මානව ජාන ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා වෙතින්

මිනිස් දේහය තුළ තිබෙන හිතකර ලක්ෂණ පාලනය කරගැනීම මානව ජාන ඉංජිනේරු විද්‍යාවයි.නූතන ජෛව තාක්ෂණයට අනුව ජීවින්ගේ හෝමෝන වෙනස් කිරීමේ හැකියාව තිබේ. මිනිසුන්ගේ ජාන කිටුවේ කිසියම් ප්‍රතිසංවිධානය කිරීමක්(මිනිස් කළලවල ) එනම් පිළිසැකසුමක් සිදුකර එම ජානවලට අදාළ හිතකර ලක්ෂණ ඉපදීමෙන් පසු දරවන් තුළ ඇතිකිරීමට සිදුකරනු ලබන ජානමය පාලනය යනුවෙන්ද මානව ජාන ඉංජිනේර විද්‍යාව හැදින්වීමට පුලුවන.බැක්ටීරියා හා වෙනත් රෝග කාරකයින්ට පහසුවෙන් ගොදුරු වන දරුවන් මෙම විශේෂ ජාන පිළිසැකසුම් පර්යේෂණවලට ලක්කර ඇත. පළමු වරට මෙම ජාන ප්‍රතිකාර අත්හදා බැලීම් වර්ෂ 1990දී ආරම්භ කළ අතර, එම අත්හදා බැලීම් 2006 වර්ෂය දක්වාම පර්යේෂණ මට්ටමේ පැවතිණ. මානව ජාන ඉංජිනේරු විද්‍යාවට අදාළ අනෙකුත් සියලු ක්ෂේත තවමත් පවතින්නේ සිද්ධාන්ත මට්ටමේය.නැතහොත් ප්‍රබන්ධ වලට පමණක් සීමා වී ඇත. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යටතේ සිදුකෙරෙන්නේ ඒ ඒ ජාන වලට අදාළ ආවේණික ලක්ෂණ පිළිබදව හා විවිධ මානව රෝගී තත්ත්වයන් පිළිබදව අධ්‍යයනය කිරීමයි. ජාන පිළිසැකසුම් පර්යේෂණ වලදී ප්‍රදර්ශක ලෙස බහුලව යොදාගනුයේ මීයන් හා ‍අනෙකුත් සතුන් ය. කෙසේ නමුත් පර්යේෂණ සඳහා මිනිසුන් යොදා ගැනීමඉතාමත් විරල සිදුවීමකි. සමහර අවස්ථාවලදී කිසියම් ජීවි විශේෂයකට අයත් ජාන ඉවත්කර කිසියම් වෙනස්වීම් වලට භාජනය කර වෙනත් ජිවියෙකුට ප්‍රතිස්ථාපනය කිරීම ජාන ඉංජිනේරු විද්‍යාව ලෙසද සැලකේ.

ජාන ඉංජිනේරු විද්‍යාව දෙයාකාර වේ,

දෛහික (Soymatic) ප්‍රතිසංවිධානය[සංස්කරණය]

මෙහිදී දෛහික සෛලවලට වෙනත් ජාන එකතු කෙරෙන අතර ඩිම්බ හා ශුක්‍රාණු මාතෘ සෛල වලට(ජන්මාණු සෛලවලට) ජාන එකතු නොකරයි. උදාහරණයක් ලෙස පුද්ගලයෙකුට කිසියම් ජාන විකෘතියක් නිසා හටගත් රෝගී තත්ත්වයක් ඇත්නම් එම ආසාධිත සෛල වලට නිරෝගී ජානවල ප්‍රතිබද්ධයක් සිදුකර එම රෝගි තත්ත්වය මගහරවා ගැනේ. මෙම ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් වන්නේ ජාන ප්‍රතිබද්ධ කර ලබාදෙන ලක්ෂණ ප්‍රවේණිගත නොවීමයි. උදාහරණ ලෙස අළුත් ජාන නව පරම්පරාවට දායක නොවේ.

ජන්මානු රේඛීය ප්‍රතිසංවිධාන ඉංජිනේරු විද්‍යාව[සංස්කරණය]

මෙම ක්‍රමයේ දී ජාන පිළිසැකසුම ඩිම්බ සෛල වල හෝ ශුක්‍රාණු මාතෘ සෛලවල හෝ කළලයේ මුලික අවධියේ දී සිදු කරයි. මෙම ජාන ප්‍රතිසංවිධාන ක්‍රමය මගින් ජීවින් තුළ ඇතිකෙරෙන ලක්ෂණ ප්‍රවේණිගතවේ. එනම් ජානවල වෙනසක් සිදුකළ ළමයින්ගේ මෙන්ම ඉදිරි පරම්පරාවල ප්‍රතිජනිතයන්ගේ ද මෙම අලුත් ලක්ෂණ දැකිය හැකිය. මෙම ලක්ෂණ ආවේණියට දායක වන නිසා එය ප්‍රත්‍යවර්ත නොවන මානව වෙනස්වීමක් වන පරිණාමයට හේතු පාදක වේ.