මාලනී පොන්සේකා

විකිපීඩියා වෙතින්

ජාත්යජන්තර සම්මානයට පාත්රයවූ ප්රකථම ශ්රීව ලාංකීය නිළිය ලෙස ඉතිහාසගත වෙමින් 1975 දී ඇය ජගත් කීර්තිය අප රටට අත්කර දුන්නාය. 9 වැනි මොස්‌කව් ජාත්යෙන්තර චිත්ර පට උළෙලේදී ධර්මසේන පතිරාජයන් අධ්යටක්ෂනණය කළ එයා දැන් ලොකු ළමයෙක්‌ චිත්රදපටයේ රංගනය උදෙසා ඇය ඩිප්ලෝමා සහතිකය හිමිකර ගත්තේ මේ පුංචි රට දෙස ලොව අවධානය යොමු කරවමිනි. ඊට පෙර වසරේ එනම් 1974 මොස්‌කව් චිත්ර පට උළෙලේදී එම ඩිප්ලෝමා සහතික සම්මානය හිමිකර ගත්තේ ලෝක ප්ර සිද්ධ නිළි සොපියා ලොරේන් විසිනි. ඒ ඇය රඟපෑ "සන්ෆ්ලවර්" චිත්ර පටයේ රංගනය උදෙසාය. 1976 වසරේදීත් එම චිත්ර පට උළෙලට ධර්මසේන පතිරාජ අධ්යික්ෂේණය කළ බඹරු ඇවිත් චිත්රනපය යෑවීමට තේරුණි. එහෙත් එම චිත්රජපටය කලට වේලාවට උළෙලට යෑවීමට නොහැකි විය. නමුත් පමාවී චිත්රහපටය උළෙලේදී තිරගත විය. එදා පතිරාජයන් සමග මාලනීද එම උළෙලට සහභාගි වූහ. මාලනී හා පති වේදිකාවට හඳුන්වාදෙද්දී ඊට පෙර වසරේ "එයා දැන් ලොකු ළමයෙක්‌" රංගනය උදෙසා ඩිප්ලෝමා සහතික ලද ලංකාවේ මාලනී පොන්සේකා යන නම ප්රයකාශවෙද්දී ප්රේනක්‌ෂකගාරයේ සිටි සියල්ලෝම නැගිට අපේ පුංචි රටේ මේ විශිෂ්ට රංගධාරිනියට තම ආචාරය පුදකර සිටියහ. ඉන් ඉක්‌බිතිව 1977 දී නවදිල්ලි හිදී පැවැති 6 වැනි අන්තර්ජාතික චිත්රගපට උළෙලේදී අමරනාත් ජයතිලකයන් අධ්ය ක්ෂහණය කළ සිරිපාල හා රංමැණිකා චිත්‍රපටයේ "රංමැණිකා" ලෙස කළ රංගනය උදෙසා ඇය ගෞරව කුසලතා සම්මාන සහතිකය හිමිකර ගත්තේ යළිත් වරක්‌ අප මාතෘ භූමියට ජගත් කීර්තිය අත්කරදෙමිනි. 1963 දී "නොරත රත" වේදිකා නාට්ය යේ භූමිකා රංගනයෙන් වේදිකාවට පිවිසි මාලනී ඉන් ඉක්‌බිතිව නාට්යත 14 ක පමණ රඟපෑ අතර 1965 දී අකල්වැස්‌ස නාට්ය යේ රඟපෑම වෙනුවෙන් රාජ්ය නාට්යත උළෙලේදී හොඳම වේදිකා නිළියට හිමි රාජ්යර සම්මානය හිමිකර ගත්තාය. ඇය එදා මෙදා තුර දිනාගත් දේශීය සම්මාන විශාල ප්රිමාණයකි. මාලනී ඉකුත් වසරේ දෙසැම්බර් මස පැවැති 36 වැනි ජාත්ය න්තර චිත්ර5පට උළෙලේදී රජත මයුර සම්මානයෙන් අප රටට ජගත් කීර්තියක්‌ අත්කර දුන් මොහොත මේ සටහන ලියන මොහොතේ අපට සිහිපත් වේ. දැන් තිරගත වන ප්ර සන්න විතානගේ ගේ විශිෂ්ට අධ්යතක්ෂතණයෙන් නිර්මාණය වූ "ආකාස කුසුම්" චිත්රඅපටයේ "සන්ධ්යා රාණි" ලෙස ඇය කළ රංගනය උදෙසා එම ජගත් සම්මානය මාලනීට හිමිවිය. (ආකාස කුසුම් නිෂ්පාදකවරයා වනුයේ නුගේගොඩ සරසවි පොත්හල අධිපති කේ. ඩී. ප්රේනමසිරි මහතායි.) ඉන් මාස 11 කට පසු යළිත් මාලනී අප රටට අන්තර්ජාතික කීර්තියක්‌ නොබෝදා අත්කර දුන්නේ ද "ආකාස කුසුම්" හි සන්ධ්යාක රාණි ලෙස කළ අති විශිෂ්ට රංගනය වෙනුවෙන් මය. ඒ ඉකුත්දා ඉතාලියේ පැවැති චිත්රහපට උළෙලේදී රටවල් කිහිපයක නිළියන් අභිබවා යමින් "ආකාස කුසුම්" හි නිරූපනය කළ "සන්ධ්යාි රාණි" ගේ චරිතය උදෙසාවීම සුවිශේෂ සිදුවීමකි. මෙම චිත්රිපටයේ කළේත් සන්ධ්යාධ රාණි චරිතය ඉදිරිපත් කළේත් මාලනී නමැති අපේ මේ ප්රුතිභාසම්පන්න අග්රරගන්යත නිළි රැජින වෙනුවෙන්මයි. මාලනී නොසිටින්න "ආකාස කුසුම්" බිහි නොවන්න ඉඩ තිබුණා. ප්රනසන්න විතානගේ "දිවයින" සිනමා කලා සංග්රකහයට වරෙක ප්රනකාශ කර සිටියේය. "මේ ආකාස කුසුමේ සන්ධ්යා්රාණි ඔබමද කියා ඔබ ඇසුවොත් මම කොහොමද නැහැ කියන්නේ...... මේක මගේ ජීවිත කතාව නොවේ කියා කියන්නෙත් කොහොමද? ප්රගසන්න හිතපු සන්ධ්යාසරාණිගේත් මාලනී පොන්සේකා කියන නිළියගේත් සිතිවිලි එකයි කියා මම මටම කියා ගත් අවස්‌ථා අපමණයි. ප්රකසන්න මගේ පවුලේ බාල සොහොයුරිය වන දමයන්ති ගේ සැමියා ලෙස ඥති සබඳකම් තිබුණෙත් අප දෙදෙනාටම එකට වැඩ කළ හැකි හොඳ තේමාවක්‌ මීට පෙර ප්රබසන්න අතින් ආවේ නැහැ. ඒ නිසා ඔහුගේ නිර්මාණයකට එක්‌වන්න බැරි වුණා. එහෙත් මම නිර්මාණය කරපු "ස්‌ත්රී " චිත්රිපටයේ තිර රචකයා වුණේ ඔහුයි. ඔහු පරිණත අධ්යරක්ෂඑවරයෙක්‌. "ආකාස කුසුම්" ඔහුත් පරිණත වූ ප්රතතිභාව පළකළ නිර්මාණයක්‌. මාලනී "ආකාස කුසුම්" ගැන පැවැසුවේ එලෙසිනි. ඉතාලියේ 7 වැනි අන්තර්ජාතික ලෙබාන්තේ සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානය හිමිකර ගැනීමෙන් පසු අපි මාලනී ට දුරකථනයෙන් කතා කළෙමු. ඇය කවදත් ලෙන්ගතු නිහතමානී අව්යා්ජ බවින් යුතුව අප හා කතා කළාය. මාලනීගේ ප්රනතිභාව කවදත් "දිවයින" ඉමහත් සේ අගය කළ අතර 1981 ඔක්‌තෝබර් 4 වැනිදා දිවයින ඉරිදා සංග්රිහය මංගල කලාපයට ඇතුළත් වූයේ මාලනී සේයාරුවකි. "මට මේ සම්මානය හිමිවූ වේලාවේ මට මගේ මවුබිම මතක්‌ වුණා. ඇති වුණ සතුට කියන්න බැරි තරම්. මගේ අද ජීවතුන් අතර නැති තාත්තාත් අම්මත් මම ඉගෙන ගත්ත කැලණිය ගුරුකුල විදුහල් මවත්, ගුරුවරුනුත්, හැමදාම මට ශක්‌තියක්‌ වූ මගේ ආදරණීය ප්රේික්‌ෂක ජනතාව මට මතක්‌ වුණා. මේ සම්මානය මට පෞද්ගලිකව නොව ශ්රීව ලංකා මාතාව ලද ජයග්රකහණයක්‌ ලෙසයි මම සලකන්නේ. මේක රට වෙනුවෙන් අප ලද ජයක්‌. මේ ගැන ලියන්න අනේ ඒ ටික කොහොම හරි ලියන්න. මාලනී පැවසුවේ හැඟුම්බරවය. ගැහැනියක කලාකාරියක හැටියට අපිට හැකි තරමින් මේ මාතෘ භූමියට ජගත් ප්ර්ජාව ඉදිරියේ ගෞරවයක්‌ අත්කර දෙන්න හැකිවීම සතුටක්‌. මගේ ජීවිත මාවතේ නොසැලී රැඳී ඉන්න. ජනතාවගේ ආදරය ආශීර්වාදය මට මහත් ධෛර්යයක්‌. ඒ වගේම ආකාස කුසුම් අධ්යාක්ෂරක ප්ර සන්නත් නිෂ්පාදක කේ. ඩී. ප්රේමමසිරි මහතාත් චිත්ර‌පටයේ රඟපෑ මගේ සහෝදර නළු නිළි පිරිස ඇතුළු ශිල්පීන් හැමෝමත් කෘතවේදීව සිහිපත් කරනවා යෑයි ද මාලනී පැවසුවාය. මොස්‌කව් චිත්රාපට උළෙලේදී මාලනී ජගත් කීර්තිය අත්කර ගැනීමෙන් පසු ඇයට සුqබ පැතීමට 1975 දිනෙක කොළඹ ගාලු මුවදොර හෝටලයේදී චිත්ර්පට නිෂ්පාදකවරුන් ගේ මෙහෙවීමෙන් උත්සවයක්‌ පැවැත්විණි. එදා එම උළෙල ඇමතූ හෙළ සිනමාවේ පුරෝගාමී කෘතහස්‌ත නළු එඩී ජයමාන්නයන් ඇය පිළිබඳව කළ සඳහනක්‌ මෙලෙස පළ කරමු. "මේ මාලනී කවදාහෝ අප රටට මීට වඩා කීර්තියක්‌ අත්කර දෙනවා නිසැකයි." කවදාහෝ ඉතිහාසය ලියන අය අපේ මේ නිළිය ගැන රන් අකුරින් ලියනු නොඅනුමානයි. අපි එදාට ජීවතුන් අතර නැතත් අපේ අනාගත පරපුරට අපේ රටට ඇය අභිමානයක්‌ම වනවා සිකුරුයි. ඒකාන්තයි." එඩී ජයමාන්නයන් එලෙස පවසන විට අසහාය නිsළි රැජින රුක්‌මනී දේවිය මාලනීට උණුසුම් හාද්දකින් තම ආශීර්වාදය හා සුබපැතුම් පළ කළේ රැස්‌ව සිටි සියලු දෙනාගේම අත්පොළසන් හඬමධ්ය්යේය. චිරං ජයතු මාලනී...

"https://si.wikipedia.org/w/index.php?title=මාලනී_පොන්සේකා&oldid=383216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි