මැකියුලා ඩෙන්සා

විකිපීඩියා වෙතින්
මැකියුලා ඩෙන්සා
මැකියුලා ඩෙන්සා සමඟ වෘක්ක දේහාණුව
හඳුන්වනයන්
FMA86333
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

වෘක්කයෙහි, මැකියුලා ඩෙන්සා යනුවෙන් හැඳින්වෙන්නේ ඝනකම් ආරෝහණ බාහුව සහ විදුර සංවලිත නාළිකාව මුණගැසෙන ස්ථානයෙහි විදුර සංවලිත නාළිකා බිත්තිය ආස්තරණය කරන ළඟින් ඇසිරුණු විශේෂිත සෛල විශේෂයකි. මැකියුලා ඩෙන්සා යනු විදුර නාළිකාව ගුච්ඡිකාව ස්පර්ශ වන ස්ථානයෙහි පිහිටි ඝනවීමකි.

මැකියුලා ඩෙන්සා සෛල විදුර සංවලිත නාළිකාවෙහි සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයට සංවේදී වේ. සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයෙහි අඩුවීමක් මැකියුලා ඩෙන්සා සෛලවලින් සංඥා නිකුත් කිරීමට හේතුවන අතර ඉන් පහත ප්‍රතිඵල ඇතිවේ:

(1) එය අභිවාහී ධමනිකාවලට රුධිර ගලනයට ඇති ප්‍රතිරෝධය අඩු කරන අතර, ගුච්ඡිකාවේ ද්‍රවස්ථිති පීඩනය ඉහළ නංවයි. මෙය ගුච්ඡික පෙරීම් ශීඝ්‍රතාව (GFR) නැවත සාමාන්‍ය අගය තෙක් ගෙන එයි, එසේම

(2) එය අභිවාහී සහ අපවාහී ධමනිකාවල ජක්ස්ටගුච්ඡික සෛලවලින් රීනින් නිදහස් වීම වැඩි කරයි.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Guyton & Hall Textbook Of Physiology, 11th Edition 2006, p. 324
"https://si.wikipedia.org/w/index.php?title=මැකියුලා_ඩෙන්සා&oldid=435302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි