මහජන සම්බන්දතා

විකිපීඩියා වෙතින්

•මහජන සම්බන්දතා නිර්වචන

  • බ්‍රිතාන්‍ය මහජන සම්බන්දතා ආයතනයේ නිර්වචනය
   "මහජන සම්බන්දතා යනු,කිසියම් සංවිධානයක් හා එයට අදාළ ජනතාව අතර අනෝන්‍ය අවබෝධය ස්ථාපිත කර පවත්වගෙන යාම සඳහා සිතා මතා සැළසුම් සහගතව, ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයන්තයකි"
  • ඉන්දියානු මහජන සම්බන්දතා ආයතනයේ නිර්වචනය
   "මහජන සම්බන්දතාව යනු,යම් සංවිධානයක් හා එයට ඇදාළ මහජනයා අතර අනෝන්‍ය අවබෝධය හා කීර්ති නාමය ගොඩ නැංවීම හා පවත්වගෙන යාම සඳහා ගනු ලබන සැළසුම් සහගත හා කල් පවත්නා සියලු ප්‍රයන්තයන් ය"

•මහජනයා අර්ථගැන්වීම

         මහජනයා යනු කවුද? මහජනයා යනුවෙන් හදුන්වනු ලබන්නේ කිසියම් සමාජයක රටක ජීවත් වන පොදු ජනතාවයි. නමුත් මහජන සම්බන්දතා කාර්යේදී රටේම ජීවත් වන පොදු පිරිස 'මහජනයා' වශයෙන් නොසැළකේ. එහිදී සංවිධානයක් හෝ ආයතනයක් නියෝජනය කරන පිරිසක් පමණක් අයත් වේ.
°නිදසුන්- කිසියම් බැංකුවක මහජනයා යන්න එහි සාමාජිකයින් සියලු දෙනාම නියෝජනය වේ.එනම් පාරිභෝගික ජනතාව, සේවක සේවිකාවන්, නිළධාරීන් යනාදී සියල්ල අයත් වේ.
 මෙම මහජනයාට වෙනර්හ් සංවිධානයක ද සාමාජිකයෙකු විය හැකියි.

උදා: සිරිපාල පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයෙකු මෙන්ම ගමේ එක්සත් බෞද්ධ සංගමයේ ලේකම්වරයා ද වෙයි. තවත් අරුතකින් ගත් කල්හි එක් එක් සංවිධානයෙන් සංවිධානයට ඒවායෙහි සංයුතිය, ක්‍රියාකාරකම්, නියෝජනය, පිරිස වෙනස් විය හැකිය.

•මහජන සම්බන්දතා හැදින්වීම

සමාජයේ කිසිදු පුද්ගලයෙකුට තනි තනිව ජීවත් වීමට හැකියාවක් නැත. අනෝන්‍ය වශයෙන් බැඳීම් අනූව කටයුතු කල යුතුය. සමාජයේ පුද්ගලයක් අතර සිඳුවන බැඳීම විවිධාකාරය. එම බඳීම් පවත්වගෙන යනු ලබන්නේ සන්නිවේදනය හරහායි. මහජන සම්බන්දතාව යනුවෙන් හදුන්වනු ලබන්නේ ත් මෙම සමස්ථ ක්‍රියාවලිය යි. සමාජය තුළ කෙරෙන විවිධ සමාජ කාර්‍යයන් වලදී ද ඒවා සාර්ථක කරගැනීම සදහා මහජන සම්බන්දතාවක් අවශ්‍ය බව ඕනෑම අයෙක් අත්දැකීමෙන් දන්නා කරුණකි. ඒ නිසා ඔවුහු සම්ප්‍රදායික සමාජයේදි පවා මහජන සම්බන්දතා ක්‍රම සමාජ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා යොදා ගෙන ඇත. ලාංකේය සමාජ ක්‍රමය අධ්‍යනය කිරීමෙන් පෙනීයන්නෙ, එම මහජන සම්බන්දතා ක්‍රම නගරිකව, ග්‍රාමීයව, ප්‍රදේශ වශයෙන්, ආගම් වශයෙන්, ජාතීන් වශයෙන්, ස්ත්‍රී පුරුෂ සබදතා මත විවිධ වෙනස්කම් සහිතව භාවිතා කර ඇති බවයි.



Sanduni nisansala

"https://si.wikipedia.org/w/index.php?title=මහජන_සම්බන්දතා&oldid=469688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි