මාධ්‍ය ප්‍රතිවාර

විකිපීඩියා වෙතින්

ප්‍රහාර පිළිබද ප්‍රවෘත්ති ආවරණයන් ජුලි 7වන දිනය පුරාම BBC One හා ITVI වලින් නොකඩවා රාත්‍රි 7වන තෙක් විකාශනය විය. Sky News පැය 24 පුරාම කිසිදු දැන්වීඹක් නොමැතිව සිදුවීම් ප්‍රචාරය කරන ලදී. ITN විසින් ඔවුන්ගේ ITVI ආවරණය එම ගුව්න විදුලි ඉතිහාසයේ පසුගිය පනස් වසර තුළ එක දිගට ප්‍රචාර කටයුතු කළ පළමු අවස්ථාව ලෙස සදහන් කරන ලදී. CCTV කැමරා මගින් මෙන්ම සාමාන්‍යය ජනතාවද එවන ලද ජංගම දුරකතනවිඩි‍යෝ දර්ශණද රැපවාහිනි මගින් ප්‍රයෝජනයට ගෙන තිබුණි. ප්‍රාදේශිය හා ජාතික ගුවන් විදුලි සේවාවන් තම දෛනික වැඩසටහන් නවත්වා ප්‍රවෘත්ති විකාශය කිරිම හෝ විකාෂය වන වැඩසටහන් අතරතුර අළුත් තොරතුරැ පිළිබද දැනුවත් කිරිම සිදු කරන ලදී.

බොහෝ චිත්‍රපට සහ ටෙලිනාට්‍යය විකාශය අවලංගු කිරිම හෝ පසුව විකාශයට කල් දමන ලදී. උදාහරණයක් වශයෙන් BBC රේඩියෝ 04 කිසිදු විස්තර කිරිමකින් තොරව කලින් පෙළ ගස්වන ලද ˝Classic Serial˝ (ක්ලැසිකල් ස්ටීරියෝ ) වැඩසටහන ප්‍රකාශ කිරිම පසුවට කල් දමන ලදී. එදින ප්‍රචාරය වීමට නියමිතව තිබුණේ බ්‍රිතාන්‍යයේ විදේශ අභිලාෂයන්ට විරැද්ධව මුස්ලිම්වරැන්ගේ විල්ලවයක් / කැරැල්ලක් පිලිබද කියවෙන බචන්ගේ ග්‍රීන්මැන්ටල් වැඩසටහනයි. ITV විසින් X- files වෘතාන්තය, ස්ටේක් අවුට් (Stakeout ) වෙනුවෙන් ප්‍රචාරය කරන ලදී. x- files හි එදිනකතා පුවත බෝම්බ පිපිරිමකින් ගොඩනැගිල්ලක කොටසක් විනාශ වන බවට වුවකි.

එමෙන්ම ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ් (Gone in 60 Second) වෙනුවට බසයක් තුළ දී බෝම්බ පිපිරිකින් එහි ගමන් ගත් පිරිස සියයන The Siege ප්‍රචාරය විය. BBC හි Soap East enders එදින රාත්‍රියේ ප්‍රචාරය විමට නියමිත කතාංගය නැවත සංස්කරණයට සිදුවු අතර එහි අන්තර්ගතවුයේ විෂ ආඝ්‍රාහනයක් නිසා දිවිගලවාගත් පිරිස් ස්වශන අපහසුතාවලින්පෙළිමේ දර්ශන, නිවසක් තුළ සිදුවු පිපිරිමක් සහ අම්බියුලන්ස් රථ ආදියයි. big Brother 2005 නියමිත වේලාවට විකාෂනය වු අතර සිද්ධියෙන් අනතුරට පත් සේවකයන් පිළිබද විස්තර ප්‍රචාරයට සුදානම්වුවත් නිෂ්පාදකයන් සොයා ගනු ලැබුවේ කිසිම අයෙකුගේ මිත්‍රයෙක් හෝ ඥාතියෙක් අනතුරට පත්ව නැති බවයි. Sky One විසින් විකාශය කිරිමට තිබු “Star Trek : The next Generation, Terror Attacks : Could you Survire..? (ත්‍රස්ත ප්‍රහාර : ඔබට ඉන් ගැලවිය හැකිද?) වැඩසටහන වෙනුවට ප්‍රචාරය විය.



එමෙන්ම වියා කොම් (Viacom) සතු සංගීත නාලිකා වන MTV, VHI, TMF සහ වෙනත් උප - නාලිකා විසින් දිනය තුළදී ˝දුක්බර ගීත˝ ප්‍රචාරය කරන ලදී. ( MTV ස්ටුඩියෝව බෝම්බ ප්‍රහාර සිදුවු ප්‍රදේශ වලට ආසන්න ˝ කැම්ඩන් ටවුන් ˝ හි පිහිටා තිබුණි. ක්වෙන්ටින් ටරෙන්ටිනොගේ කොටස් 02 සමන්විත කතා වන CSI: Crime Scene Investigation ( ක්‍රයිම් සීන් ඉන්වෙස්ටිගේෂන් ) මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් පිළිබද කියවෙන හා උමං මාර්ගයක කොටුවු එම ත්‍රස්තවාදීයා පිලිබද කියවෙන්නක් වු හෙයින් Five ජුලි 12 විකාශනය වීඹට නියමිතව තිබුණත් එය සතියකින් කල් දමන ලදී.

bbc.co.uk වෙබ් පිටුව මගින් ජුලි 7වන දින රාත්‍රි 12 ට ඉහළතම සංඛ්‍යා තරංග ලෙස  11Gb/s රාත්‍රි 12 දී වාර්තා කර තිබුණි.  BBC News වෙත එදින සිදුවීම පිළිබද ( සියළු ජායාරැප, පණිවුඩ හා HTML  ඇතුළුව) බිලියන 1 පමණ  සම්පුර්ණ තොරතුරැ ප්‍රමාණයක් ලැබුණු අතර ඊට ටෙරාබයිට් 5.5ක් වැය වී ඇත. වැඩිම ඉල්ලුම වන්නේ තත්පරයට BBC News වෙබ් පිටුවෙන් 40,000 පමණ  එකවර පරිහරණය කිරිමයි. ඊට කලින් දිනයේදී 2012 ඔලිම්පික් උළෙල ලංඩනයට ප්‍රධාන කිරිම පිළිබද වන නිවේදනය සදහා උපරිම ගිගා බයිට් 5ක්  5 Gb/s වැය වී ඇත. මීට ප්‍රථම bbc.co.uk සදහ ාවැඩිම ඉල්ලුමක් හෙවත් තත්පරයට ගිගා බයිට් 7.2 (7.2 Gb/s) ක් වාර්තා වී ඇත්තේ මයිකල් ජැක්සන්ගේ පසු තීන්දුව ලබා දුන් දිනයයි. 

ජුලි 12 වන දින වාමාංශික දේශපාලන පක්ෂයක් වන ˝ බ්‍රිතාන්‍යය ජාතික පක්ෂය ˝ විසින් ˝අංක 30 ඉස් රථය˝ විනාශ වු පසු ගන්නා ලද ජායාරැපයක් සහිතව පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හරින ලදී. එහි තේමා පාඨය වුයේ ˝ දැන් BNP ට ඇහුම්කම් දිය යුතු වේලාව පැමිණ ඇති බවයි˝ එය පින්තූරයට පසකින් මුද්‍රණය කර තිබුණි. ස්වදේශ ලේකම් චාල්ස් ක්ලාක් විසින් ප්‍රකාශ කරන ලද්දේ BNP විසින් ආත්මාර්තකාමීව ලංඩනයේ සිදුවු ප්‍රහාරය තම ද්වේෂ සහගත වෛර පැතිරවීම සදහා යොදා ගන්නා බවයි.

බ්‍රිතාන්‍යයට පිටත රටවල් සමහරක් හි මාධ්‍ය හා රජයන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යය රජය විප්ලවීය ඉස්ලාම් සටන්කාමීන් පිළිබද ඇල්මැරැණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. එමෙන්ම බ්‍රිතාන්‍යයට පිටත වීම ත්‍රස්ත ක්‍රියාවන්ට සැකකරන පුද්ගලයන් බාර දීම හෝ නිතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කිරිම කිරිම සමහර අවස්ථා වලදී ලංඩන් නුවර ˝ ලංඩනිස්ථාන්˝  නම් කරන්නට හේතු විය. එමෙන්ම මෙම ප්‍රතිපත්තීන් ප්‍රශ්ණ කිරිම් වලට ද ලක් විය. [නිව්යෝර්ක් ටයිම්ස්, ල ෆිගාරෝ (Le Figaro)]  සමහර ප්‍රතිපත්තීන් ........ ප්‍රතිඋපකාර කරන ඒවා ලෙස පිළි ගැණුනි ; එනම් ප්‍රහාර පිළිබදව උපේක්ෂා සහගත වීම නිසා බ්‍රිතානයය භුමිය තුළ ප්‍රහාර එල්ල නොකිරිම වැනි ඒවායි.
"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍ය_ප්‍රතිවාර&oldid=469728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි