මානව සම්පත් සංවර්ධනය - බඳවා ගැනීම් සහ තේරීම විරුදාවලිය

විකිපීඩියා වෙතින්

බඳවා ගැනීම් සහ තේරීමේ කි‍්‍රයාවලිය අනුව පරිපූර්ණ රැකියා විශ්ලේෂණය කිරීමට සැලකිල්ල යොමුවීම වැදගත් වේ. එමගින් සේවකයාගෙන් අවශ්‍ය නිපුණතා සහ තාක්ෂණික හැකියාවේ මට්ටම තීරණය කිරීමත්, වෙනත් හැකියාවන් සහ නම්‍යතාවය සොයාබැලිය හැක. මෙතැනදී වැදගත් වන්නේ බාහිර සහ අභ්‍යන්තර සාධක කොතෙක්දුරට සේවකයන් බඳවාගැනීමට වැදගත් වන්නේද යන්නයි. බාහිර සාධක සංවිධානයේ බල ශීර්ෂයෙන් එපිට පවතින ශ‍්‍රම වෙළඳපලේ පවතින වර්තමාන සහ අනාගත ප‍්‍රවණතා අධ්‍යාපන මට්ටම, කර්මාන්තවලට රජයෙන් ලැබෙන ආයෝජනය යන ගැටලූ නිරාකරණය කරගැනීමයි. අනෙක් අතින් බැලූ කල අභ්‍යන්තර බලපෑම් පාලනය කිරීමට වඩා පහසුවන අතර කළමණාකරන විලාසය එසේත් නැතිනම් සංවිධානයේ සංස්කෘතිය පිළිබඳ අනාවකි පළකිරීමත්, නිරීක්ෂණය කිරීමටත් වඩා පහසුය.
ඕනෑම සංවිධානයක් කි‍්‍රයාන්විත අවස්ථාවේදී වානිජ්‍ය පරිසරය තේරුම් ගැනීමට ප‍්‍රධාන ප‍්‍රවනතා තුනක් සැලකිල්ලට ගත යුතුය.

  • මානව භූගෝලය - ජනගහනය/ සේවා බලකායේ චරිත ලක්ෂණ උදාහරණයකට වයස, ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය නැතිනම් සමාජ පන්තිය මෙවැනි ප‍්‍රවණතා, විශ‍්‍රාම වැටුප්දීමනා සහ රක්ෂණ සැලසුම් මීට අදාල බලපෑම් කෙරෙන එක වර්ගයේ ප‍්‍රවණතාවයකි.
  • විවිධත්වය - ජනගහනයත් වැඩපළත් තුළ තිබෙන විවිධත්වය. වසර තිහකට පෙර තත්වය ගත්කළ සංවිධානවල සේවකයින්ගෙන් වැඩි කොටසක් වයසින් වැඩි දෙවෙනි ලෝක මහ යුද්ධයෙන් පසුව ජනගහන ව්‍යාප්තියට අඩංගු වුණු (බේබි-බූමර්ස්) යන වර්තමානයේ වයසින් වැඩි සේවකයින් වැඩි කොටසක් සිටීම දක්නට ලැබේ. මෙය සමාජය තුළ සිදුවුණු වෙනස්කමක් නිසා ඇතිවිය. තවදුරටත් සංවිධාන තුළ මෑත කාලයේදී ඔවුන්ගේ සේවා නියුක්තිය වැඩි විවිධත්වයක් තිබෙන පරිචිය නිසා සිදුවී ඇත. මෙය අලූත් පරම්පරාවල පහළ මට්ටමක පවතින ආචාරධර්මයට හැඩගැස්වීමක් ලෙසද දක්නට ඇත. සේවා කර්මාන්තය උදාහරණයකට ගත් කළ ශ‍්‍රම බලකායට නැවත ඇතුල්වීමට උත්සාහ කරන ”බේබි බූමර්ස්” පරම්පරාව උණුසුමෙන් පිළිගෙන ඇත. වැඩපළේ විවිධත්වය සම්ප‍්‍රදායික උපදේශනය අනුව සරලව පවසන්නේ සේවකයින්ගේ පදනම සමාජයේ කැඩපතක් විය යුතුවග වන අතර එය ජනවර්ගය, ස්තී‍්‍රපුරුෂ සමාජභාවය, ලිංගික නැඹුරුව යනාදී වශයෙන් සිදු කළ යුතු බවයි. මෙම මතය දරන්නන් සමාජ කාර්මික න්‍යායට යොමුවන්නේ ඊට වඩා වැදගත්කමක් ඇති සාධක සම්පූර්ණයෙන් තෝරා නොගෙනය. නිෂ්පාදනයන් සහ වානිජ සංවර්ධනයට අවශ්‍ය අදහස්වල විවිධත්වය ඒ තුළ එකතැන පල්වීම වැළැක්වීම: සේවාදායක පදනම බැහැරවීම මගින් පුළුල් කිරීම: සහ ලාභය ඊට අඩංගුවේ. සමාජ කාර්මික න්‍යාය දරන්නන් විචක්ෂණය ඉහළයාමත්, අසාධාරණ අස්කිරීම්, ලිංගික සහ ජනවාර්ගික වධහිංසා පමුණුවීම විවිධත්වයට නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරන්නක් ලෙස සළකයි. මෙවැනි කි‍්‍රයාමාර්ග කැපීපෙනෙන බලපෑමක් සංවිධානවලට ඇති කරයි. එමගින් විවිධත්වය පෙරට ගෙනියන වැඩපළ තුළ තිබෙන අදහස්වල ඇත්ත වෙනස අවම වශයෙන් ඇති කරයි. විචක්ෂ නීති සහ රෙගුලාසි සමාගම්වලට වියදම අනුව ප‍්‍රතිලාභ විශ්ලේෂනය කිරීම අනිවාර්ය කර ඇත. මෙම විශ්ලේෂණයේ ප‍්‍රතිඵලය වන්නේ නිරන්තරයෙන්ම සාමාන්‍යයෙන් හඳුනාගන්නේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය, ජනවර්ගය සහ ලිංගික නැඹුරුව අනුව විවිධත්වය දීර්ඝ නීතිමය කි‍්‍රයාමාර්ග උනුගමනය කිරීමට වඩා ලාභදායී විකල්පයක් වන නිසාය. සාරාංශ ගතකළවිට විවිධත්වය සමාජ කාර්මික පදනමක් තුළ අගයන්වල වෙනස ගරුකරන වෘත්තිමය සංස්කෘතියක් නිර්මාණය කිරීම ගැනය. එයට විවිධත්වයෙන් ලැබෙන වැඩි නිෂ්පාදනයත් උත්සාහයේ එකඟතාවයත් ගණනට නොගැනේ.
  • නිපුණතා සහ සුදුසුකම් - කර්මාන්තවල අත්වැඩ සිට වඩා කළමණාකාරීය වෘත්තීන් කරා මාරුවෙන අවස්ථාවලදී ඉහළ දක්ශතාවයක් ඇති උපාධිධාරීන්ගේ අවශ්‍යතාවයද වැඩිවේ. වෙළඳපල ඝනත්වයක් (එනම් රැකියන් ප‍්‍රමාණයට සේවකයින් නොසිටීම) සේවා යෝජකයින්ට සේවකයින් බඳවා ගැනීමේදී තරඟකාරීව වැඩි මූල්‍යමය ප‍්‍රතිලාභ ලබාදීමෙනුත්, ප‍්‍රජා ආයෝජන කිරීමෙන් තරඟකාරී විය යුතුවේ. පුද්ගලයින් ශ‍්‍රම වෙළඳපලේ වෙනස්වීමට ප‍්‍රතිචාර දක්වන ආකාරය තේරුම් ගැනීමට පහත සඳහන් කරුණු තේරුම් ගත යුතුය.
  • භූගෝලීය ව්‍යාප්තිය - පුද්ගලයා රැකියාවෙන් කොපමණ දුරක් සිටීද, සේවා ස්ථානයට ගමන් කිරීමේ දුර සමාගම මගින් ඉදිරිපත් කරන වැටුප් යෝජනාව හා ගැලපිය යුතුය. එමෙන්ම ප‍්‍රවාහනය සහ ප‍්‍රදේශයේ යටිතල පහසුකම් රැකියාවකට ඉල්ලූම් කරන්නන්ගේ තීරණවලට බලපාන සාධකයක් වේ.
  • වෘත්තිමය ව්‍යුහය - සමාගම තුළ විවිධ වෘත්තිමය ගමන් මාර්ගවල වෙනස් ධර්මතා සහ අගයන්. මැහෝනි 1989 වෘත්තිමය ව්‍යුහයේ විවිධ වර්ග තුනක් සංවර්ධනය කළේය. එනම් ශිල්පය (වෘත්තියට තිබෙන ලැදියාව), සංවිධානයේ සේවා කාලසටහන සහ ඉදිරි ගමන් මාර්ගය (සමාගම තුළ උසස්වීම් වැඞීම) සහ ව්‍යුහගත නොවූ (පහළ නුපුහුණු සහ අවශ්‍ය පරිදි සේවයට ගන්නා සේවකයින්) ලෙසිනි.
  • පරම්පරා අතර වෙනස - වයස් අනුව විවිධ කාණ්ඩවලට අයත් සේවකයින්ට ආවේනික වුණු ගති ලක්ෂණ තිබේ. උදාහරණයකට ඔවුන්ගේ හැසිරීම සහ ඔවුන් සංවිධානයෙන් බලාපොරොත්තු වන දේ.

  • බඳවා ගැනීමේ ක‍්‍රමවේද විවිධත්වයක් ඇති පුළුල් විෂයකි. රැකියාව නිවැරදිව විස්තර කිරීම වැදගත් වේ.ඊට පෞද්ගලික නිරූපිත සඳහන් කළ යුතුය.රැකියාවලට බඳවාගැනීමේ ක‍්‍රමවේද රැකියා කේන්ද්‍රතුළින් විය හැක. රැකියා ඒජන්සි විය හැක. විශේෂඥයන් මගින් තෝරාගත හැක. පෞද්ගලිකව කෙනෙක් සොයාගැනීමෙන් සහ දේශීය සහ ජාතික පුවත් මගින්ද කළ හැක. නිවැරදි මාධ්‍ය තෝරාගැනීම වැදගත් වේ. දැනුම්දුන් තනතුරට සුදුසු ප‍්‍රතිචාරයක් ලබාගැනීම ඉන් සනාථ කරගත හැක.

    References[සංස්කරණය]

    http://en.wikipedia.org/wiki/Human_resources#Human_resource_development