මානව සම්පත් කළමනාකරණ සංගමය

විකිපීඩියා වෙතින්
ඇලෙක්සැන්ඩ්‍රියාවේ වර්ජිනියාහි පිහිටි මානව සම්පත් කළමනාකරණ සංගමයේ මූලස්ථානය
මානව සම්පත් කළමනාකරණ සංගමය
ගොනුව:Shrm logo.jpg
ආදර්ශ පාඨය"ප්‍රමුඛ පුද්ගලයන්. ප්‍රමුඛ සංවිධාන."
සංස්ථාපනය1948
වර්ගයවෘත්තීය සංවිධානයකි
මූලස්ථානයඇලෙක්සැන්ඩ්‍රියාව, වර්ජිනියාව, එක්සත් ජනපදය
Membership
285,000+
සභාපති/විධායක නිලධාරී
හෙන්රි ජී. (හෑන්ක්) ජැක්සන්
Staff
400
වෙබ් අඩවියwww.shrm.org

මානව සම්පත් කළමනාකරණ සංගමය (SHRM) වෘත්තීය මානව සම්පත් සාමාජිකත්වය ලබාගෙන ඇති අතර එහි මූලස්ථානය ඇලෙක්සැන්ඩ්‍රියාවේ වර්ජිනියාහි පිහිටා තිබේ .මානව සම්පත් කළමනාකරණ සංගමය විසින් වෘත්තියක් ලෙස මානව සම්පත් භූමිකාව ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යාපනය ලබාදීම, සහතික කිරීම ආදිය සිදුකරනු ලැබේ. එලෙසම එම කොංග්‍රසය විසින් ශ්‍රම කළමනාකරණය හා සම්බන්ධ ගැටළු සඳහා බලපෑම් සිදුකරන අතර සිය සාමාජිකයන්ට ජාලයක් ලෙස සම්බන්ධව පවතී. 

ඉතිහාසය[සංස්කරණය]

සේවක පරිපාලනය සඳහා වූ ඇමෙරිකානු සංගමය (ASPA) ලෙස 1948 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර මෙම සංවිධානය 1964 වර්ෂය වන තෙක් ස්වේච්ඡා  සංවිධානයක් ලෙස ක්‍රියාත්මක විය. එහි මූලස්ථානය බෙරියාවේ ඔහිඕහි ස්ථාපිත කරන ලද අතර අනතුරුව කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ විය. වර්ෂ 1984 දී මෙම මූලස්ථානය පිහිටි ස්ථානය වෙනස්කොට ඇලෙක්සැන්ඩ්‍රියාවේ වර්ජිනියාව වෙත ගෙන යන ලදි. වර්ෂ 1989 දී මෙම සංවිධානය එහි නම මානව සම්පත් කළමනාකරණ සංගමය ලෙස වෙනස් කරන ලදි.[1]

මානව සම්පත් කළමනාකරණ සංගමය එහි ආදායම ඩොලර් මිලියන 114.56 ට රැගෙන එමින් 2015 වර්ෂයේදී එක්සත් ජනපදය තුල දොළොස් වන විශාලතම සංගමය බවට පත්විය. එක්සත් ජනපදය තුල මෙන්ම ලෝකය වටා පවතින ශාඛා 575 කට වැඩි ගණනකින් මෙම සංගමය සමන්විත වන අතර එම ශාඛා මගින් සාමාජිකයන්ට අවශ්‍ය සහතික කිරීම්, අධ්‍යාපනය සහ ජාලකරණ අවස්ථාද සපයනු ලැබේ. මෙම සංවිධානය දැනට මාතෘකා කිහිපයක් වෙත අවධානය යොමු කර තිබේ. එම මාතෘකා අතර කම්කරුවන්ගේ නව අතිකාල රෙගුලාසි දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය, කුසලතා පරතරය, සේවා ස්ථානයෙහි නම්‍යශීලී බව, ලිංගික හැඩගැස්මෙහි නොවෙනස්කම්, සහ අනුපූරණ සාධාරණාත්වය යන මාතෘකාද ඇතුලත්වේ. [2] 

අද වන විට මානව සම්පත් කළමනාකරණ සංගමය සතුව රටවල් 165 ක් පුරාවට කාර්ය මණ්ඩල සාමාජිකයින් 400 කට අධික සංඛ්‍යාවක් සහ සාමාජිකයින් 285,000 කට අධික සංඛ්‍යාවක් ඇත. සංගමයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස හෙන්රි ජී (හෑන්ක්) ජැක්සන් කටයුතු කරයි.[3]

පර්යේෂණය[සංස්කරණය]

මානව සම්පත් කළමනාකරණ සංගමයේ සමීක්ෂණ පිලිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මානව සම්පත් වෘත්තීය සහ ව්‍යාපාරික ණය ගනුදෙනුකරුවන්  සඳහා උද්ගත වන සේවා ස්ථාන ගැටළු සහ ඔවුන්ගේ ඇගයීම පිළිබඳව මූලික පර්යේෂණයක් සම්පාදනය කර ඇත.[4] එහි පර්යේෂණ සමීක්ෂණයන් අතර වාර්ෂික සේවක ප්‍රතිලාභ පිලිබඳ සමීක්ෂණය[5], සේවකයින්ගේ රැකියාවේ තෘප්තිමත්භාවය සහ කැපවීම පිලිබඳ සමීක්ෂණය, සහ ජාතික රැකියා නියුක්තිකයින්ගේ මාසික ප්‍රධාන දර්ශක වාර්තාව (LINE) යන සමීක්ෂණයන් ඇතුලත්වේ.[6] මීට අමතරව නිවෙස් ආශ්‍රීත නිෂ්පාදන සමීක්ෂණය කිරීමට මානව සම්පත් කළමනාකරණ සංගමය විසින් ආයතන සඳහා සකස් කරන ලද පර්යේෂණ සේවා පවත්වනු ලබයි.

සම්මේලන[සංස්කරණය]

මානව සම්පත් කළමනාකරණ සංගමය මගින් වාර්ෂික සම්මේලන සහ කලාපීය ශිෂ්‍ය සම්මේලන පවත්වනු ලැබේ. මානව සම්පත් කළමනාකරණ සංගමයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් තනි තනි වශයෙන් රාජ්‍ය සම්මේලන සංවිධානය කෙරේ.

ඕලන්ඩෝහි පිහිටි ඔරේන්ජ් ප්‍රාන්ත සම්මේලන මධ්‍යස්ථානයෙහිදී 2014 වර්ෂයේදී පැවති මානව සම්පත් කළමනාකරණ සංගමයේ වාර්ෂික සම්මේලනය සහ ප්‍රදර්ශනය. 

මානව සම්පත් කළමනාකරණ සංගමය මගින් සිදුකරන ලද ජාතික සම්මේලන අන්තර්ගතවේ :

  • වාර්ෂික සම්මේලනය සහ ප්‍රදර්ශනය[7] : මෙය මානව සම්පත් කළමනාකරණ සංගමය මගින් පවත්වනු ලබන විශාලතම සම්මේලනය වන අතර සෑම වසරකම 15,000 කට අධික පිරිසක් මේ සඳහා සහභාගීවේ. ජූනි මාසයේදී පැවති මෙම සමුළුවෙහි ප්‍රධාන කථිකයින් ලෙස ඩියුක් විශ්වවිද්‍යාලයේ පිරිමි පැසිපන්දු පුහුණුකරුවා වන, මයික් ඛ්‍රසීසෙව්ස්කි (2015); රොබින් රොබර්ට්ස් (නිවේදක) සමඟ ABC හි ගුඩ් මොර්නින්ග් ඇමෙරිකා (2014); සහ හිලරි ක්ලින්ටන් (2012) ඇතුලත්කර තිබිණි. මීට සමගාමීව සැසි සියගණනක් සහ මානව සම්පත් වෙළඳපොලවල් පැවැත්විණි . 
  • සේවානියුක්ති ප්‍රඥප්තිය සහ නීති සම්පාදන සමුළුව[8] : මෙය සෑම මාර්තු මසකම පාහේ වොෂින්ටන්හි, කොලොම්බියාවේදී පවත්වනු ලබන අතර මෙහිදී රැකියා ස්ථානයෙහිදී බලපාන රැකියා නීති සහ නීති සම්පාදනය පිලිබඳව සැසි පැවැත්වේ.
  • නිපුණතා කළමනාකරණ සමුළුව සහ ප්‍රදර්ශනය [9]:මෙය අප්‍රියෙල් මාසයේදී පැවැත්වූ අතර මෙම සම්මේලනය සාමාජිකයින් බඳවාගන්නන්, මානව සම්පත් පිලිබඳව ප්‍රාඥයන් සහ බඳවාගැනීම් සම්බන්ධ කළමනාකරුවන් සඳහා නිර්මාණය කරන ලදි.
  • නායකත්ව සංවර්ධන සංසදය [10]: මෙය සෑම වසරකම සැප්තැම්බර් මස පවත්වනු ලබන අතර මෙම සංසදය මානව සම්පත් නායකත්වය සඳහා බලාසිටින මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් සඳහා නිර්මාණය කරන ලදි.
  • විවිධත්වය සහ අන්තහ්කරණ සමුළුව සහ ප්‍රදර්ශනය [11]: මෙය ඔක්තෝබර් මස පැවැති අතර විවිධත්වය සහ අන්තහ්කරණය සඳහා වන පුළුල් ක්‍රමවේදයන් පිලිබඳව කැමැත්තක් දක්වන විවිධත්වය සහ අන්තහ්කරණය පිලිබඳ වෘත්තිකයන් සහ මානව සම්පත් වෘත්තිකයන් සඳහා පවත්වන ලදි.

ගැටළු සඳහා බලපාන ක්‍රියාකාරකම් [සංස්කරණය]

සේවා ස්ථාන නීතිය හා යහ පිළිවෙත් සම්බන්ධයෙන් මානව සම්පත් කළමනාකරණ සංගමයේ රාජ්‍ය ආයතන කවයන් පවතී. උදාහරණයක් ලෙස , 2008 වර්ෂයේ අප්‍රියෙල් මස, පවුල සහ වෛද්‍ය නිවාඩු පනතෙහි පරිපාලනය කටයුතු වල වෙනස්කම් ඇති කිරීමට පළමුව එහි නියෝජිතයන් එක්සත් ජනපද සෙනේට් සභාව හමුවේ පෙනී සිට පෙත්සමක් ගොනුකර ඇති බව මානව සම්පත් කළමනාකරණ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.[12]

මීට අමතරව, මෙම සංවිධානය එහි ධනාත්මක ක්‍රියාවන් සඳහා අනුකූල කිරීමට සමාගම් විසින් තබාගැනීමට අවශ්‍ය වාර්තා හා වෙනස්කම් විරෝධී වන නීතිමය කටයුතු සම්බන්ධයෙන් අරමුණු කොටගෙන කාලීන "රැකියා අයදුම්කරු" යන යෙදුමෙහි අර්ථ දැක්වීම සංශෝධනය කරන ආකාරය තීරණය කරන අවස්ථාවේදී ආයතනය විසින් සලකා බැලිය යුතු යෝජනා වලට අදාල සාධක සමාන රැකියා අවස්ථා පිලිබඳ කොමිෂන් සභාව වෙත තත්ත්ව පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කර ඇති බව 2003 වර්ෂයේ නොවැම්බර් මස නිකුත්කරන ලද මානව සම්පත් සඟරාවේ සඳහන් වේ. [13]

වර්ෂ 2003 දී, මානව සම්පත් කළමනාකරණ සංගමය විසින් සමාන රැකියා අවස්ථා පිළිබඳ කොමිසමෙහි (EEOC) සඵලතාවය මැන බැලීමේ මිනුම් දණ්ඩක් ලෙස ඉ-තැපැල් සමීක්ෂණයක් සිදු කරන ලද අතර එමගින් කොමිසමට සිය මෙහෙයුම් වර්ධනය කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ප්‍රතිචාර ලැබිණි. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල 2003 වර්ෂයේ සැප්තැම්බර් මස 8 වන දින, පැවති රැස්වීමකදී EEOC වෙත ඉදිරිපත් කරන ලදි.[14]

2006 වර්ෂයේ නොවැම්බර් මස, ආබාධ සහිත ජනතාවගේ රැකියා දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා කම්කරු එක්සත් ජනපද දෙපාර්තමේන්තුවේ ආබාධිත රැකියා ප්‍රතිපත්ති කාර්යාලය (ODEP) මානව සම්පත් කළමනාකරණ සංගමය සමග එක්ව සන්ධානයක් පිහිටුවන ලදි.[15]

වර්ෂ 2015 දී සහ 2016 දී, මානව සම්පත් කළමනාකරණ සංගමය එක්සත් ජනපදයේ කම්කරු පක්ෂයේ සාධාරණ කම්කරු ප්‍රමිති අතිකාල නියාමන දෙපාර්තමේන්තුවට විරුද්ධව කටයුතු කරන ලදි. සේවක අතිකාල හා ඒ සඳහා සුදුසුකම් ලබන සේවක සංඛ්‍යාව තීරණය කිරීම සදහා වන නීතිය යටතේ වැටුප් බොහෝ සෙයින් ඉහළ නංවාලිය හැකිය.[16]

තවදුරටත් බලන්න[සංස්කරණය]

මානව සම්පත් කළමනාකරණ සංගම් ලැයිස්තුව

ආශ්‍රිත  [සංස්කරණය]

  1. "SHRM History". SHRM.org. සම්ප්‍රවේශය 4 December 2013.
  2. 2016 Public Policy Guide.pdf "California SHRM" (PDF). SHRM.org. සම්ප්‍රවේශය 29 August 2016. {{cite web}}: Check |url= value (help)
  3. "Henry G. Jackson Bio". SHRM.org. සම්ප්‍රවේශය 26 August 2016.
  4. "Research". SHRM.org. සම්ප්‍රවේශය 31 August 2016.
  5. "Employee Benefits Survey". Bloomberg. සම්ප්‍රවේශය 31 August 2016.
  6. "LINE Report". Career Cast. සම්ප්‍රවේශය 31 August 2016.
  7. "Annual Conference". SHRM.org. සම්ප්‍රවේශය 31 August 2016.
  8. "Employment Law & Legislative Conference". SHRM.org. සම්ප්‍රවේශය 31 August 2016.
  9. "Talent Management Conference". SHRM.org. සම්ප්‍රවේශය 4 December 2014.
  10. "Leadership Development Forum". SHRM.org. සම්ප්‍රවේශය 29 August 2016.
  11. "Diversity Conference". SHRM.org. සම්ප්‍රවේශය 31 August 2016.
  12. http://www.shrm.org/press_published/CMS_025255.asp#P-4_0 සංරක්ෂණය කළ පිටපත 2008-04-14 at the Wayback Machine SHRM Press Release: Who Does the Work When Employees Take FMLA Leave?
  13. HR Magazine, November 2003: SHRM submits definition of 'job applicant' to EEOC
  14. Camille A. Olson (8 September 2003). "Securing EEOC's Continued Effectiveness". EEOC. 14 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 February 2011. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  15. Peggy Abrahamson (13 November 2006). "U.S. Department of Labor Forms Alliance with SHRM to Promote Employment of Workers with Disabilities". U.S. Department of Labor. 14 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 February 2011.
  16. Dan Cook (30 June 2016). "Securing EEOC's Continued Effectiveness". BenefitsPro. සම්ප්‍රවේශය 9 September 2016. {{cite web}}: |archive-date= requires |archive-url= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

  •  නිල වෙබ් අඩවිය