මා‍වෝ සේදොන්ග්

විකිපීඩියා වෙතින්
තනතුර චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති. (1945 – 1976)
පෙර සිටියේ චෙන් දුසියු
පසුව සිටියේ හුආ ගුෆෙන්ස්
තනතුර චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රථම සභාපති (1954 – 1959)
පෙර සිටියේ කිසිවෙකුත් නැත.
පසුව සිටියේ ලියු ෂැකොයි.
උපත 1893 දෙසැම්බර් මස 26 වන දින, හුනාන්, ග්රේට් කින්ග්
විපත 1976 සැම්බර් මස 09 වන දින (වයස අවුරුදු : 82),බීජිං නුවර, මහජන චීන සමූහාණ්ඩුව
ජාතිය චීන
දේශපාලන පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂය, යැන්ග් කායිහුයි (1920 – 1930)
බිරින්දෑවරුන් හී සිසෙහ්න් (1930 – 1937), ජියැන්ග් කින්ග් 1939 – 1976)

මාවෝ සේදොන්ග් යනු චීනයේ මිලිටරි හමුදාවේ හා දේශපාලඥ නායකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. එමෙන්ම චීන සිවිල් යුද්ධයේදී ක්යුමින්ටෑන්ග්ට එරෙහි වූ සටනේ ජයග්‍රහණය කරා චීන කොමියුනිස්ට් පක්ෂය මෙහෙයවූයේද මාඕ වේ. එලෙසම 1949 මහජන චීන සමූහාණ්ඩුවේ ආරම්භයේ සිට මෙලොවින් සමුගන්නා තුරුම හෙතෙම එහි නායකයා වශයෙන් කටයුතු කළේය.

මෑත ලෝක ඉතිහාසයේ වැදගත්ම සාධකයක් ලෙස සලකා බලන කළ ඔහුගේ වියෝවෙන් වසර 30ක් ගත වුවද අදටත් මාඕ යනු වාද කළ හැකි චරිතයක් බවට පත්ව තිබේ. චීනයේ ඔහුව ඉතා ඉහළින් සලකනු ලැබූ අතර අවසානයේදී සිවිල් ලෝක යුද්ධයෙන් "චියැන්ග් කායි ෂෙක්" නමැත්තා පරාජය කළ විශිෂ්ඨ විපිලව වාදී, උපායෙහි දක්ෂ පාලකයෙක් ලෙස චීනය ඔහුව හඳුන්වනු ලබයි. එලෙසම මාවෝගේ ප්රතිපත්ති ස්වකීය නිජභූමිය විශිෂ්ඨ බලයකින් යුත් රටක් බවට පත් කිරීමට තරම් සමත් විය. කෙසේ වුවද මාවෝගේ “Great Leap Forward සංස්කෘතික විප්ලවය” වැනි බහුතරයක් සමාජමය දේශපාලනික වැඩ සටහන් චීනයෙන් පිටත විවේචකයන්ගේ දෝෂ දර්ශනයට ලක් විය. ඊට හේතුව වූයේ ඒ මගින් චීනයේ සංස්කෘතිකමය, සමාජමය, ආර්ථිකමය හා අන්තර් සබඳතාවය වශයෙන් ඇතිවන බලවත් විනාශයයි. ඒ පමණක් නොව විශාල වශයෙන් හා අනවශ්යය ලෙස වන ජීවිත හානි ද ඊට බෙහෙවින් හේතු සාධක විය.

චීනයේ ඔහුට නිල වශයෙන් ඉමහත් ගෞරවාදර දැක්වුවත් ඔහු විසින් ඇති කළ බලපෑම ඔහුගේ මරණය වන විට ඩෙන්ග් සියොපින් හා අනෙකුත් නායකයන්ගේ දේශපාලන හා ආර්ථික ක්රමවේද මගින් මුවා කර තිබුණි. තවද, මාඕ යනු හුදෙක්ම දේශපාලඥයෙකු පමණක්ම නොව හෙතෙම කවියෙක් හා ලේඛකයෙක් වශයෙන්ද ප්‍රසිද්ධියට පත් විය.




References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Mao_Zedong

"https://si.wikipedia.org/w/index.php?title=මා‍වෝ_සේදොන්ග්&oldid=465106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි