මායිම් ශාක
මායිම් ශාක යනු වන සංවර්ධන විද්‍යාවේ භාවිතා වන පදයකි. මායිම් ශාක යනු විචල්‍ය අරීය බිම් කැබලි හෝ තුඩු නියැදි ක්‍රමය හරහා පැමිණි සංකල්පයකි. මෙය ඇති වන්නේ ප්‍රිස්මයක් හෝ කෝණ මිනුම් ගන්නා උපකරණය භාවිතා කරන අවස්ථාවේ දී , ශාකය එය තුළ පිහටයි ද නැතිනම් පිටතින් පිහිටයි ද යන්න පහසුවෙන් තීරණය කළ නොහැකි අවස්ථා වලදීය. මායිම් ශාක ඇති වනනේ, නියැදි ස්ථානයේ සිට ශාකයේ මධ්‍ය ලක්ෂයට ඇති දුරක්, පපුව මට්ටමට වන්නට ඇති ශාකයේ විශ්කම්භය හා බිම් අරීය සාධකය ගුණ කිරීමෙන් ලැබෙ අගයත් යන අගයන් දෙක සමාන වන අවස්ථාවේ දීය. බිම් අරීය සාධකය තීරණය වන්නේ භාවිතා කරන ප්‍රිස්මය හෝ කෝණ මිනුම් ගන්නා උපකරණ වර්ගය මතය. පාදම් වර්ගඵල සාධකය 5, 10 සහ 20 වන කෝණ මිනුම් ගන්නා උපකරණවල, බිම් අරීය සාධකය පිළිවෙලින් 3.89, 2.75 සහ 1.94 (අඟලට අඩි) වෙයි. මෙම බිම් අරීය සාධකයන්ගේ මීටර් මිනුම් ක්‍රමයට අදාල අගයන් වන්නේ 0.467, 0.33 සහ 0.233 (සෙන්ටිමීටරයට මීටර්) වේ. ශාකය මායිම් වන අවස්ථාවේ දී එය ඇතුළත පිහිටන්නේ ද යන වග දැන ගැනීමට මිනුම් හා ගණනය කිරීම් මාලාවක් සිදු කළ යුතුය. නියැදි ස්ථානයේ සිට ශාකයේ මධ්‍ය ලක්ෂයට ඇති තිරස් දුර මැනිය යුත්තේ පසුව මට්ටමට වන්නට ඇති ශාකයේ විශ්කම්භය ඔස්සේය. ඉන්පසු මෙම පපුව මට්ටමට වන්නට ඇති ශාකයේ විශ්කම්භය, බිම් අරීය සාධකයෙන් ගුණ කළ පසු සීමාකාරී දුරක් ලබාදේ. පෙර මනින ලද දුර, මෙම සීමාකාරී දුර වඩා අඩු හෝ සමාන නම් ශාකය ඇතුළත පිහිටන ලෙස සලකයි. එම දුර සීමාකාරී දුරට වඩා විශාල නම් ශාකය පිටතින් පිහිටන ලෙස සලකයි.