මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණය

විකිපීඩියා වෙතින්
                                               විෂය නිර්දේශය

• මහජන සම්බන්ධතාව හඳුන්වා දීම • මහජන සම්බන්ධතා නිර්වචන • මහජන සම්බන්ධතා ප්‍රභේද  අභ්‍යන්තර සන්නිවේදනය(Internal Communication)  බාහිර සන්නිවේදනය(In sternal Communication) • ප්‍රජා සම්බන්ධතා • සංස්ථාපිත සමාජීය වගකීම • අර්බුද කළමණාකරණය • ආපදා සන්නිවේදනය • දේශපාලන මහජන සම්බන්ධතා • අලවිකරණ මහජන සම්බන්ධතා • සන්නිවේදන කළමණාකරණය • ජාත්‍යන්තර සම්බන්ධතා • පාරිභෝගික සම්බන්ධතා • මහජන සම්බන්ධතා විධි ක්‍රම  පුවත් හසුන(News Letter)  වාර්ෂික වාර්තාව(Annual Report)  දැන්වීම් පුවරුව(Notice Board)  ප්‍රදර්ශන(Exhibitions)  පොත් පිංච සහ අත්පත්‍රිකා  වාර්ෂික සැලැස්ම(Annual Plan)  විද්‍යුත් තැපෑල(E-mail)  සමාජ ජාල මාධ්‍ය  දින දර්ශන(Calendars)  සුභාශිංසන පත්‍රිකා  විනෝද චාරිකා  ප්‍රවෘත්ති සාකච්ඡා  පුවත් නිවේදන(press releases) • මහජන සම්බන්ධතා ආරම්භය සහ ඉතිහාසය • මහජන සම්බන්ධතා නිළධාරියා/කාර්ය සහ කාර්යභාරය


                                        මහජන සම්බන්ධතාව හඳුන්වා දීම

පුද්ගලයෙකුට තනිව ජීවත් විය නොහැකිය.එබැවින් මහජන සම්බන්ධතාව ද මානවයා තරම් ම පැරණි වූවකි.එය විවිධ යුග පසු කරමින්,විවිධ සංස්කරණයන්ට ලක් වෙමින් අවිධිමත්ව මේ තෙක් පැමිණ;වර්තමානය තුළ විධිමත්ව,ක්‍රමවත්ව භාවිතයට ගැනේ.ඒක මාර්ගික හා ද්වී මාර්ගිකව සිදු වන සන්නිවේදනයේ දී බොහෝ විට මහජන සම්බන්ධතාවය ද්වී මාර්ගික ස්වරූපයක් ගත් අතර යම් ආයතනයක,ව්‍යුහයක හෝ පුද්ගලයකු හා සමස්තව අදාළ වූත්,සහසම්බන්ධතා දක්වන මහජනතාව තුළ පෙර කී ව්‍යුහයන් පිළිබඳ ඇතිවන ප්‍රතිරූපය වර්ධනයට හේතු වේ.ගෝත්‍රික ශක්තිවන්තයා නායකයා වී ඇති අතර සියලු දෙනා ම ඔහුට යටත් විය.ඔහුගේ මතය නිතරඟයෙන් ම පොදු මතය විය.සන්නිවේදනය ඒක මාර්ගික විය.එහෙත් තරමක් දියුණු වූ පසු සන්නිවේදනය ද්වී මාර්ගික වූයේ ජනතාව තර්ක විතර්ක ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.ඒ බොහෝ විට ඒවා නිවැරදි තර්ක වීම නිසාය.ගෝත්‍ර නායකයා අත්තනෝමතිකව ජනතාව පාලනය කළත් තරමක් මහජනයාට සවන් දී මහජන සම්බන්ධතාව යම් තරමකට ගොඩනැඟී ඇති බව බර්ට්‍රන් රසල්ගේ Wisdom of west හි සවිස්තරාත්මකව පවසයි.පසුව රාජ්‍ය පාලන යුගය පැමිණි පසු මහජන සම්බන්ධතාව තරමක් වර්ධනය විය.ඒ සඳහා රජවරුන් වෙස්වලාගෙන ගම් නියම්ගම් පුරා සැරිසරන ලදි.තව ද අනුශාසකයන් ලෙස මහජන සම්බන්ධතා නිලධාරීන් සිට ඇත.බොහෝ විට මිසරය,ඊජිප්තුව වැනි දියුණු ශිෂ්ටාචාරයන්හි මෙය ඇරඹිණි.ඊට පූජකවරු කටයුතු කර ඇත.වර්තමානයේ මහජන සම්බන්ධතාවේ නව ප්‍රවණතා වර්ධනය වෙමින් ඇත. ලාංකේය නිදසුන්: අතීත රජවරු ස්වකීය අනුශාසකයින්,වන්දිභට්ටයින්,පුරෝහිතයන් හා බොහෝ විට ආගමික නායකයින් පවා මහජන සම්බන්ධතා නිලධාරීන් ලෙස කටයුතු කර ඇත.ඊට අමතරව රජුන් වෙස්වලාගෙන ගම් තුළ සැරිසරා ඇත.තව ද සිංහල සංස්කෘතිය තුළ මහජන සම්බන්ධතාවෙහි අංග තිබී ඇත.

• වර්තමාන ගැමි නිවෙස් තුළ බුලත් අතක් දී පිළිගැනීම • පිලට පැදුර දමා පිළිගැනීම • ආහාර පාන සපයා දී ආගන්තුක සත්කාර කිරීම • තේ කෝප්පයක් පිළිගැන්වීම ලාංකේය ආගමික නිදසුන් • බෝධි පූජා ආරම්භයේ දී ඝණ්ඨාර නාදය • පල්ලියේ ඝණ්ඨාර නාදය,යාතිකා හඬ • පිරිත් සජ්ඣායනයේ දී ඊට පළමුව හේවිසි නාදය • වෙසක් කාලයට දන්සල් දීම • වෙසක් කූඩු,තොරණ සෑදීම ඉන්දියානු සමාජය තුළ • මංගල උත්සව • රාජ්‍ය නායකයින්ව සුදු සළුවක් දමා පිළිගැනීම • සංග්‍රහශීලී බව අප්‍රිකානු සමාජය • අමුත්තන් සංග්‍රහශීලීව පිළිගැනීම • ඉහළ ආගන්තුක සත්කාරය • අමුත්තාට සිය බිරිඳ සමඟ රැයක් ගත කිරීමට අවස්ථාව ලබා දීම ඒ අනුව ආයතනයක් හා බැඳී සිටින පාර්ශවකරුවන්(මහජන කොටස්)අතර ආයතනය පිළිබඳ ප්‍රතිරූපය(Image)සහ හොඳ හිත(Good will)නිර්මාණය කොට,පවත්වා ගෙන යමින්,වර්ධනය කරගැනීමේ සමස්ත ක්‍රියාවලිය මහජන සම්බන්ධතාවය ලෙස හැඳින්විය හැකි ය.

                                        මහජන සම්බන්ධතා නිර්වචන

සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය තුළ නිරන්තරයෙන් ම කතාබහට ලක් වන මාතෘකාවක් ලෙස මහජන සම්බන්ධතාව හැඳින්විය හැකිය.මේ පිළිබඳ වඩාත් විධිමත් අර්ථකථනයක් ලබා දෙන්නේ නම් “කිසියම් සමාගමක්,නිෂ්පාදනයක් හෝ පුද්ගලයෙක් ඒ පිළිබඳ හොඳ හිත( Good will) එසේත් නැතිනම් අවබෝධය සහ මහජන ප්‍රතිරූපය (Public image) ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මහජන සම්බන්ධතාව ලෙස හඳුන්වයි.” ජන මතය තුළින් ප්‍රතිරූපය ගොඩනැඟේ.ජනතාව සිතන පතන ආකාරය ජන මතය කෙරෙහි බලපායි.

 එඩ්වඩ් බර්නිස්(1961)නිව්යෝර්ක් විශ්ව විද්‍යාලය ඇමරිකාව 1. “මහජනතාව දැනුවත් කිරීම 2. මහජනතාව ප්‍රලෝහනය(පෙළඹවීම) කිරීම 3. මහජනතාව ඔවුනොවුන් සමඟ එකිනෙකට අන්තර් ක්‍රියාකාරී කරවීම මහජන සම්බන්ධතාව නම්වේ.”

 ලොව ප්‍රකට වෘත්තීය ආයතනයක් වන ඇමරිකා එක්සත් ජනපද මහජන සම්බන්ධතා සමාජය(Public Relations Society of America) “මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක් එහි මහජනතාව සමඟ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීම සහ එය පවත්වා ගෙන යාම සඳහා හිතාමතා ම ඕනෑකමින් ම සංවිධානය කරනු ලබන මෙන් ම පවත්වා ගෙන යනු ලබන උත්සහයන් වේ.” (මහජන සම්බන්ධතා නිලධාරියා යුධ බිමෙහි සිටින සෙබලෙකු වැනි ය.කුමන දිශාවකින් ඔහු වෙත ප්‍රහාරයක් එල්ල වුව ද ඒ සියල්ල මැඩ පවත්වයි. මහජන සම්බන්ධතා නිලධාරියා ද කුමන ගැටළුවක් පැමිණිය ද ඒවා මනා ලෙස විසඳයි.)

 හර්බට් එම්. බෝස්

“මහජන සම්බන්ධතාවය යනු දර්ශනය,සමාජ විද්‍යාව,ආර්ථික විද්‍යාව,භාෂාව,මනෝ විද්‍යාව,ජනමාධ්‍යවේදය,සන්නිවේදනය සහ වෙනත් විෂය ක්ෂේත්‍ර ගණනාවක සංකලනය ඔස්සේ මානව අවබෝධය සඳහා වන ක්‍රමවේදයකි.”

 චාර්ල්ස් ප්ලැකාඩ් “යහපත් හදවතක් තුළින් ගොඩනැඟෙන මානව විශිෂ්ටත්වය මහජන සම්බන්ධතාවයි.” (මහජන සම්බන්ධතා නිලධාරියා සතුව හැම මිනිසකුට ම ගරුත්වයක් දිය හැකි හදවතක් තිබිය යුතු ය.තවකෙකුගේ සතුට භුක්ති විඳිය හැකි මානවීයත්වයක් තිබිය යුතු ය.ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකු වැනි ය.වෛද්‍යවරයා ඉතා සියුම් ලෙස සැත්කම් කර රෝගියාගේ ජීවිතය රකින්නාක් මෙන් මහජන සම්බන්ධතා නිලධාරියා ද ඇතිවන ගැටළු/අර්බුද නිරාකරණය කර ආයතනයේ ප්‍රතිරූපය රැකගනී.)

 ජෝන් එෆ්. මෙරඩි ඇමරිකානු මහජන සම්බන්ධතා සංවිධානයේ හිටපු සභාපති “සතුටුදායක මතයක් ගොඩනැඟීමෙහිලා හේතුවන සියලු ම විෂය කරුණු මහජන සම්බන්ධතාව වේ.” (හැමටම එක හා සමාන අවස්ථා ලබා දිය යුතු ය.එක සමාන සැලකිල්ලක් දැක්විය යුතු ය.ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් ගමන අතරවාරයේ දී ආහාර පාන වැනි සත්කාර තුළින් පාරිභෝගිකයා තුළ සතුටුදායක මතයක් ගොඩනඟයි.එමඟින් ඔවුන්ගේ ප්‍රතිරූපය වර්ධනය වේ.වපුරන දෙයට අනුව අස්වැන්න ලැබේ.යාදිසං වපතේ බීජං.තාදිසං හරතේ ඵලං............)(විවිධ ආකාරයේ මිනිසුන් සිටින සමාජයේ මහජන සම්බන්ධතා නිලධාරියා ඔවුන් සියල්ලන්ගේ සිතුම් පැතුම් හඳුනා ගත යුතු ය.)

 ජෝන් ඩබ්. හිල් “යම් සංවිධානයක සුපරික්ෂාකාරී අවධානයකින් යුතුව හොඳ හිත ගොඩනැඟීමෙහිලා යොදා ගනු ලබන ඕනෑ ම ව්‍යාපාරික හෝ වෙනයම් කළමණාකරණ කෘත්‍යයක් මහජන සම්බන්ධතාවය නම් වේ.” මෙහි දී ජන මතය(Public Opinion)කළමණාකරණය කරනු ලබයි.එනම් ආයතනය හා සම්බන්ධව ඇතිවන තත්ත්වයන්(ගැටළු/අර්බුද)වලට අදාළව ඒ ඒ මහජන කොටස් පොදුවේ සිතන පතන ආකාරය හෙවත් ජන මතය ආයතනයට වාසිදායක වන අයුරින් හසුරුවීමයි.හැඩගැස්සවීමයි.(ආයතනික මට්ටමින් විනෝද චාරිකා,අවුරුදු උත්සව,හොඳ ම සේවකයා මාසිකව තේරීම)

 ඉතා ම ප්‍රකට මහජන සම්බන්ධතා වෘත්තීය සඟරාවක් වන ඇමරිකාවේ ෆෝචූන් සඟරාව “වඩාත් හොඳ කාර්ය සාධනයක් ප්‍රසිද්ධියට පත් වන්නේ ප්‍රමාණවත් ආකාරයෙන් එය සන්නිවේදනය වූ විට ය.එය මහජන සම්බන්ධතාව ලෙස දැක්විය හැකිය.” එනම් යම් සංවිධානයක්/භාණ්ඩයක්/පුද්ගලයෙක් හෝ සේවාවක් කෙතරම් උසස් මට්ටමක තිබුණ ද ඒ පිළිබඳ වඩාත් හොඳ සන්නිවේදනයක් හෙවත් දැනුවත් භාවයක් ඇති කිරීම තුළින් ඒ හා සමඟ වඩාත් විශිෂ්ට මහජන සම්බන්ධතාවක් ගොඩනැංවිය හැකිය.(අවුරුදු,නත්තල් සමයේ දී සුබ පැතුම්පත් එවීම(බැංකු,දේශපාලන පක්ෂ),වෙසක් කාඩ් එවීම)

Some are born great, Some achieve greatness, And Some hire PUBLIC RELATION OFFICERS. ඇතමුන් උපතින් ම විශිෂ්ටය, ඇතැම්හු විශිෂ්ටත්වය ලඟා කරගනිති, එසේ නොවන්නන් මහජන සම්බන්ධතා නිලධාරීහු ලඟ තබා ගනිති. (Deniel J. Boorstin ඩැනියෙල් ජේ. බූස්ටයින්)

19.04.2017

                                              මහජන සම්බන්ධතා විධි/උපාය උපක්‍රම සහ මෙවලම්

1. හොඳ හිත වර්ධනය කිරීම තම පාර්ශවකරුවන් සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගත යුතු ය.ගැටළු/අර්බුද ඇති වන අවස්ථා අවම කර ගනිමින් වළක්වා ගත යුතු ය.ඕනෑ ම ආයතනයක් ගත් විට විවිධ පාර්ශවකරුවන් සිටී.එනම් අභ්‍යන්තර සහ බාහිර පාර්ශවකරුවන් වශයෙනි.ආයතනයක් සාර්ථකව පවත්වා ගෙන යා හැකි වන්නේ ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගතහොත් පමණි.

2. පුද්ගල ප්‍රතිරූපය පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ප්‍රතිරූපය හොඳ වීමට නම් ක්‍රියාව හොඳ විය යුතු ය.අන් පාර්ශවයන් ගැන සිතන,ඔවුන්ට සවන් දෙන්නෙකු විය යුතු ය.හොඳ ප්‍රතිරූපයක් නිසා ආයතනයක් දියුණු වී ලාභ ලබන තත්ත්වයට පත්වේ.රටක අනාගතය/ප්‍රතිරූපය තීරණය වන්නේ එම රටෙහි පාලකයන්ගේ ප්‍රතිරූපය මත ය.එදෙස සාමාන්‍ය ජනයා බලා සිටී.ඔවුන්ගේ ප්‍රතිරූපය නොනිසි කල ඔවුහු ද එසේ කිරීමට පෙළඹෙති. වෙළඳ දැන්වීමකින් සිදු කරනු ලබන්නේ අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමයි.එමඟින් ඉහළ අලවියක් බලාපොරොත්තු වේ. භාණ්ඩ සහ සේවාවන්හි ප්‍රතිරූපය ඉහළ නංවමින් වර්ධනය කරනු වස් ඉහළ ප්‍රතිරූපයක් හිමිපුද්ගලයින් යොදා ගනු පෙනේ.නීතිය සහ ඉංග්‍රීසි පිළිබඳ මනා ප්‍රවීණත්වය ලත්,ලෝකය ම පිළිගත් ක්‍රීඩකයෙකු වන

කුමාර සංගක්කාර	 		 -ඩයලොග්	 	 හච්	 	 එයාර්ටෙල්	 	 කාගිල්ස් සුපර්	 	 ප්‍රීමා නූඩ්ලස්

ඇන්ජලෝ මැතිව්ස් -මයිලෝ ග්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම -එමරල්(ඩ්) ෂර්ට් එමෙන් ම ජනප්‍රිය චරිත,නළු නිළියන් රූපලාවන්‍ය ද්‍රව්‍ය හා සම්බන්ධ වෙළඳ දැන්වීම් සඳහා යොදා ගනු පෙනේ.මෙමඟින් පාරිභෝගිකයෝ අවිඤඥාණිකව එම භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට පෙළඹෙති. දේශපාලන චරිත පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වසර ගණනක් තිස්සේ හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟාගෙන සිට එම ප්‍රතිරූප බිඳ වට්ටවා ගත් චරිත රැසකි. රනිල් වික්‍රමසිංහ -බැඳුම්කර සිද්ධිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,එස්.එම්.මරික්කාර් -මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම

