මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේගේ මංගල්‍යය

විකිපීඩියා වෙතින්
ශුද්ධවූ මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේ

මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේගේ මංගල්‍යය , එනම් ශුද්ධවූ මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේගේ මංගල්‍යය ( ශුද්ධවූ මිකායෙල් තුමන්, ශුද්ධවූ ගාබ්‍රියෙල් තුමන්, ශුද්ධවූ යූරියල් තුමන්ගේ සහ ශුද්ධවූ රපායෙල් තුමන්ගේ මංගල්‍යය, අග්‍රදේවදූතයාණන්වහන්සේලාගේ මංගල්‍යය, හෝ ශුද්ධවූ මිකායෙල් සහ සියළු දේවදූතායණන්වහන්සේලාගේ මංගල්‍යය ලෙසින්ද හැඳින්වෙන) යනු, බටහිර ක්‍රිස්තියානි දින දසුනේ සැප්තැම්බර් 29 දිනදී යෙදෙන ශුද්ධවූ දිනයකි. විෂුවයට සමීප දිනයක එය යෙදෙන බැවින්, උතුරු අර්ධගෝලයේ ශරත් සෘතුවෙහි සහ දිනයෙහි දිග කෙටිවීම ආරම්භය හා මෙය සම්බන්ධවෙයි.

ක්‍රිස්තියානි දේවකථාසංග්‍රහය ප්‍රකාර, මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේ යනු, අග්‍රදේවදූතයාණන්වහන්සේලා අතුරින් අග්‍රගණ්‍යයා වන අතර, ස්වර්ගයේ ඇතිවූ යුද්ධයෙහිදී ලුසිෆර් පැරදවීම පිළිබඳ ගෞරවය එතුමාට හිමි වෙයි.