මැසීම

විකිපීඩියා වෙතින්
මිචිගන්, ඩිට්‍රොයිඩ් හි වූ 20 වන සියවසේ මුල් කාලයේ මැසීම.


නූතන මහන මැෂිමක් භාවිතා කිරීම

මැසීම යනු ඉදිකටු හා නූල් යොදා ගෙන රෙදි, සම්, ලෝම හෝ අනෙකුත් ද්‍රව්‍ය ගෙතීමයි. එහි භාවිතය සියළු මනුෂ්‍ය ජනගහන අතර පාහේ විහිදී ඇති අතර පේලියෝලිතික් කාලය දක්වාම ඈතට එහි ඉතිහාසය දිව යයි. (30000 BC) මැසීම යන්න මඟින් රෙදි ගෙතීමට වඩා වැඩි අරුතක් ලබා දේ.

මැසීම මූලිකව යොදා ගනුයේ තිර රෙදි, ඇඳ ඇතිරිලි හා මේස රෙදි වැනි ගෘහස්ත ද්‍රව්‍ය හා රෙදි පිළි නිපදවීමටය. තවද එය කැන්වස් හා සම් වැනි නම්‍යශීලී ද්‍රව්‍යවලින් තනා ඇති රුවල්, සම් බෝට්ටු, බැනර සඳහා ද යොදා ගනී.

කර්මාන්ත ලෝකයේ දී වන බොහොමයක් මැසීම් සිදු කරනු ලබන්නේ යන්ත්‍ර මඟිනි. රෙදි පිළි කොටස් ප්‍රථමයෙන් එකට තබනු ලැ‍බේ. යන්ත්‍රයට ගියර හා අත් සංකීර්ණ පද්ධතියක් ඇති අතර එය රෙදි ස්ථර හරහා නූල් යවා නූල අර්ධ ආරක්ෂිතව අගුළුලනු ලැබේ.

සමහරක් පුද්ගලයන් ‍ඔවුන් සඳහා හා ඔවුන්ගේ පවුල් සඳහා රෙදිපිළි මසාගනු ලැබේ. බොහෝමයක් ගෘහස්ථ මසන්නන් ඉරුණු තැනක් සාදා ගැනීමට හෝ ගැලවුණු බොත්තමක් නැවත සවි කර ගැනීම වැනි ඇඳුම් නඩත්තු කර ගැනීම සඳහා මැසීම සිදු කරනු ලැබේ. ජීවත් වීමේ වෘත්තිය ලෙස මැසීම සිදු කරන්නා ටේලර්, සන්නාලියා හෝ ඇඳුම් මසන්නා ලෙස හඳුන්වනු ලැබේ.

Plain මැසීම උත්සව හේතු සඳහා සිදු කරනු ලැබේ : ගෘහස්ථ ඇතිරිලි හෝ රෙදි පිළි තැනීම හෝ නඩත්තු කිරීම. Fancy මැසීම මූලිකවම අලංකාරවත් වන අතර එයට ෂර්රින්, ස්මෝකින්, එම්බ්‍රොයිඩර් හෝ ක්විල්ටින් වැනි තාක්ෂණික ක්‍රම ඇතුළත් වේ.

මැසිම යනු ඇප්ලික්, කැන්වස් වැඩ හා පැච්වර්ක් වැනි බොහොමයක් ඉදිකටු කලා සඳහා පදනම වේ.

බොහෝ විට මැසීම අඩු හැකියාවලින් යුත් රැකියාවක් සේ සැලකුවත් නොඇදෙන ද්විමාන රෙද්දකින් ත්‍රිමාණ හොඳ පෙනුමක් ඇති ඇඳුමක් නිර්මාණය කිරීමට අතිශය අත් හැසිරවීම පිළිබඳ දැනුමක් හා ගණිතමය සමුදායන්ගේ න්‍යායන් පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ. රෙදි තුළට වූ කැපුම් හා සිදුරුවලින් යුත් සමතල රෙදි කැබැල්ලක් ත්‍රමාණ අවකාශයේ දී අතිශය සංකීර්ණ ක්‍රමවලට වක්‍ර වීම හා මැවීම සිදු විය හැක. එමනිසා එය සුමුදු රැළිවලින් තොර නිපැයුමක් සඳහා හැසිරවීමට උසස් ගණයේ හැකියාවක් අවශ්‍ය වේ. රෙද්ද තුළට මුද්‍රණය කර ඇති හෝ වියා ඇති යම් කිසි රටාවක් සැලසුම් ක්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ කරනු ලබයි. මෙම නිපුණතාවලින් යුත් ඇඳුම් නිර්මාණකරුවෙකු මූලික නිර්මාණය සිදු කිරීමෙන් පසුව ආකෘති යොදා ගෙන රෙදි කැපීම හා වැඩකරුවන් මඟින් හෝ යන්ත්‍ර මඟින් ඒවා මැසීම සිදු කළ හැක.







References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Seamstress

"https://si.wikipedia.org/w/index.php?title=මැසීම&oldid=464999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි