මහා යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය

විකිපීඩියා වෙතින්

මහා යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය යනු පෘථිවියේ උතුරු සෞම්‍ය කලාපයේ අවසානයට ඉතිරිව පවතින විශාල, බොහෝදුරට යථාස්ථ පරිසර පද්ධතීන් අතුරින් එකකි. එහි කොටසක් යෙලෝස්ටෝන් ජාතික වන උද්‍යානයේ පිහිටා ඇත. කළමණාකරනය පිළිබඳ පවතින විරෝධයන් විවාදාත්මක වී ඇත. පරිසර පද්ධති කළමණාකරණය ප්‍රචලිත කරන සංරක්ෂණ කණ්ඩායම් වල ප්‍රධාන භූමි භාගයකි යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය යනු භූදර්ශන පරිසර විද්‍යාව සහ භූ විද්‍යාව සඳහා ලෝකයේ අග්‍රගන්‍ය විද්‍යාගාරයක් වන අතර ලෝකයේ කීර්තිමත් විනෝදය සඳහා වූ භූමි භාගයක්ද වේ. එමෙන්ම එය යෙලෝස්ටෝන්හි වෙසෙන සතුනට නිවසකි

යෙලෝස්ටොන් ජාතික උද්‍යානයේ, ගිබන් නදිය අසබඩ ගැවසෙන බයිසන් ගවයින්.


ඉතිහාසය[සංස්කරණය]

යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ මායිම් 1872දී ප්‍රදේශයේ සියලු භූතාප ද්‍රෝණි ඇතුලත් කිරීමේ අදහසින් අභිමතානුකූල ලෙස අඳින ලද අතර වෙනත් භූ දර්ශණ කිසිවක් ඇතුලත් කර නොනන්නා ලදී. කෙසේ උවත් 1970 දශකයේදී අලු පැහැ වලසුන්ගේ(Ursus arctos) හැසිරීමේ සීමාව සළකුණු කිරීම මහා යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ ප්‍රථම අවිධිමත්,අවම, සීමා සළකුණු කිරීමයි. එය අවම වශයෙන් 16000km2 (අක්කර 4000000 ) ක් විය . එතැන් සිට මේ මහා පරිසර පද්ධතියේ ප්‍රමාණය ක්‍රමයෙන් විශාල විය. වර්ෂ 1994දී කරන ලද අධ්‍යයනයකින් එහි ප්‍රමාණය 768890km2 (අක්කර 1900000 )ක් ලෙස වර්තා විය. සමස්ථයක් ලෙස මහා යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ ඒකාබද්ධ පාලක මණ්ඩල ප්‍රදානීන් කියන පරිදි එහි ප්‍රමාණය 80000 km2 (අක්කර 20000000 ) දක්වා වැඩිවී ඇත.

එක්සත් ජනපදයේ පොදු ඉඩම්, වනෝද්‍යාන හා විනොඅදාත්මක කටයුතු පිළිබඳ මන්ත්‍රී මණ්ඩල නියෝජිතයින්ගේ අනුකාරක සභාවන් 1985දී යෙලෝස්ටෝන් වනෝද්‍යානය පිළිබඳව ඒකාබද්ධ අනුකාරක සභාවක් පවත්වන ලදී.එහි ප්‍රතිඵලයක් ලෙස 1986දී පර්යේෂණ සේවය පිළිබඳ සම්මේලනය හා නියොජිත ආයතන අතර සමායෝජනයේ අඩු ලුහුඬුකම් සහ ප්‍රදේශයේ අත්‍යාවශ්‍ය අගයන් අන්තරාදායක තත්වයක පවතින බවට වර්තාවක් ඉදිරිපත් කලේය.

ගැලටින්, කස්ටර්, කරිබුටාර්ගී, බ්‍රිජර් ටෙටන් සහ ශොෂොන් යනු සාමූහිකව කළමණාකරනය කරන යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය තුල ඇති වේනත් ජාතික වනාන්තරවේ. යෙලෝස්ටෝන් පරිසර පද්ධතියට පෞද්ගලිකව පවත්වාගන්නා ඉඩම් කිහිපයක් වටවී ඇති අතර ඒවා කළමණාකරනය කරන්නේ එ.ජ. රජය විසිනි.සාමාන්‍යයයෙන් නියෝඅග කර ඇති ප්‍රමණයටත් වඩා හොඳ මට්ටමකින් වාසස්ථාන ආරක්ෂා වීම සහතික කිරීමට යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ පිටතින් ජාතික වනාන්තර තුල වෙන් වෙන් වශයෙන් නොඉඳුල් වනාන්තර ප්‍රදේශ 10ක් පිහිටුවන ලදී.