Jump to content

මහියංගන නැණසල

විකිපීඩියා වෙතින්

මහියංගණ නැණසල

ආරම්භය 2007 
මහියංගණ නැණසල

මහියංගනය හෙවත් මයියංගනේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රදේශයකි. මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිනි. මහවැලි ගඟ සමීපයේ පිහිටි මහියංඟනය යන්න බිමිතැන්න යන සිංහල පදයෙන් බිඳී ආවකි. ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මස මහියංගනයට වැඩමවා මහානාග වනෝද්‍යානයේදී යක්ෂයන් දමනය කල බව මහා වංශයේ සඳහන්වේ. එහිදී ධර්මය ඇසූ සුමන සමන් දෙවියන් සෝවාන් බව ලබා බුදුරදුන්ගෙන් කේශධාතු ලබාගෙන රන්කරඩුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් එහි සඳහන්වේ. පසුව බුදුරදුන් ආදාහනය කල තැනින් ග්‍රිකවා ධාතුව වැඩමවා විත් එය නිදන් කොට දොළොස් රියන් දා ගැබක් ඉදි කරවා ඇත. එම දා ගැබ දේවාන්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ධ චූලාභය කුමරු තිස් රියන් කොට විශාල කරවා ඇත. එම දාගැබ දුටුගැමුණු රජු අසූ රියන් උසටද විශාල කරවා ඇත. මෙම දා ගැබ මහ විජයබා, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු පුතිසංස්කරනය කරවා ඇත. සොළොස්මස්ථාන අතර එක් ස්ථානයක්වන මහියංඟනය රුහුණේ සිට රජරට දක්වා වැටී තිබූ ඓතිහාසික මාර්ගයේ පිහිටා තිබූ නිසා මෙම ස්ථානය ආගමික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද වැදගත්කමක් උසුලා ඇත. මෙම ප්‍රදේශයේ ඈත අතීතයේ සිටම ආර්ථික වශයෙන්ද වැදගත් කමක් උසුලා ඇත. දෙවන අක්බො රජු විසින් ඉදිකළ මිණිපේ අමුණ මෙම ප්‍රදේශයේ කාෂිකාර්මික කටයුතු වලදී ඉතා වැදගත් නිර්මාණයක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=මහියංගන_නැණසල&oldid=469715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි