මානව චර්යාමය පරිසර විද්‍යාව

විකිපීඩියා වෙතින්

මිනිස් චර්යාව සහ සංස්කෘතික විවිධත්වය හැදෑරීමේදී මානව චර්යාමය පරිසර විද්‍යාව යොදා ගැනේ. මෙම අධ්‍යයනාංශයේදී පාරිසරික සන්දර්භය තුළ සිදුවන මානව ගතිලක්ෂණ අනුවර්තනයවීම, චර්යාවන් සහ මිනිස් ජීවිතවල අතීතය විමසාබැලීම සිදුකෙරේ. මානව චර්යාමය පරිසරවිද්‍යාව පරිණාමීය මනෝවිද්‍යාව, සංස්කෘතික පරිසරවිද්‍යාව සහ තීරණ න්‍යාය වැනි විෂයයන් සමග අන්තර් සම්බන්ධතාවයෙන් යුතුය. පාරිසරික සහ සමාජ සාධක සමාජ තුළ මෙන් ම සමාජ අතර ද මිනිස් චර්යාව හැඩගැස්වීමෙහිලා කෙසේ බලපාන්නේද යන්න තීරණයකිරීම මෙම අධ්‍යයනාංශයේ එක් අරමුණකි. තව ද වර්ධනය, සංවර්ධනය, ප‍්‍රජනනය, දෙමාපිය රැකවරණය සහ සහකරුවකු සොයාගැනීම වැනි කි‍්‍රයාවන්ගෙන් සමන්විත වෙයි. එමෙන්ම තරඟකාරී ජීවන කි‍්‍රයාවලියේදී මානව චර්යාවෙහි ඇතිවන වෙනස්කම් පැහැදිලි කිරීම ද මෙම විෂයයෙහි අනෙකුත් පරමාර්ථය වෙයි.

සටහන්[සංස්කරණය]

Human_behavioral_ecology