මැගිනොට් පෙළ සංවිධානය

විකිපීඩියා වෙතින්
Map of the principal fortified section of the Maginot Line

“මැගිනොට් පෙළ” යන නාමයෙන් හැඟෙන්නේ ඉතා පටු රේඛීය ආරක්ෂාව සැලසීමේ මාර්ගයකි. නමුත් මෙම තීරය සෙ.මි 20-25 අතර දුර ප්‍රමාණයක් අතර ගැඹුර වෙනස්වෙමින් පැවතුන සැලකිය යුතු තරම් ගැඹුරු එකකි. මෙය ආරක්ෂාව තර කරන ලද, ආරක්ෂක මුරපොල, සන්නිවේදන මධ්‍යස්ථාන, සෙබල ආවරණ ස්ථාන, බාධක, කාලතුවක්කු , මැෂින් තුවක්කු, ප්‍රති යුධ ටැංකි තුවක්කු ස්ථානගත කරන ලද තැන්, සැපයුම් ස්ථාන, යටිතල පහසුකම්, නිරීක්ෂණ ස්ථාන වැනි හමුදා‍මය ස්ථානයන් ඇතුලත් වු සංකීර්ණ ව්‍යුහයකි. මෙම විවිධ ඒකක “මුලික ප්‍රතිරෝධී තීරයක්” බලගැන්වු අතර එය දැඩිව ආයුධ සන්නද්ධ කරන ලද “ඔවුරේජයන්”ගෙන් සැදුම් ලද, දල වශයෙන් ඒවා බලකොටු හෝ ප්‍රධාන ආරක්ෂක ක්‍රියාමාර්ග ලෙස පරිවර්තනය කර හැක.

ඉදිරියෙන් පටන්ගෙන පිටුපසට යන ලෙස මෙම තීරුව මෙසේ සමන්විත විය.


මායිම් මුර පොල තීරුව (1)[සංස්කරණය]

මෙය නිරීක්ෂණ පොලවල් ලෙස සකස් කෙරුණු ‍ කොන්ක්‍රිට් නිවාස හා ප්‍රබල නිවාස වලින් සමන්විත විය. ඒවා මායිමේ සිට මීටර කිපයක් ඇතුලතට වන්නට බොහෝ විට ප්‍රමාණාත්මක නොවන සාමාන්‍ය නිවාස ලෙස ආවරණය කර සකස් කොට තිබිණ. තවද අනපේක්ෂිත ප්‍රහාරයක දී වහා දැනුම් දීමට හා සුදානම් කරගත් පුපුරණ ද්‍රව්‍ය මඟින් සතුරු යුධ ටැංකි පමා කිරීමට මෙම නිවාස වල සෙබළුන් ‍රඳවා තැබිණ.


මුරපොල හා සහාය මුරපොල තීරුව (2)[සංස්කරණය]

මායිමට 5 km (2.5-3 සැතපුම්) පසුපසින් පිහිටි ප්‍රති යුධ ටැංකි කොන්ක්‍රීට් නිවාස මඟින් සන්නාහ සන්නද්ධ ප්‍රහාරයන්ට ප්‍රතිරෝධය දක්වා පමා කිරීම මඟින් “C.O.R.F. ඔවුරේජ” වල භටයින්ට තම ප්‍රහාර ස්ථාන වල සුදානමින් සිටීමට අවශ්‍ය කාලය ලබා දිම අපේක්ෂා කරන ලදී. මෙම මුරපොලවල් ප්‍රධාන තීරුව තුල ඇති වැදගත් මාර්ග ආරක්ෂා කරන ලදී.


ප්‍රධාන තීරුව (3)[සංස්කරණය]

මෙම තීරුව මායිමට කි.මි 10 ක් (6 සැතපුම්) පිටුපසින් ආරම්භ විය. මිටර් 2 ක් පමණ (අඩි 6-7) පොලව තුළට කාවැද්දු, 0.7-1.4 මීටර (අඩි 2-4) දක්වා උස වෙනස්වන ලෙස පේලි 6 කට සිටවු ලෝහ කණු, මෙම තීරුවට ප්‍රථමව තිබු අතර එවා ප්‍රති යුද්ධ ටැංකි සාධක ලෙස කටයුතු කරන ලදී. මෙම ප්‍රති යුධ ටැංකි සාධක ප්‍රධාන සංකීර්ණ වල ඉදිරියෙන් කිලෝමීටර සිය ගණනක් හරහා පැතිරුණ අතර ඒවා නොතිබුණේ ඉතා ඝන කැළෑ, ගංගා හා වෙනත් පසු කිරීමට නොහැකි භූමි වල පමණි.

මෙම ප්‍රති යුධ ටැංකි සාධක සංකීර්ණයට පසු ඒ සමඟම ප්‍රධාන වශයෙන් ඉතා ඝන කටු කම්බි වලින් සමන්විත 'ප්‍රති පුද්ගල සාධක ' ක්‍රමවේදයක් විය. 'ප්‍රති යුධටැංකි මාර්ග සාධක' මඟින් අවශ්‍ය විට දී යුධ ටැංකි සාධක හරහා වු මාර්ග අවහිර කල හැකි විය.

ගොනුව:Casematedambachnord.jpg
Casemate de Dambach Nord - ඉස්සරහ පැත්ත


පාබල හමුදා කෙස්මේටයන් (4)[සංස්කරණය]

මෙම බංකර ද්විත්ව මැෂින් තුවක්කු වලින් සමන්විත විය. මේවා එකල (එක් දිශාවකට යොමු වු එක් පහර දෙන කාමරයකින් සමන්විත වු) හෝ ද්විත්ව (ප්‍රතිවිරුද්ධ දිශා 2කට යොමු වු පහරදෙන කාමර 2 කින් සමන්විත වු) හෝ ද්විත්ව (ප්‍රතිවිරුද්ධ දිශා 2 කට යොමු වු පහර දෙන කාමර 2 කින් සමන්විත වු) ඒවා විය. මේවා සාමාන්‍යයෙන් තට්ටු 2 කින් සමන්විත විය. ඒවා නම් ප්‍රහාර එල්ල කරන තට්ටුව හා සහාය/ යටිතල පහසුකම් තට්ටුව වු අතර එය මඟින් භටයින්ට විවේකය හා නින්ද හා සේවා (විදුලි උත්පාදක ඒකක, රැස් කර තබන ලද ජලය, ඉන්ධන, ආහාර, වාතාශ්‍රය ලබා ගැනීමේ උපකරණ) ලබා ගත හැකිවිය. මෙම කේස්මේටයන්හි (සාමාන්‍යයෙන් සීනුවක හැඩය ඇති තොප්පිය හෝ හිස වැස්ම)”ක්ලෝච්” 1 ක් හෝ 2 ක් මුදුනේ තිබිණ. මෙම ක්ලෝච් සමහර විට මැෂින් තුවක්කු ස්ථානගත කිරීමට හෝ නිරීක්ෂණ පාරිදර්ශක සවිකිරීමට යොදා ගන්නා ලදී. මේවායේ කාර්ය මණ්ඩලය පුද්ගලයන් 20 -30 ක් පමණ විය.


කුඩා ඔවුරේජයන් (5)[සංස්කරණය]

මෙම කුඩා බලකොටු පාබල හමුදා බංකර පෙළ ශක්තිමක් කළේය. සැපයුම් මධ්‍යස්ථාන, ගිලන් හල්, කෑම ශාලා, විද්‍යුත් උත්පාදක යන්ත්‍ර, බැරැක්ක වැනි යටිබිම්ගත පහසුකම් මධ්‍යස්ථාන සම්බන්ධ වු භූගත ලිං සංකීර්ණයකින් සම්බන්ධ වු පාබල හමුදා බංකර කිහිපයකින් මෙම කුඩා ඔවුරේජ සමන්විත විය. මේවායේ කාර්ය මණ්ඩලය මිනිසුන් 100-200 කින් සමන්විත විය.


ඔවුරේජ (6)[සංස්කරණය]

මැගිනො‍ට් තීරුවේ හමුවු වැදගත්ම බලකොටු මේවා වු අතර එයට හේතුව මේවායේ ශක්තිමත් කාලතුවක්කු රඳවා තිබීමයි. ඉදිරි බංකර සංකීර්ණ හෝ ප්‍රහාරාත්මක ඒකක අඩුම තරමේ 6 කින් හෝ දොරටු 2 කින් සමන්විත විය. බංකර සංකීර්ණ අතරේ ප්‍රවාහනය සඳහා පටු විද්‍යුත් රේල් පීලි සහිත භූගත උමං මාර්ග වලින් අන්තර් සම්බන්ධතා තිබුණි. ආහාර, අමතර කොටස් ගබඩා, ජල ගබඩා, මුළුතැන් ගෙවල්, බැරැක්ක හා ආහාර ශාලා, වාතාශ්‍රය සපයන ඒකක හා උත්පාදක යන්ත්‍ර වලින් සමන්විත විදුලි බලාගාර වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලින් මෙම ප්‍රහාරාත්මක ඒකක සමන්විත විය. මේවායේ කාර්ය මණ්ඩලය 500-1000 පමණ විය.

ගොනුව:Blockhousemomderichtolsheim.jpg
කොන්ක්‍රීට්වලින් නිම කළ ආවරණය

නිරීක්ෂක කුළුනු/මධ්‍යස්ථාන (7)[සංස්කරණය]

අවට ප‍්‍රදේශයට මනා දර්ශනයක් ඇතිවන ලෙස කඳුගැට මත පිහිටා තිබිණ. ප්‍රධාන සතුරු ඒකක වල ස්ථානයත්, ඉදිරිගමනත් ගැන වාර්තා කිරීමත්, කාලතුවක්කු ප්‍රහාර බලකොටු වලින් එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර යොමු කිරීමත්, වැරදි ප්‍රහාර ඉලක්ක වෙත යොමු කිරීමත්, නිවැරදි කිරීමත්,සතුරා සොයා ගැනීමත්, මෙම මධ්‍යස්ථානවල කාර්යභාරය විය. රැහැන් රහිත සම්ප්‍රේෂක හා ක්ෂේත්‍ර දුරකථන මඟින් අනික් බලකොටු සමඟ සම්බන්ධ වු අධි නිරවද්‍ය දෘෂ්ටි උපකරණ වලින් සමන්විත වු සන්නාහ සම්පන්න අටලු වලින් සමන්විත වු විශාල බලගැන්වු භූගත කොන්ක්‍රිට් බංකර වලින් මේවා නිමවී තිබිණ. (T.S.F ලෙස ප්‍රංශ භාෂාවෙන් හැඳින්වු)


දුරකථන ජාලය (8)[සංස්කරණය]

ගිමන්හල්, නිරීක්ෂණ මධ්‍යස්ථාන, කාලතුවක්කු හා පාබල සේනාංක බලකොටු ඇතුළු මැගිනොට් තීරුවේ වු සියළු බලකොටු මෙම පද්ධතිය මඟින් සම්බන්ධ කෙරිණි. බලකොටු පෙළට සමාන්තරව දුරකථන රැහැන් 2 ක් තිබු අතර එමඟින් එක් රැහැනක් කැපීගියහොත් අවශ්‍ය කාර්යය දිගටම කර ගෙන යාමේ පහසුව සැලසිණි. අවතැන් වු සොල්දාදුවන්ට ජාලයට සම්බන්ධ වීමට ස්ථාන මෙම රැහැන් වල තිබිණ.


අතිරේක පාබල හමුදා මධ්‍යස්ථාන (9)[සංස්කරණය]

ප්‍රාථමික ප්‍රතිරෝධී පෙළට මීටර 500-1000 (සැතපුම් 3-6) අතර දුරකදී මේවා පිහිටා තිබිණ. පාබල සේනාංකයන්ට (පුද්ගලයින් 200- 2500) භාවිතා කල හැකි ලෙස සකස් කල ‍භූගත කොන්ක්‍රිට් බංකර වු අතර මොවුන්ට ප්‍රහාරයන්ට ඔරොත්තු දීමට හැකි වන පරිදි උණුසුම් කිරීමේ ක්‍රම, මුළුතැන් ගෙවල්, ජල සැපයුම්, වාතාශ්‍රය සැපයීමේ ක්‍රම හා විද්‍යුත් උත්පාදක යන්ත්‍ර අයත් විය. ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී අදාල ප්‍රදේශයේ මුලස්ථානය ලෙස මේවා ‍භාවිතා‍ කෙරිණි.


ජල ගැටුම් ප්‍රදේශ (10)[සංස්කරණය]

සතුරු ප්‍රහාරයකට අතිරේක සාධකයක් වන ලෙස අවශ්‍යතාවට අනුව ජලයෙන් පිරවිය හැකි ස්වභාවික ද්‍රෝණි හා ගංගා විය.


ප්‍රති යුධටැංකි කණු


ආරක්ෂක නිවාස (11)[සංස්කරණය]

සාමාකාමී ‍කාලයකදී වන හදිසි ප්‍රහාරයකදී හැකි කෙටිම කාලයකින් ‘ඔවුරේජ් කාර්ය මණ්ඩලයට’ තම ප්‍රහාරාත්මක මුලස්ථානයට ලඟා වීමට හැකි වන ලෙස ප්‍රධාන බලකොටු අසලම මේවා ඉදිකරන ලදී.


සැපයුම් මධ්‍යස්ථාන (12)[සංස්කරණය]

අවි ගබඩා (13)[සංස්කරණය]

සෙ.මි 60 (අඟල් 24) පටු රේල් මාර්ග පද්ධතිය (14)[සංස්කරණය]

කි.මි 50 ක් (සැතපුම් 35 ) පමණ ඈතින් පිහිටි ගබඩාවල සිට ප්‍රධාන පටු රේල් මාර්ග ජාලයක් ඉදිකරන ලදී. “ගැසොලින්” වලින් බල ගැන්වු සන්නාහ දුම්රිය එන්ජින් මඟින් සැපයුම් දුම්රියන් මෙම පටු රේල් මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන ලදී. (1914 - 1918 දී සන්නාහ සන්නද්ධ වාෂ් ප එන්ජිමක් සහිත පද්ධතියක් නිපදවන ලදී)


අධිවෝල්ටීය සම්ප්‍රේෂක රැහැන් (15)[සංස්කරණය]

මුලින් පොළවට ඉහලින් තිබු අතර පසුව භූගත කරන ලද මෙම රැහැන් සාමාන්‍ය විදුලි සැපයුමට සම්බන්ධ වු අතර ප්‍රධාන බලකොටු සෑම එකකටම පාහේ විදුලිය සපයන ලදී.


විශාල රේල් මාර්ග කාලතුවක්කු (16)[සංස්කරණය]

උවමනාවෙන්ම කි.‍මි 10-12 ඉලක්ක දුරකට සීමා කරන ලද මේවා දුම්රිය එන්ජින් මඟින් කලින් සැලසුම් කරන ලද ස්ථාන වලට ප්‍රවාහනය කරන ලදී. තවද මෙමඟින් බලකොටු ‍වල සවි කර තිබු කාලතුවක්කු වලට සහාය දෙන ලදී.


සටහන්[සංස්කරණය]

Maginot line Organization
"https://si.wikipedia.org/w/index.php?title=මැගිනොට්_පෙළ_සංවිධානය&oldid=472268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි