මානව විද්‍යාව-සංස්කෘතික අධ්‍යනයන්

විකිපීඩියා වෙතින්

හරස් සංස්කෘතික අධ්‍යනයන්

හරස් සංස්කෘතික සන්සන්දනයන් ආකාර කිහිපයකින්ම පවතී. ප‍්‍රත්‍යෙයික අධ්‍යාපනය මෙයින් එක් සන්සන්දනයක් වන අතර පොදු ව්‍යුත්පත්තයක විචල්‍යයන් සන්සන්දනය කරමින් සිදුකරන පාලන සන්සන්දනය තවත් එකකි. අධ්‍යනයේ නියැදීන් සන්සන්දනය කිරීම තුන්වන ක‍්‍රමයයි. මානව විද්‍යාව හා එහි සහෝදර විද්‍යාවන් (සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යා) තුල මිනිස් හැසිරීමේ විෂය පථයන් හා මිනිස් හැසිරීම හා සංස්කෘතිය පිලිබඳ උපන්‍යාසයන් පරීක්‍ෂණයට භාජනය කිරීම සඳහා විවිධ සමාජයන්ගෙන් ලබාගත් ක්ෂේත‍්‍ර දත්තයන් යොදාගන්නා හරස් සංස්කෘතික අධ්‍යනයන් මේ ආකාර තුනෙන් තුන්වැන්න වෙයි. සමාජ කිහිපයක සමාන ගතිලක්‍ෂණයන් පරීක්‍ෂාවට ලක්කරන සන්සන්දනාත්මක අධ්‍යනයන් මෙන් නොව හරස් සංස්කෘතික අධ්‍යනයන් ප‍්‍රශ්ණගත පුද්ගල කණ්ඩායම් අතර සම්බන්ධතාවයන් හෝ සම්බන්ධතාවයන්ගේ අඩුව පෙන්වාදීම සඳහා සංඛ්‍යාන විශ්ලේෂණය යොදාගතහැකි සැලකිය යුතු මට්ටමින් විශාල නියැදියක් භාවිතා කරයි. මෙම අධ්‍යනයන් මානවවංශ ලේඛ දත්තයන්ගේ සමීක්‍ෂණයන්ය.

හරස් සංස්කෘතික අධ්‍යනයන්හි ඉතිහාසය

පළවන හරස් සංස්කෘතික අධ්‍යනයන් 19 වන සියවසේදී ටේලර් හා මෝර්ගන් වැනි මානව විද්‍යාඥයින් විසින් සිදු කරන ලදී. ටේලර් විසින් සිදුකරන ලද මුල්ම අධ්‍යනයන්ගෙන් එකක් හරස් සංස්කෘතික අධ්‍යනයන්හි කේන්දී‍්‍රය සංඛ්‍යාත ගැටලූවකට පිලිතුරු සැපයීමට සමත්විය.