මානව වර්ධන අධ්‍යයනය

විකිපීඩියා වෙතින්

"මානව වර්ධන අධ්‍යයනය” යනු මිනිස් වර්ගයාගේ දියුණු වීම සමාජයේ දියුණුව සඳහා බලපෑ ආකාරය පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. මිනිස් වර්ගයාගේ දියුණුව පිළිබඳව සමාජයීය විවරණයක් මෙහිදී සිදු කෙරේ. විවිධ ආකාරයේ ආයතන, ව්‍යාපාර, සංවිධාන, ආණ්ඩු ක්‍රමයන් සහ පුද්ගලයින් පිළිබඳව මෙන්ම ලෝකයේ දියුණුවන රාජ්‍යයන්හි ආර්ථීකය, තාක්ෂණය, දේශපාලනය හා සමාජයීය වෙනස්කම් පිළිබඳවද මෙමගින් අධ්‍යයනය කෙරේ.

මානව වර්ධන අධ්‍යයනයට අනුව "දියුණුව” මිනිසා විසින් අනිවාර්යයෙන් අත්කරගත යුතු දෙයක් ලෙස නොසැලකේ.

(පාඨකයාට වැදගත් :- ඉහත අදහසට මානව වර්ධන විචාරකයන් බොහෝදෙනෙක් එකඟ නොවේ. මානව වර්ගයා නොනැවතී දියුණු වන ජීවියෙක් ලෙස විශ්වාස කෙරෙන නිසා "මානව වර්ධන අධ්‍යයනය” සහ "දියුණුව” එකක් ලෙස මොවුහු සලකති. නමුත් එම මතය බැහැර වී ඇත)

මානව වර්ධන අධ්‍යයනයකදී, යම්කිසි පෙදෙසක සිදුවූ සහ සිදුවෙමින් පවතින ජනගහණ, පරිසර, සමාජයීය හා ආර්ථීක වෙනස්වීම් පිළිබඳව අවබෝධයක් ලබාදීම හැදෑරීම සහ විස්තර කිරීමක් මෙහිදී සිදුවේ.


සටහන්[සංස්කරණය]

Development_anthropology
"https://si.wikipedia.org/w/index.php?title=මානව_වර්ධන_අධ්‍යයනය&oldid=471509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි