මහජන සෞඛ්‍ය වැඩසටහන්

විකිපීඩියා වෙතින්

මහජන සෞඛ්‍ය සදහා වෛද්‍ය ක්ෂේත්‍රයට වඩා කැපී පෙනෙන ලෙස රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණ ද බොහෝ රජයන් විසින් රෝග වළක්වා ගැනීම ආබාධිත තත්වයන් වළක්වා ගැනීම හා වයස් ගත වීමේ දී ඇති වන බලපෑම් අඩුකර ගැනීම සදහා මහජන සෞඛ්‍ය වැඩසටහන්වල වැදගත්කම හදුනාගෙන ඇත. මෑත කාලයේදී සෞඛ්‍ය වර්ධනය කර ගැනීම පිණිස එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන මහජන සෞඛ්‍ය වැඩසටහන් විෂ්මය ජනක ලෙස දියුණුවක් පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස මානව වර්ගයාට වසර දහස් ගණනක් තිස්සේ පිඩාකාරී වූ වසූරිය රෝගය මෙම එන්නත්කරණ වැඩසටහන් මගින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකියාව ලැබුණි.

මෑත කාලයේදී මුළු ලෝකයම මුහුණ දෙන වඩාත් වැදගත් මහජන සෞඛ්‍ය ගැටළුව වන්නේ එච්.අයි.වී. / ඒඩ්ස් රෝගයයි. ෆ්රාන්ස් කෆ්කා, චාලට් බ්‍රොන්ටේ වැනි රචකයින් සහ සංගීත නිර්මාපකයෙකු වූ ෆ්රාන්ස් ෂූ බර්ට් වැනි පුද්ගලයන්ට ද එකල වැළදුනු ක්ෂය රෝගය මේ වන විට නැවත වරක් හිස ඔසවමින් පවතින්නේ ඒච්.අයි.වී / ඒඩ්ස් රෝගය හා සම්බන්ධ අනෙකුත් ආසාදන නිසාවෙන් සහ අනෙකුත් සම්මත ප්‍රතිජීවක ඖෂධ සදහා බැක්ටීරියාවන් ප්‍රතිරෝධීතාවයක් දක්වන බැවිණි.

අනෙකුත් ඉතා වැදගත් මහජන සෞඛ්‍ය ගැටළුවක් වන්නේ දියවැඩියාවයි. වසර 2006 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ අන්දමට ලොව පුරා අවම වශයෙන් මිලියන 171 ක් වූ ජනගහනයක් දියවැඩියාවෙන් පීඩා විදිති. මෙහි ප්‍රවණතාවය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර වසර 2030 වන විට මෙම සංඛ්‍යාව දෙගුණයක් විය හැකි බවට තක්සේරු කර ඇත.

මහජන සෞඛ්‍ය පිළිබදව වූ මත භේදාත්මක අංගයක් වන්නේ දුම්පානය පාලනය කිරීමයි. බොහෝ ජාතීන් දුම්පානය අවම කර ගැනීම සදහා සියළුම පොදු ස්ථානවල හා ඇතැම් ස්ථානවල දුම්පානය කිරීම වෙනුවෙන් නීති සම්පාදනය කිරීම හා බදු අය කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇත. සංවර්ධනය වූ රටවල්වල මරණ ඇති කිරීමට දුම් පානය ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් එම රටවල රජයන් සතු වගකීමක් ලෙසට අක්‍රීය දුම්පානය පාලනය කිරීම හා දුම්පානය සදහා අවම අවස්ථාවන් ලබාදීම මගින් මරණ අනුපාතය අඩු කළ හැකි බවට සාක්ෂි යෝජනා වී ඇත. ප්‍රතිවාදීන් සදහන් කරන අන්දමට මෙමගින් පුද්ගලයෙකුගේ නිදහසට සහ වගකීම්වලට පීඩා පමුණුවන අතර එමගින් වඩාත් හොද මහජන සෞඛ්‍යයක නාමයෙන් රජය මගින් වඩවඩාත් තෝරාගැනීම් ඉවත් කිරීමට ධෛර්ය සැපයීමක් සිදු කරන බවට ඔවුහු විශ්වාස කරති. කෙසේ නමුත් යෝජකයන් සදහන් කරන අන්දමට අක්‍රීය දුම්පානය මගින් අන්‍යයන් හට රෝග ඇති කිරීම මානව අයිතිවාසිකමක් නොවන අතර ඔවුන් හට තමාගේ නිවස තුළදී දුම්පානය කිරීමට නිදහස ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Public_health#Public_health_programs

"https://si.wikipedia.org/w/index.php?title=මහජන_සෞඛ්‍ය_වැඩසටහන්&oldid=472640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි