මාර්ක්විස් ඩි සේඩ්

විකිපීඩියා වෙතින්
මාර්ක්විස් ඩි සේඩ්

Count de Sade Donatien Alphonse François (උපත:1740 විපත:1814​) වඩාත් ප්‍රකට වූයේ මාර්ක්විස් ඩි සේඩ් යන​ නමිනි. ලේඛකයෙකි. පැරිස් නුවර දී උපත ලැබී ය​. ඔහුගේ අතිශය කෲරතර පරපීඩක ලිංගික චර්යාවන් නිසා ඒක්ස්(Aix) හිදී ඔහුට මරණ දඬුවම නියම විය​. ඔහු පලා ගිය නමුදු, අත්තඩගුවට ගනු ලදුව වින්සෙන්ස්(1777) හා බැස්ටීල්(1784) බන්ධනාගාරයන්හි රඳවා තබනු ලැබිණි. 1784 දී පමණ ඔහු The 120 Days of Sodom කෘතිය රචනා කළේ ය​. ‎පරපීඩක කාමය හැඳින්වීමට යොදන සේඩිසම් (Sadism) යන වදන බිහි වූයේ මොහුගේ නමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=මාර්ක්විස්_ඩි_සේඩ්&oldid=396625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි