මානව පරිසර පද්ධති
මානව පරිසර පද්ධති යනු සංකිර්ණ ජාල පද්ධතියක් වන අතර ඒවා ඉතා බහුල වශයෙන් පරිසරවේදී මානව විද්‍යාඥයින් විසින් සහ අනෙකුත් උගතුන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද අතර එමගින් මානව ප්‍රජාවන්හි පරිසර විද්‍යාත්මක පැති කඩවල් පිලිබදව පරීක්ෂණයට ලක් කරනු ලබයි. එනම් ආර්ථික විද්‍යාව, සමාජ සහ දේශපාලනික හැඩගැස්වීම, මනසික මනෝ විද්‍යාත්මක හේතු සහ භෞතික සාධක බාහිර පරිසරය හා සම්බන්ධ වන ආකාරය පිලිබදව සොයා බලනු ලැබේ.
සමස්ථ විග්‍රහය
[සංස්කරණය]පරිසර පද්ධති යන වදන මුල්වරට නිර්මාණය කරන ලද්දේ 1930 දී රෝයි ක්ලැප්හැම් විසිනි. මෙමඟින් එක් ඒකකයක් වශයෙන් පරිසරයේ භෞතික සහ ජෛව විද්‍යාත්මක සංඝටකයන් අතර පවත්නා සම්බන්ධතාවය විග්‍රහ කරන ලදී. ආතර් ටැන්ස්ලේ නම් බ්‍රිතාන්‍ය ජාතික පරිසර විද්‍යාඥයෙකු විසින් පසු කලීනව මෙම යෙදුම ප්‍රතිශෝධනය කල අතර එමගින් පරිසර පද්ධතියක් යනු වප්‍රජාව සහ (ජීවි විශේෂ සමුහයක්) ඔවුන්ගේ ජෛවස්ථාන (ඔවුන් ජීවත් වන පරිසරය) අතර පවත්නා අන්තර් ක්‍රියාකාරී පද්ධතියක් ලෙසට විග්‍රහකර ඇත.
පරිසර පද්ධති සංකල්පයට මුලික වී ඇත්තේ සියළුම ජීවින් අඛණ්ඩ වශයෙන් ඔවුන් පවත්නා පරිසරය සමග පවත්වා ගෙන යනු ලබන සම්බන්ධතාවයන් මත පදනම්වයි. මානව පරිසර පද්ධතිය යන සංකල්පය ඉන් පසුව මිනිසා සහ ස්වභාවධර්මයා අතර පවත්නා ද්විධාකරණයක් සහ සියළුම ජීවී විශේෂ පරිසර විද්‍යාත්මකව එකිනෙකා අතර සම්බන්ධතා පවත්වා ගන්නා බවට ඇති විශ්වාසය සහ ඔවුන්ගේ ජෛව ස්ථානවල අජීවි සංඝටකයන් මතද පදනම්වය. පරිසර පද්ධති පිළිබඳව ඉතා දිගු වශයෙන් විස්තරාත්මකව විග්‍රහ කළ හැකි අතර එමගින් ජිවී විශේෂ සහ ඔවුන්ගේ බාහිර පරිසරය අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව විග්‍රහ කරනු ලබයි.
නිවසක් හෝ විශ්ව විද්‍යාලක් වැනි කුඩා පද්ධතියක් හෝ ජාතියක් වැනි විශාල ඒකකයක් පිළිබඳව ද මානව පරිසර පද්ධතියක් යන මාතෘකාව යටතේ විග්‍රහ කළ හැකිය. ඒවා පිළිබඳව තනි තනිව විග්‍රහ කරන විට මානව පරිසර පද්ධති කිසිවක් එකිනෙකට ස්වාධීනව නොපවතී. නමුත් ඒවා සංකිර්ණ වශයෙන් ජාලයක් ආකාරයට මානවයින් සහ බාහිර පරිසරය අතර එකිනෙක සම්බන්ධතාවයන් ඇති කරනු ලබයි. මෙම සියළුම පරිසර පද්ධතිවල එකතුවෙන් ජෛව ගෝලය සාදනු ලැබේ. අවසාන වශයෙන් ගත් කළ පාතුවි පෘෂ්ඨය මත එකදු ස්ථානයක්වත් මානවයාගේ ස්පර්ශයෙන් මිදී නොමැත. සියළුම පරිසර පද්ධති එමනිසා ඉතා නිරවද්‍ය වශයෙන් මානව පරිසර පද්ධති ලෙස හැඳින්විය හැකිය.
මානව පරිසර පද්ධති යන සංකල්පය සදහා පරිසර විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශන විද්‍යාව, දේශපාලන විද්‍යාව, සත්‍යාන්ත්‍රික විද්‍යාව සහ මනෝ විද්‍යාව යන ක්ෂේත්‍රවල බලපෑම ලැබී ඇත. එමගින් මානවයින් අන්තර් ක්‍රියා පවත්වන සංකිර්න සම්බන්ධතා පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වී ඇත. මෙකී සම්බන්ධතාවයන් එක්තරා අනුපිලිවෙලකට ගොඩ නැගී ඇති අතර එහිදී එක් එක් පුද්ගලයන් සහ මානව ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස් ආකාරයට අන්තර් සම්බන්ධතා පවත්වන ආකාරය පිළිබඳව විග්‍රහ කොට ඇත. මානව පරිසර පද්ධති පිළිබඳව විශ්ලේෂණය කරන බොහෝ අවස්ථාවන්වල දී ජෛව ගෝලය, ඒක පුද්ගල, සමාජීය සහ සංස්කෘතික හා පරිසර විද්‍යාත්මකව එකිනෙක අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳව විග්‍රහ කරනු ලබයි.
ඉමානුවෙල් වැලස්ටීන් විසින් යෝජනා කළ පරිදි ලෝක පද්ධති පිළිබඳව ඇති සිද්ධාන්තයට අනුව පරිසර පද්ධති පිළිබඳව වු ගෝලීය සම්බන්ධතාවයන් මගින් සමාජ දේශපාලනික සහ ආර්ථික විද්‍යාත්මක පද්ධති පිළිබඳව සමීක්ෂණයක් කරනු ලබයි. මානව පරිසර පද්ධති ඒකක පිළිබඳව විශ්ලේෂණය බොහෝ අවස්ථාවන්වලදී පරිසරවේදී මානව විද්‍යාඥයන් විසින් භාවිතා කරන අතර එය රෝයි රැපාෆොට් වැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්වලින් ද පැහැදිලි වේ. ඔහු විසින් මානව පරිසර පද්ධති අතර ඇති සන්නිවේදනය සහ පිළිවෙත් ක්‍රම පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදී. ග්‍රේගරි බැට්සන්, E.N. ඇන්ඩර්සන්, මේරි ඩග්ලස්, කිත්බැසෝ සහ පෝල් නඩාස්ඩි යනු විශ්ලේෂක ඒකකයක් ලෙස මානව පරිසර පද්ධති පිළිබඳව අධ්‍යයනය කරන ලද මානව විද්‍යාඥයන් කිහිප දෙනෙකි.