකාවෙහිදී ඔවුන්ගේ පළමු ලෝක කුසලාන අවසන් තරගය වෙතට 2005 වසරෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ නමුදු, ප්‍රතිමල්ලව ඕස්ට්‍රේලියාව ප්‍රබලත්වයෙන් වැඩි බව අවබෝධ විය. 2006 අගෝස්තුවෙහිදී, ඔවුන්ගේ පළමු ටෙස්ට් සහ තරගමාලා ජයග්‍රහණය වෙත එංගලන්තයෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ අතර වසර කෙළවරදී ආසියානු කුසලාන දිනා ගත්තේ - මාස 12 ක් ඇතුළත දෙවන වරට - එකදු තරගයක් හෝ පරාජය නොවෙමිනි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "මිතාලි රාජ්". ඊඑස්පීඑන්. Retrieved 1 පෙබරවාරි 2013.
- ↑ http://www.in.com/mithali-raj/biography-200493.html
- ↑ "ඉන්ඩියන් විමෙන් විල් ප්ලේ ටෙස්ට් ක්‍රිකට් ආෆ්ටර් එයිට් ඉයර්ස්, කැප්ටන් මිතාලි රාජ් හැපී". පැට්‍රිකා ගෲප් (4 අගෝස්තු 2014). http://www.patrika.com/news/indian-women-will-play-test-cricket-after-eight-years-captain-mithali-raj-happy/1021699. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 අගෝස්තු 2014.
- ↑ "5,000 රන්ස් ඇන්ඩ් කවුන්ටිං... ඉට්ස් මිතාලීස් රාජ්!".
- ↑ "අයිසීසී විමෙන්ස් වර්ල්ඩ් ටී20: මිතාලි රාජ් – ද බැට් වුමන් ඔෆ් ඉන්දියා".
- ↑ http://www.thehindu.com/todays-paper/tp-features/tp-metroplus/confident-climb/article5730352.ece
- ↑ https://www.youtube.com/watch?v=0yzJGoFBkMM
- ↑ http://www.thehindu.com/thehindu/mp/2002/06/20/stories/2002062001050400.htm
- ↑ http://indianexpress.com/article/sports/cricket/icc-women-world-t20-2016-indiawomes-cricket-team-mithali-raj-cricketer/?SocialMedia
- ↑ http://static.espncricinfo.com/db/STATS/WOMEN/WT/BATTING/WT_AVS_BAT_HIGH_INNS_SCORES.html
- ↑ "මෝස්ට් රන්ස් ඉන් ඇන් ඉනිංස් (ප්‍රොග්‍රෙසිව් රෙකෝඩ් හෝල්ඩර්) ඉන් විමෙන්ස් ටෙස්ට් මැචර්ස්". http://stats.espncricinfo.com/ci/content/records/284255.html.
බාහිර සබැඳි[සංස්කරණය]
- 1982 උපත්
- ජීවත්වන්නෝ
- අර්ජුන සම්මානය ලැබුවෝ
- ඉන්දියානු කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඉන්දියානු කාන්තා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඉන්දියානු කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ජෝද්පූර්හී උපන් ජනයා
- ඉන්දියාවෙහි හයිද්රබාද්හී උපන් ජනයා
- එක් දින ජාත්‍යන්තර මංගලාවතරණයෙහි ශතකයක් රැස් කළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ක්‍රීඩාවෙහිදී පද්ම ශ්‍රී සම්මානය ලැබූවෝ
- ඉන්දියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- එයාර් ඉන්ඩියා කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- මධ්‍යම කලාපය කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දුම්රිය සේවා කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඉන්දියානු කාන්තා ක්‍රිකට් නායිකාවෝ
- රාජස්තානයෙහි උපන් ක්‍රීඩිකාවෝ