                                              මහජන සම්බන්ධතා මෙවලම්

සාම්ප්‍රදායික මහජන සම්බන්ධතා මෙවලම්

ඩිජිටල් යුගයට පෙර පැවති(Internet,Twitter වැනි සමාජ ජාලයන්හි ආගමනයට පෙර යුගය) 1. ප්‍රවෘත්ති නිවේදන(press releases) A4 කොළයක එක් පැත්තක හෝ දෙපැත්තෙහි ම යම් වැදගත් අවස්ථාවක ගත් තීරණ ආදිය පිළිබඳ සඳහන් කරමින් ඉදිරිපත් කරන නිවේදනයකි. නිදසුන් -කැබිනට් තීරණ,දේශපාලන පක්ෂ රැස්වීම්,විවිධ ආයතන,ජනපති,අගමැති,විශ්ව විද්‍යාල 2. පොත් පිංච(booklets) කොළ 4ක් පමණ අමුණා සකස් කරන ලද ලියවිල්ලකි.බොහෝ ආයතනවල ඉදිරිපස අමුත්තන් රැදෙන ස්ථානයේ පොත් පිංච රඳවා තබයි. නිදසුන් -අවුරුදු සමයේ දී රෙදිඅලවිසැල්,රූපලාවන්‍යාගාරවලින් බෙදා දෙන පොත් පිංච,උපකාරක පන්ති මඟින් උ/පෙළ,සා/පෙළ ප්‍රතිඵල මුද්‍රණය කර ලබා දෙන පොත් පිංච 3. විස්තර පත්‍රිකාව(broachers) එක් කොළයක් පැති කිහිපයකට නවා,එම සෑම පැත්තක් ම භාවිත කරමින්,කලාත්මකව,ආකර්ෂණීයව,වර්ණවත්ව සහ සංක්ෂිප්තව විස්තර ඉදිරිපත් කරන ලියවිල්ලකි.එය කියවීමෙන් පසුව ද ලඟ තබාගෙන නැවත නැවත භාවිත කරයි. නිදසුන් -සංචාරක කර්මාන්තයේ දී නැරඹිය හැකි ස්ථාන සඳහන් කරන ලද විස්තර පත්‍රිකා 4. ප්‍රවෘත්ති හසුන(Newsletter) ආයතනයේ අරමුණු,දැක්ම,සේවකයින් ලැබූ ජයග්‍රහණ ආදී කරුණු විස්තරාත්මකව දක්වමින් ඒවා අභ්‍යන්තර සහ බාහිර පාර්ශවකරුන්ට සන්නිවේදනය කිරීම සඳහා ප්‍රවෘත්ති හසුන ඉදිරිපත් කරයි. මෙය මුද්‍රණයක් ලෙස මෙන් ම වෙබ් අඩවිවල මෘදු පිටපතක් ලෙස ද ඉදිරිපත් කළ හැකි ය.ඇතැම් ආයතනවල මාසිකව හොඳ ම සේවකයා තෝරා ඔහුගේ ඡායාරූපයක් සමඟ විස්තර ප්‍රවෘත්ති හසුනෙහි පල කරයි.එම විස්තර මාසයෙන් මාසයට යාවත්කාලීන කරයි.එමඟින් සේවකයා තෘප්තිමත් වන අතර ම සමස්ත සේවකයින් උත්තේජනයක් ලබයි.එනම් අභ්‍යන්තර පාර්ශවකරුවන් අතර මහජන සම්බන්ධතාවය තහවුරු වෙයි.මෙහි දී ආයතනය පිළිබඳ ප්‍රතිරූපය වර්ධනය කර ස්වකැමැත්තෙන් සේවය කරන තත්ත්වයට සේවකයාව පත් කරයි.එය ආයතනයට වාසිදායක තත්ත්වයකි.

 නවීන මහජන සම්බන්ධතා මෙවලම්

සාම්ප්‍රදායික මහජන සම්බන්ධතා මෙවලම් අතික්‍රමණය කරමින් නූතන මහජන සම්බන්ධතා මෙවලම් ව්‍යාප්ත වී ඇත. 1. වෙබ් අඩවි(web sites) 2. බ්ලොග් අඩවි(blogs) 3. ඊ-මේල්(e-mail) 4. සමාජ ජාල(fb,twitter ආදිය)(social networks) අද වන විට ප්‍රතිරූප නිර්මාණය කිරීමට සේ ම කඩා දැමීමටත්,මහජන සම්බන්ධතාවය ඇති කිරීමට මෙන් ම නැති කිරීමට ද හැකි ප්‍රබල සාධකයක් බවට නවීන මහජන සම්බන්ධතා මෙවලම් පත්ව ඇත.එය අද වන විට ලෝක නායකයින් තීරණය කරන සාධකයක් බවට පත්ව තිබේ. නිදසුන් -ඇමරිකානු ජනාධිපතිවරණයේ දී හිලරි ක්ලින්ටන් පරාජය වී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම.(විවිධ සමීක්ෂණ මඟින් හිලරි ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පල කල ද අවසානයේ දී ට්‍රම්ප් ජයග්‍රහණය කළේ ය.) -අරාබි වසන්තය සැබැවින් ම වසන්තයක් නොවුණි.ඉරාකයේ සදාම් හුසේන්,ලිබියාවේ ගඩාෆි වැනි නායකයින් මරා දැමීම.ශිෂ්ටාචාරයේ තොටිල්ල ඇලෙප්පෝව විනාශ කිරීම,ෆේස් බුක් තුළින් යුධමය වාතාවරණයකට නොගොස් අරාබිකරය තුළ ම සටන්කාමී තත්ත්වයක් ඇති කරවීම.රජය හා මහජනයා අතර මහජන සම්බන්ධතාව බිඳහෙලීම.