මානසික පීඩනය

විකිපීඩියා වෙතින්

හැදින්වීම[සංස්කරණය]

මුදල් හා මුසුවී වේගයෙන් ගලායන නවදැනුම හා තාක්‍ෂණය අබියස මිනිස් අවශ්‍යතා පුළුල්වෙමින් පවතී.එනිසා අප කාගේත් බලාපොරොත්තු හා ඉලක්ක දිනෙන් දින වෙනස් වේ. ඒවා සපුරාගැනීම වෙනුවෙන් මිනිසා නිරන්තර තරගයක යෙදේ. මෙවන් අවස්ථාවල අප තුළ කිසියම් මානසික අසහනකාරී බවක්, පීඩනයක් ඇතිවේ. මානසික වියවුල්බවක් ඇතිවේ. මෙම සරල මානසික පීඩනය මනෝවිද්‍යාවේදී හදුන්වන්නේ ක්ලමථය නමිනි. මෙම ක්ලමථය මිනිසුන් අත්විදින ප්‍රමාණයේ හා කාලයේ තරමට සරල මානසික පීඩනයක සිට ප්‍රබල කම්පනයක් දක්වා වර්ධනය විය හැක. රොබට් ඒ බාරොන් ට අනුව ක්ලමථය යනු අප ජීවත්වන පරිසරය තුළින් ඇතිවී, අපගේ ශාරීරික හෝ මානසික ක්‍රියාකාරිත්වයට අවදානමක් හෝ බිදවැටීමක් ගෙන දෙන සිදුවීම් අවස්ථාවලට අප විසින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියයි. නවීන මනෝවිද්‍යා පරේෂකයින් පවසන පරිදි ක්ලමථය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් මානසික පීඩනයකි. එය තමන් තුළම පවත්නා හෝ පරිසරයේ පවත්නා පීඩාකාරී තත්වයන් පුද්ගලයාගේ කායික හා මානසික තත්වයන් කෙරෙහි බලපෑමේ ක්‍රියාවලිය ලෙසද හැදින්විය හැක. ජීව විද්‍යාත්මක ප්‍රවේශයට අනුව (Biological Approach) ශරීරයේ ක්‍රියාකාරිත්වය ඉහළ යවන ශාරීරික තත්වය ක්ලමථයයි. කිසියම් කාර්යක් කිරීමට උත්තේජනයක් ජනනය කිරීමට සමත් ක්ලමථ තත්වයන් පැවතීම ප්‍රයෝජනවත් බව ඔවූහු අදහස් කරති. කෙසේ වෙතත් කිසියම් අනතුරක් වටහා ගත් විටක ස්නායු පද්ධතිය, අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය ක්‍රියාත්මක වී ආක්‍රමණිකයාට පහරදීමට හෝ ඉන් පලායාමට පෙළඹෙන ආකාරයෙන්ම ක්ලමථයට ද ප්‍රතිචාර දැක්වීමට පටන්ගනී. මෙය පහරදීමේ හෝ පළායාමේ ප්‍රතිචාරය (Fight or Flight response) යනුවෙන් හැදින්වේ. දිගුකාලීන පරේෂණයකින් පසු හෑන්ස් සෙල්යේ ජීවියා ක්ලමථයට ප්‍රතිචාර දක්වන ආකාරය දැක්වීමට සාමාන්‍ය අනුගතවීමේ සහලක්‍ෂණය නමින් ආකෘතියක් ඉදිරිපත් කළේය. එයින් ක්ලමථය සදහා අප ශරීරය අවසථා තුනකදී තුන් ආකාරයට ප්‍රතිචාර දක්වනබව පෙන්වාදෙනු ලැබීය.

  • අනතුරුඅගවන අවධිය(Alarm Stage)
  • මුහුණ දීමේ අවධිය(confrontational Stage)
  • පිරිහීමේ අවධිය(Exhaustion Stage)

අනතුරු අගවන අවධියේදී ශරීරය හදිසී ප්‍රතික්‍රියා දක්වයි. තැතිගැණුනු ස්වරෑපයක් දක්නට ලැබේ. ජීවියා කිසියම් ජංගම(Mobility) තත්වයකට පත්වේ. අධිවෘක්ක ග්‍රන්ථිය මගින් ඇඩ්‍රිනලින් හසුරුවා අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. මෙයින් හුස්ම ගැනීමේ වේගය වැඩිවේ. හදගැස්ම හා රුධිරපීඩනය, ආහාරජීර්ණය දුබලවීම ආදී ලක්‍ෂණ මතුවේ. එහි ප්‍රතිඵල ලෙස හිසරදය, වෙහෙසකාරීබව, උණ හා සෙම්ගතිය, මස්පිඩු හා හන්දිව වේදනා ඇතිවීම වැනි ලක‍‍‍‍‍‍‍‍‍‍්‍ෂණ දක්නට හැකිවන අතර කුසගිනි නොවීම හා පරාධීනබවක් ඇතිවීම වැනි දේද මතුවේ. මේවා අනතුරු අගවන ලක්ෂණ ලෙස සැළකේ. අනතුරු ඇගවීමෙන් පසුවත් දිගින් දිගටම ක්ලමථය පවතීනම් මුහුණදීමේ අවධිය එළඹේ. මේ අවධියේදී ජීවියාට අනතුරත් සමග එකගතාවයකට පැමිණීමට සිදුවේ. එනම් අනතුර සදහා ක්‍රියාත්මක වීමට සිදුවේ. මේ නිසා පහරදීමට අවශ්‍ය ප්‍රතිදේහ නිෂ්පාදනයට පෙළඹේ. එහිදී ඉහත අනතුරු අගවන අවදියේ ලක්ෂණ පහව යනු ඇත. නමුත් වෙනත් රෝග කාරක ඇතුළු වුවහොත් ඒවාට පහරදීමට අභ්‍යන්තර ශක්තිය නොමැතිවීමෙන් රෝගීවීමට ඉඩ තිබේ. තව දුරටත් ක්ලමථය පවතීනම් ශක්තිය පිරිහීමේ අවධියට එළඹේ. ක්ලමථය පරාජය කිරීමට ඉන්ද්‍රිය පද්ධතිවල ක්‍රියාවලීන් හරහා දරන උත්සාහයේදි ජීවියාගේ ශාරීරික සම්පත් පිරිහීමට ලක්වේ. දිගුකාලයක් ක්ලමථයට මුහුණදීමට සිදුවීම ශරීරයේ සම්පත් හීනවීමට හේතුවේ. අනතුරට මුහුණදීමට අදාළ ශක්තිය ගොඩනගා ගැනීමට හෝමෝන නිකුත්කරන පිටියුටරි ග්‍රන්ථිය හා ඇඩ්‍රිනලින් ග්‍රන්ථිවලට තවදුරටත් අධික හෝමෝන ප්‍රමාණයක් නිකුත්කිරීමට ඇති හැකියාව හීනවී යයි. මේ නිසා තවත් වරක් අනතුරු අගවන අවධියේ මතු ලක්ෂණ පෙන්නුම් කරන අතර බරපතල රෝගී තත්වයන්ට ගොදුරු වී ජීවියා මියයාමේ ඉඩකඩ වැඩිවේ. මේ නිසා හෑන්ස් සෙල්යේට අනුව ක්ලමථයට ජීවියා ප්‍රතිචාර දැක්වීම (අනතුරු අගවන සංඥා) සාමාන්‍ය තත්වයට පත්වේ. නමුත් ක්ලමථය ඇතිවීමට මූලික හේතු නොසලකා හැරීමෙන් පුද්ගලයා දිගින් දිගට එකම ප්‍රතිචාර රටාවක් දක්වනු ලැබේ. එයින් ශාරීරික ශක්තීන් පිරිහී යයි. අනතුර අගවන අවධියේදීම ක්ලමථයෙන් මිදීමට පියවර ගැනීම කෙරෙහි සැලකිලිමත්වීම ඉතා වැදගත්බව මින් පැහැදිලිවේ. මනෝවිද්‍යාත්මක දෘෂ්ඨියට අනුව ක්ලමථය පුද්ගලපැවැත්මට විවිධාකාරයෙන් හානිදායක හා අභියෝගාත්මක තත්වයන් සේ සැළකේ. ක්ලම්ථයේ මට්ටම් අනුව ප්‍රතිචාරවල වෙනස්කම් දක්නට ලැ‍බේ. ආදරය කළ කෙනෙකුගේ වියෝව, කාලයක් තිස්සේ පවතින විරැකියාව වැනි සමහර සිද්ධි, අත්බෑගයක් නැතිවීම, කෙනෙක් හෝ දෙයක් වෙනුවෙන් කාලයක් බලා සිටීමට සිදුවීම වැනි දේද ක්ලමථය ගෙන දේ.

මානසික පීඩනය ඇති කරන සාධක(Stressers)[සංස්කරණය]

පුද්ගලයකුගේ මුළු ජීවිතකාලයම ක්ලමථය ඇතිකරන විවිධ සිදුවීම්වලින් ගහණය. එදිනෙදා විවිධ සිදුවීම් නිසා ක්ලමථය ඇතිවන අතරම නව යොවුන් පසුවන උදවිය තුළ ක්ලමථය ඇතිවීමට එම වයසේදී සිදුවන කායික වෙනස්කම් හා පරිවර්තනීය චිත්තවේගික ස්වභාව හේතුවේ. දවසේ පැය දාහතරක් පමණ වැඩකරන හා සතියේ දින හයක් හෝ හතක්ම වැඩකරන අයද අනිවාර්යයෙන්ම නිරන්තර ක්ලමථයෙන් පෙළෙන්නන් වේ. අඩු කාලයක් තුළ විශාල ඉලක්කයන් සපුරාගැනීමට සිදුවෙන රැකියාවෙන් මෙන්ම වැඩමුර ක්‍රමයට ක්‍රියාත්මක රැකියාවන්වල නියුතුපිරිස හා තම පවුල්පරිසරයෙන් දුර ඈත ප්‍රදේශයක සේවයකරන අය තුළ ක්ලමථය වර්ධනය වේ.එමෙන්ම දිගුකාලයක් ඒකාකාරී ලෙස වැඩ කිරීමට සිදුවීමද ක්ලමථකාරකයන් වේ.ජීවන ඉලක්කවලට ළගාවීමට හා බලාපොරොත්තු සපුරාගැනීමට නොහැකි වු විට පුද්ගලයකු ක්ලමථයට ගොදුරුවන්නාසේම ජීවිතයට අරමුණක් නොතිබීමද හේතුවක් වේ.ඉලක්කයක් නොමැති පුද්ගලයා කාලයෙන් කාලයට විවිධ දේ කිරීමට පෙළඹේ.එක් දෙයක් තරමක්දුරට කරගෙන ගොස් අතරමගදී නවතා තව දෙයක් කිරීමට පෙළඹේ.අවසානයේ සපුරාගත් කිසිත් නොවේ.එවැනි අයට ප්‍රතිඵලය සේ ඉතිරිවන්නේ මානසික අසහනයයි.කාලයක් තිස්සේ හුරු වූ යම් යම් පුරුදු වෙනස් කිරීමට සිදුවීමද ක්ලම්ථකාරකයන් වේ. නිදසුනක්ලෙස පාසල්යුගය නිමකරන ළමයින්ට ඉන්පසු වැඩි කාලයක් නිවසේ ගතකිරීමට අපහසුය.විශ්‍රාම යන පුද්ගලයින්ටද ගෙදර නතරවීමට සිදුවීමද දරා ගැනීම ඉතා අපහසුය.එසේ සිටීමට සිදුවීමෙන් මානසික තනිකමක් පාළුවක් හා හිස්බවක් දැනෙන්නට පටන් ගනී.දෛනික ජීවිතයේ සුළු සුළු ආරවුල් හා ගැටීම් ඇතිවීම හෝ එබදු පරිසරයක ජීවත්වීමටසිදුවීමද ක්ලමථයට හේතු වේ.[සංස්කරණය]

මානසික පීඩනය පාලනය කර ගැනීම[සංස්කරණය]

දිනෙන් දින වෙනස්වන ලෝක යථාර්ථයක් සහිත සමාජරටාවක් තුළ ක්ලම්ථකාරක සිදුවීම් වළක්වාගැනීම ඉතා අසීරුය. කුමන ස්ථානයක වුවද ජීවිතය පුරාම අඩුවැඩි වශයෙන් ක්ලමථකාරක සිදුවීම්වලට අපි මුහූණ දෙන්නෙමු. නමුත් සිදුවීම් හෝ අවස්ථා තුළින් ඇතිකරන ක්ලමථයන්හි දිගු කලක්එල්බ නොසිටීම හා ඒවාට මැදහත් සිතින් මුහුණදීමට පුරුදු පුහුණුවීම කෙරෙහි අපට වගකීමක් ඇත.මන්ද? දිගින් දිගටම ක්ලමථයට මුහුණදීම ශාරීරික හා මානසික සෞඛ්‍ය කෙරෙහි මෙන්ම සමස්ථ ජීවන රටාකෙරෙහිමබලපෑම්ඇතිකරනබැවිනික්ලමථපාලනඋපක්‍රමභාවිතකිරීමක්ලමථයගොදුරුවනතුරුම සිටියහොත් ප්‍රමාද විය හැකිය."සිදුවෙන හැම දෙයක් තුළම ජීවිතයට එකතු කරගත හැකි අළුත් පාඩමක්ඇත"යනධනාත්මක ආකල්පය තුළ ක්‍රියාත්මකවන පුද්ගලයකුට කවර සිදුවීමක් තුළින් වුවද ඇතිවන කම්පනයක් වුවද පාලනය කර ගැනීමට අපහසු නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=මානසික_පීඩනය&oldid=384143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි